free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන"අදටත් මම මගේ පොල්අතු ගෙදරට මාර ආසයි" - උදයකුමාරි

“අදටත් මම මගේ පොල්අතු ගෙදරට මාර ආසයි” – උදයකුමාරි

-

- Advertisment -spot_img

උදයකුමාරිට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

මම ආයෙත් අවුරුදු 15ත් 17ත් අතර කාලෙට යන්න ආසයි. ජීවිතේ මට ළමයෙක් විදිහට ලැබුණු හොඳම කාලය ඒ කාලයයි. මම පාසල් දෙකක ඉගෙන ගත්තා. මුලින්ම කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විදුහලෙනුත්, පසුව බත්තරමුල්ල මධ්‍ය මහා විදුහලෙනුත් ඉගෙන ගත්තා. පාසල් කාලය හරි සුන්දරයි. පාසල් කාලෙදිත් මම හරිම දඟයි. ඒකෙ කිසි වෙනසක් නැහැ. ලෝකය ගැන වගකීමක් නැතිව, ඔළුවේ කිසිම ප්‍රශ්නයක් නැතිව, හරිම සතුටින් හිටපු ඒ කාලය හරි සුන්දරයි. බරක් පතලක් නැතිව යාළුවෝ එක්ක සන්තෝසයෙන් හිටියා.

නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔබව ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

එහෙම ප්‍රතික්ෂේප වීම එකපාරට වෙන දෙයක් නෙමෙයි. මමත් මනුස්සයෙක්. කවුරුන් හෝ කෙනෙක් කුමන හෝ ක්ෂේත්‍රයකින් මාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ඉඟිවලින් මට ඒක මුලින්ම තේරෙනවා. මම අවුරුදු අටේ ඉඳන් මේ කලාව තුළ ගමනක් ආවා. ඒ නිසා මාව ප්‍රතික්ෂේප කරනවා කියලා දැනෙද්දිම මම එතනින් ඉවත් වෙනවා. හැබැයි එහෙම ඉවත්වෙලා මාව ප්‍රතික්ෂේප වෙන්න හේතු හොයලා බලනවා. මගේ අඩුපාඩු හොයලා, හදාගෙන ආයෙත් මම අලුත් කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රයට ඒවි.

නොකළ වරදකට ඔබට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත්..?

නොකරපු වරදකට දඬුවම් ලැබුණොත් මම මුලින්ම දඬුවම් විඳිනවා. හැබැයි ඒ දඬුවමට හේතුව, ඒක කාගේ කුමන්ත්‍රණයක්ද, කවුරුන් මැදිහත් වීමෙන්ද මට මෙහෙම දඬුවම් විඳින්න වුණේ කියලත් මම හොයලා බලනවා. මම නොකරපු වරදකට තනියම දඬුවම් ලබන්නේ නැහැ. මම මරාගෙන මැරෙන ගැහැනියක්. සාධාරණය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා මම තනියම ඒ දඬුවම් විඳින්නේ නැහැ.

උදයකුමාරි දේශපාලනයට එන්න අවස්ථාවක්, ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම ආරාධනාවක් ලැබුණොත් මම ඒ ආරාධනාව පිළිගන්නවා. මම දේශපාලනය සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙනවා. කලාකාරියක් විදිහට, මිනිසුන් එක්ක ඉන්න කෙනෙක් විදිහට මේ රටේ මිනිස්සු විඳින දුක, අඩුපාඩු ගැන අවබෝධයක් තියෙනවා. සමාජය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. එක් වතාවක් දේශපාලනයට එන්න මට ආරාධනාවකුත් ලැබුණා. ඒ වෙද්දි දරුවන්ගේ ඉගෙනීම නිසා මම ඒ ආරාධනාව බාරගත්තෙ නැහැ. ඒ නිසා ඉදිරියේදි හොඳ ආරාධනාවක් ලැබුණොත් මම ඒ ගැන හිතනවා.

හිතපු නැති වෙලාවක උදයකුමාරිට කෝටි ගණනක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

මුලින්ම මම මගේ පවුල ගැන බලනවා. මට ලොකු පවුලක් ඉන්නවා. මගේ අම්මලා අයියලා අක්කලා හැමෝම ගැන බලනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ බොහොම දුප්පත් අසරණ මිනිසුන් ඉන්නවා. ඔවුන් කලාවට පුදුම ආදරෙයි. මම පොඩි කාලේ කෑම බීමවලින් අඩුපාඩු තිබුණු කෙනෙක්. මගේ පවුලේ හත්දෙනෙක් හිටියා. තාත්තාගේ පොඩි වැටුපෙන් ඒ බඩවල් හත පුරවන්න අඩුපාඩුකම් ගොඩක් තිබුණා. කෑම බීමවල අඩුපාඩුකම් අපිට දැනුණා. එහා ගෙදර මිනිස්සුන්ට පයිප්ප තිබුණට අපිට පයිප්පයක්වත් තිබුණේ නැහැ. අපි වතුර ළිඳෙන් ඇදලයි පාවිච්චි කළේ. ඒ නිසා එහා ගෙදර පයිප්පේ සද්දය ඇහෙද්දිත් අපි ආසාවෙන් අහගෙන හිටියා. “අනේ අපිට පයිප්පයෙන් වතුර ටිකක් බොන්න තිබුණනම්” කියලා ඒ කාලේ අපි හිතුවා. අපිට ඒ කාලේ නැතිබැරිකම් තිබුණා. ඒ නිසා මට ලොකු දිනුමක් ඇදුණොත් මිනිසුන්ට ගෙවල් හදලා දෙනවට වඩා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න කෑම ටිකක් දෙන වැඩපිළිවෙලක් හදලා දෙනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරලා දාන්න, මකා දමන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ කරන්නෙ?

මගේ ජීවිතේ හැමදේම හරි සුවිශේෂියි. ඒ නිසා මගේ ජීවිතේ මකා දමන්න, අමතක කරන්න කිසිම තැනක් නැහැ. ධෛර්යවන්තව, දුක් විඳලයි මේ ගමන ආවේ. පොල්අතු පැලේ ඉඳන් අද තට්ටු තුනේ ගෙදරක ඉන්න විඳපු දුක මට අමතක කරන්න බැහැ. දුක් විඳලා, කැපවීම් කරලා ලබාගත්ත තැන ගැන මට මහා ආඩම්බරයක් තියෙන්නෙ. මගේ සැමියාත් කලාකරුවෙක්. අපි කලාවෙන් මේ හැමදේම ලබාගත්තෙ. ඒ නිසා කලාවට මම මාර ආදරෙයි. අදටත් මම මගේ පොල්අතු ගෙදරට මාර ආසයි. මගේ ජීවිතේ මකා දමන්න තැනක් නැහැ.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක යම් විෂයක් ගැන ඉගෙන ගන්න උදයකුමාරිට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් හදාරන විෂය මොකක්ද?

මම මැහුම් ගෙතුම් තවදුරටත් ඉගෙන ගන්න ආසයි. කොහොමටත් මට හොඳට ආහාර පිසින්න පුළුවන්. මැහුම් ගෙතුම් කරන්න පුළුවන්. පයිප්පයක් කැඩුණොත් මට ඒවා හදන්න පුළුවන්. (ඉලෙක්ට්‍රික්) වැඩක් වුණත් කරන්න පුළුවන්. ඒ හැමදේම ගැන මට යම්තාක් දුරකට හෝ දැනුමක් තියෙනවා. ඒ නිසා තව මැහුම් ගෙතුම් සම්බන්ධයෙන් මට ඉගෙන ගන්න ආසයි.

උදයකුමාරිට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

ඒ සම්බන්ධයෙන් මගේ ඔළුවේ අදහසක් තියෙනවා. මේ වෙද්දි තිර පිටපතක් ලියන්න දීලයි තියෙන්නෙ. ඒ නිසා ඉදිරියේදි ඒ ගැන බලමු.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනා විදෙස් රටවල රැකියා සඳහා යනවා. ඔබටත් විදෙස් රටක ඉහළ වැටුපක හොඳ රැකියාවකට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත්?

ඔව්.. මේ තියෙන තත්ත්වයත් එක්ක හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම යනවා. කලා ක්ෂේත්‍රයේ හිටපු කාලය ඇති කියලා මට වෙලාවකට හිතෙනවා. ඒ නිසා ඒ වගේ හොඳ අවස්ථාවක් ලැබුණොත් මම යාවි.

හොඳ අධ්‍යක්ෂකවරයෙකු යටතේ කරන නිර්මාණයකට හොඳ චරිතයකට උදයකුමාරිට ආරාධනාවක් ලැබෙනවා. හැබැයි අඩු ගෙවීමක් යටතේ. එහෙම වුණොත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරනවද?

කවදාවත් මම මිල මුදල් මත වැඩ කරපු කලාකාරියක් නෙවෙයි. මම මුල්තැන දුන්නෙ නිර්මාණවලටයි. එහෙම සල්ලි ගැන නොහිතා හොඳ නිර්මාණවලට මම දායක වෙලත් තියෙනවා. මේ හැමදේම සල්ලි නෙමෙයි. සල්ලිවලට කලාව විකුණන්න බැහැ. කලාව කියන්නෙ නිර්මාණයක් කරලා රසවින්ඳනයක් ලබාදීම මිසක් සල්ලිවලින් විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි.

1

2

3

4

5

6

7

8

9

10

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you