පසිඳු සිංහාරගේ මේ දිනවල විකාශය වන රේස්, ගුග්ලි ටෙලිනාට්‍ය හරහා ඔහුගේ දක්‍ෂතාවයන් අපිට දැකගන්නට පුළුවන්. ඉතින් මහපොළොවටත්, කලාවටත්, හදවතින් ආදරය කරන මේ සොඳුරු මිනිසා ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට එක වෙමින් කතා කරේ මේ ආකාරයටයි.
පසිඳු ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති. කියමුකො ඔබ ගැන මුලින්ම විස්තර ටිකක්..?
මම පසිඳු සිංහාරගේ. මගේ ගම්පළාත් ආටිගල, හංවැල්ල. පාසල ගියේ ආටිගල කනිෂ්ඨ විiාලයට. උසස් අධ්‍යාපනය සඳහා හංවැල්ල මායාදුන්න විiාලයට ගියා. මම විවාහකයි. දැනට ගල්ගමුව ප්‍රදේශයේ තමයි පදිංචිය.
පසිඳුගේ මේ දවස්වල කලාකටයුතු කොහොමද..?
මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශවන ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘චූටියා’ ලෙසට රඟපානවා. ඒ වගේම ජයසේන අපොන්සු අධ්‍යක්‍ෂණය කරන ‘සන්තෑසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ ‘උංගා’ ලෙසට රඟපානවා. ඒ වගේම ‘රේස්’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.
‘චූටියා’ මොන විදියටද ‘ගුග්ලි’ තුළ ගලාගෙන යන්නේ..?
‘ගුග්ලි’ ටෙලිනාට්‍ය දරුවෙක් වටා ගෙතුණු කතාවක්. මම මෙතෙක් රඟපාපු නිර්මාණ අතර සුවිශේෂී චරිතයක් තමයි ‘චූටියා’ චරිතය. මට ඒ දරුවාගේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරන්න කියලා දරුවාගේ මාමා වගකීමක් දෙනවා. මුළු නාට්‍ය පුරාම ඒ දරුවා පසුපස යනවා. මමයි, මගේ මිතුරයි යනවා දරුවා හොයාගෙන කොළඹ ඉඳලා උඩවලවට. ඔය විදියට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ.
අපි දකින විදියට පසිඳුගේ රංගනයන් වැඩිහරියක්ම මැර චරිත..?
ඒ දේ මමත් පිළිගන්නවා. මම මේ වන විට ටෙලිනාට්‍ය තිහක විතර රඟපාලා තියෙනවා. ඒ අතරින් ටෙලිනාට්‍ය විසිදෙකක විතර මම දුෂ්ට චරිත නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම මටත් එය ප්‍රශ්නයක්. ගොඩාක් නිර්මාණවලින් මට කතා කරන්නේ දුෂ්ට චරිත සඳහා තමයි. සමහරු හිතයි මම කොටුවෙලා කියලා. ඒත් මට එවැනි චරිතම ලැබෙන්නේ මම දුෂ්ට චරිතවලට සාධාරණයක් කරන නිසා කියලයි හිතෙන්නේ. මගේ බාහිර පෙනුම, මගේ පෞරුෂත්වය, හඬ මේ හැමදෙයක්ම එයට ගැළපෙනවා ඇති. මමත් කැමැතියි විවිධ චරිත රඟපාන්න.
සාමාන්‍ය ජීවිතයේදී ඔබ කොයි වගේද..?
ඇත්තටම හාත්පසින්ම වෙනස්. මම කොණ්ඩ, රැවුල් වවලා ඉන්න කොට දුෂ්ටයෙක් කියලා නිර්මාණවල දකින චරිතවලට වඩා හාත්පසම වෙනස්, සරල කෙනෙක්. මම කොයි වෙලෙත් විනෝදයෙන් තමයි ඉන්නේ.
ෂූටින් බලන්න ගිහින් ආපු මේ ගමන ගැන මොකද හිතෙන්නේ..?
මට තවමත් හීනයක් වගේ. යුද හමුදා සොල්දාදුවෙක් ලෙසට කටයුතු කරපු මම දැන් ඉතාමත් කෙටි කාලයක් තුළ නළුවෙක් වෙලා. ආපස්සට හැරිලා බලන කොට සතුටක් තමයි තියෙන්නේ. අහම්බෙන් තමයි මම මේ ගමන ආවේ. මගේ මවුපියන් අද ලබන සතුට මට වචන නැහැ කියන්න.
1
2
3
4
5
6