free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“දරාගැනීමේ හැකියාව නිසා කවද හරි මලක් පිපෙනකම් මම ඉවසීමෙන්බලාගෙන...

“දරාගැනීමේ හැකියාව නිසා කවද හරි මලක් පිපෙනකම් මම ඉවසීමෙන්බලාගෙන හිටියා.” – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

-

- Advertisment -spot_img

යුද හමුදාවේ නිලධාරියකු ලෙස වසර ගණනාවක් යාපනය අර්ධද්වීපය තුළ රාජකාරි කළ ඉසුරු පසුකලෙක ඉන් ඉවත්ව රංගනයට අවතීර්ණ වුවදදිගු කාලයක් ඔහු ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් ලබමින් රංගනය පිළිබඳ හදාරමින් සිටයා. බොහෝ දේ දරා ගනිමින් තමන්ට අවස්ථාවක් එනතුරු ඔහුබලා සිටියේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සාමාජිකයකු වූ ඉසුරු මහේන්ද්‍ර පෙරේරාගේවැඩමුළු සමඟද සම්බන්ධ වී තම දක්ෂතා ඔප්නංවා ගැනීමට සමත්විය. පොළොවෙන් මතුවන මිණි කැටයක අගය දැනෙන්නේ එය මනා සේ කපාඔප දැමූ විටය. ටෙලිනාට්‍ය 25කට වැඩි ගණනකට මෙන්ම චිත්‍රපට 20කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබාදීමෙන් ඔහු කොතරම්ඔපවැටුණු මැණිකක්දැයි ප්‍රේක්ෂකාගාරයට වටහා දීමට සමත්ව ඇත.

ඉසුරු රංගනයට අවතීර්ණ වූ කාලයේ කොයි විදියේ චරිතයක් කරන්නද ඔබට කැමැත්තක් තිබුණේ?

“මට ඕන වුණේ දෙබස් තියෙන චරිතයක් කරන්න. මොකද දිගු කාලයක් මට ලැබුණේ අතිරේක චරිත. පසුබිමෙන් දර්ශනය වන චරිත සමහර විටදෙබස් තියෙනවා කියලා එන්න කියපු චරිතවලත් දෙබස් තිබුණේ නැහැ. මට ලොකු වේදනාවක් නොදැනුණා නොවේ. ඒත් මා සතුව තිබූ දරාගැනීමේහැකියාව නිසා කවද හරි මලක් පිපෙනකම් මම ඉවසීමෙන් බලාගෙන හිටියා. 2009 වසරේදී චරිත් කොතලාවල අධ්‍යක්ෂණය කළ දෙන්නට දෙන්නාටෙලිනාට්‍යයේ තමයි ඒ. සෙනඟ දෙසීයක් විතර මැද හිටගෙන අත්පොළසන් දෙන්න තමයි තිබුණේ. ඔහු පවසන්නේ උපේක්ෂාවෙනි. මට ප්‍රධාන චරිතකියන හීනයක් තිබුණේ නැහැ. අතිරේක චරිතවලට පෙනී හිටිය, සතුරා, මිතුරා, පාපැදිකරු වගේ චරිත කරපු මට ඕන වුණේම දෙබස් තියෙනචරිතයක් කරන්න. මට මේ හීනය හැබෑ කරගන්න පුළුවන් වුණේ අවුරුදු 03ක කාලයක් බොහොම ඉවසීමෙන් බලන් ඉඳලා නාලක වෙදමුල්ලගේ ගජමුතු නිසා. ඇත්තම කිව්වොත් මට දිගින් දිගටම කතා කළේ අත්පුඩි ගහන්න. බයිසිකල්වල නැගලා යන්න, ගුටිකන්න, වගේ ඒවට. එදා ගජමුතුඑකේ තිබුණෙත් ඒ වගේ එකක්. කාර්යාලයක දර්ශනයක. එක ශිල්පියෙක් හිටියා ඔහුට හරියට දෙබස් කියගන්න බැරිව ප්‍රශ්නයක් ඇතිවුණා. ඒවෙලාවේ නාලක අයියා මට කතා කරලා ඇහුවා මල්ලි ඔයාට මේ දෙබස් ටික කියලා මේක කරන්න පුළුවන්ද කියලා. මම පාසලේදී නාට්‍ය කරලාතිබුණ කෙනෙක් නිසා හා කියලා බාරගත්තා. ඇත්තටම නාලක අයියාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට දුන්න ඒ අවස්ථාව ගැන. ඔහු අදජීවතුන් අතර නෑ. පසුව මට විවිධ අවස්ථා ලැබුණා. චරිතයක නමින් ප්‍රේක්ෂකයින් මාව අඳුනාගත්තේ පියරත්න චරිතයෙන්. මලී ටෙලිනාට්‍යයට මාවතෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණයකින්. සුනන්ද සිල්වා සහ ජානක සිරිවර්ධන මහත්වරුන් තමා මාව තෝරා ගත්තේ. මට මේ ක්ෂේත්‍රයේ කිසිවක්දෝතට ලැබිලා නැහැ. මොකද මගේ තාත්තා නිෂ්පාදකවරයෙක්වත් අධ්‍යක්ෂවරයෙක්වත් නොවෙයිනේ. ගහකින් බිමට වැටුණ බීජයක් යහමින්පොළාව හඳුනගෙන පැළවුණාම අතුපතර විහිදන ශක්තිමත් ගහක් වෙනවා කියන එක මම විශ්වාස කරනවා.“

ඔහුට කිසිදු අමනාපයක් තරහක් නැත. ඔහුගෙ විශ්වාසය තුළ ඔහු ආ ගමන විශිෂ්ඨය.

ඉසුරු, ඔබ රංගන ශිල්පියකු වගේම හඬකැවීම් ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා නේද?

“මම හඬකැවීම් ශිල්පියකු වශයෙන් ජනාදරය දිනූ චරිත කිහිපයක්ම තියෙනවා. සිරසේ තුසිත කරවිට සහ අතුල ජයසිංහ කියන නම් දෙක මම සිහිකරන්නේ ගොඩක් ආදරෙන්. මහගෙදර ටෙලිනාට්‍යයේ ජොයිදීප් තමයි මුලින්ම ප්‍රේක්ෂක කතාබහට ලක්වුණු චරිතයක් වුණේ. Boys of Flowers ටෙලි නාට්‍යයෙහි ගූ ජුන් පියෝ තමයි අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණේ. දැන්නම් රංගනයත් එක්ක හඬකැවීම්වලට ලැබෙන කාලය අඩුයි. මම මේසියල්ලත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් කටයුතු කරනවා. මෑතකදී, හිරු සහ ස්වර්ණවාහිනී නාලිකාවල නත්තල් වැඩසටහන්02ක් ඉදිරිපත් කළා. ඊට අමතරව ඉතින් වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කළා. මේ වෙද්දී ඔහු රඟපෑ චිත්‍රපට 8ක් පමණ තිරගත වී ඇති අතර තවත්11ක් පමණ ඉදිරියේදී තිරගත වනු ඇත.

මේ දිනවල උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගිනිමල් පොකුරු සහ බෙනට් රත්නායක මහතාගේ කවුරුවත් දන්නෙ නෑ ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයාහමුවන ඉසුරු සිහින ගෙනෙන කුමාරියේ සහ රහයි ජීවිතේ නාට්‍යය තුළින් ටෙලි තිරයෙන් අපේ නිවසට පැමිණෙයි. සිනමාව තුළ දිගු ගමනක් යන්න ස්ථාවර වෙන්න මට ලොකු හීනයක් තියෙනවා. ඒත් පවතින වසංගත තත්ත්වයත් එක්ක ඒ හීනය ඈතට යයිදෝ කියලත් හිතෙනවා. අප රට පමණක් නොව ලොවම වෙලාගෙන ඇති මේ ව්‍යසනයට රංගන ශිල්පියකු ලෙස ඉසුරු දකින හීනය ඈතට ගෙන යන්නට නොහැකි වේවායි අපපතමු. මන්ද ඔහුට සිනමාව තුළ විශාල වැඩකොටසක් කළ හැකි බව ඔහු පෙන්වා ඇති බැවිනි.”

කවදා හරි මේ චරිතය මගේ වුණා නම් කියලා හිතුණ චරිතයක් ගැන ඇහුවොත්, මොකක්ද දෙන උත්තරය?

“2 ග්ලැඩියේටර් චිත්‍රපටයේ Maximus චරිතය. Russell Crowe විසින් තමයි එය නිරෑපණය කළේ, අපේ සිනමාවේ නම් පුරහඳ කළුවර චිත්‍රපටයේජෝ අබේවික්‍රම මහතා නිරෑපණය කළ වන්නිහාමි චරිතය, භවදුක හා භවකර්ම චිත්‍රපටවල පේදුරු ලෙස ජැක්සන් ඇන්තනි මහතා කළ චරිතනිරෑපණය ඒවා අති විශිෂ්ඨයි. ඇත්තටම කිව්වොත් ජැක්සන් මහතා ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න. ඒ විතරක් නෙවෙයි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් එයාලා කරට කර කළ රංගනයන් කොහොමද? යාළුවො, සහෝදරයො වගේ ඒත් ක්ෂේත්‍රයට එකතු කරපු දේවල් කොතරම්ද? ඒකාලේ ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒත් ඔවුන්ගේ කැපවීම කොයිතරම් විශිෂ්ඨද? අද ඉතින් ඔය ඔක්කොම දේවල් තිබිලත් එන නිර්මාණකොහොමද?”

මේ ගමන එද්දි හිත රිදුණු තැන් එහෙම ඇති. අමතක කරන්න බැරි?

“කලිනුත් කිව්වා වගේ මම හරි ආසාවෙන් හිටියේ දෙබසක් කියන්න තියෙන චරිතයක් කරන්න. ඒත් දෙබස් තියෙනවා කියලා එන්න කියලා එහෙමනැතිවුණ අවස්ථා ඕනතරම් තියෙනවා. හරිම දුක්බරයි. මොකද ඒ දවස්වල දෙබස් තියෙනවා කිව්වොත් ගින්නකට පනින්න වුණත් ලෑස්තියි. ඒත්හමුදාවෙන් ලැබුව පුහුණුව නිසාම ඒ දේවල් දරාගෙන කාටවත් ගැති නොවී ස්වාධීන මිනිසකු ලෙස ඉන්න මට හැකිවුණා.”

මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබට අභියෝගාත්මක රංගනය හෝ රංගනයන් මොනවාද? කියලා අපි ඇහුවොත්?

“ඇත්තටම හැම චරිතයක්ම අභියෝගයක්. ඒ අතරින් හුස්ම චිත්‍රපටයේ රංගනය ලොකු අභියෝගයක් වුණා. මොකද ඒක ලෝක සිනමාවේ ඔබකලින් දුටු චරිතයක්. හැබැයි මම අද වෙනකම් ඒක නරඹලා නැහැ. ඉතින් මේ චරිතයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඇගයීම වගේම හොඳ ප්‍රේක්ෂකප්‍රතිචාරයක් ලැබුණා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඇත්තෙන්ම ඒ රංගනය ඇගයීම වෙනුවෙන් මගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට මම ගෞරවයෙන්ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගිනි අවි සහ ගිනි කෙළි හි රංගනය තමා මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානය. එහි රෑගත කිරීම්වලදී මුහුණදුන්බිහිසුණු අනතුර නිසා මට වසර දෙකකට ආසන්න කාලයක් රංගනයෙන් ඈත්වෙලා එක් තැනකට වී ගතකරන්න සිද්ධ වුණා. ඒ වගේම මේ දිනවලසිරසේ විකාශනය වන සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන රහයි ජීවිතේ නාට්‍යයේ චරිතය. Kumbalangi Nights කියන අතිශය ජනප්‍රියත්වයට පත්මලයාලම් චිත්‍රපටයේ Fahath fasil කියන අති දක්ෂ රංගන ශිල්පියා කළ රංගනය තමා මම රහයි ජීවිතේ තුළ නිරෑපණය කරන්නේ. Fahath කියන්නේනළු මැෂිමක්. පුදුම දක්ෂ රංගනයක්. ඉතින් මේ රංගනය මට පුදුමාකාර අභියෝගයක්. ඒක චිත්‍රපටයක්. හැබැයි මේක ටෙලිනාට්‍යයක්. ඉතින්ඇත්තටම හරිම දැවැන්ත අභියෝගයක්. මට මෙතෙක් ලැබුණ චරිත සියල්ලම එකිනෙකට වෙනස්. ඒකාකාරී චරිත, එකම රාමුවක චරිත මට ලැබිලානැහැ. මේ ක්ෂේත්‍රයේ රුඳී ඉන්න මම කළ කැපවීමේ ප්‍රතිඵල තමයි ඒ. හැමදෙයක් වෙනුවෙන්ම මාව නිර්මාණවලට යොදාගන්න සියලුමඅධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට පිටපත් රචකයන්ට සහය අධ්‍යක්ෂවරුන්ට සහ අනෙකුත් සහය දුන් සැමටම මම හිස නමා මගේ ගෞරවය පුදකරනවා. ඉසුරු යනු කොතරම් නිහතමානී කෘතවේදී රංගන ශිල්පියෙක්ද කියා අපට දැනෙන්නේ එබැවිනි.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you