ප්‍රවීන රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි මහතා ලංකාව අතහැර දමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කරලා තියෙනවා. සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය වලටද දීර්ඝ කාලයක් මහඟු සේවාවක් ඉටුකළ එතුමා මුල්කාලයේදී පුජකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. ඉතින් ඔහු රට හැරයාම ගැන ප්‍රථම වරට හෙළිකරනු ලැබුවේ බුද්ධික ජයරත්න විසිනි. එම ෆේස්බුක් සටහන පහතින්..
“ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි…..
බුද්ධදාස විතානාරච්චි… ආදරණීය බුද්ධි අයියා අපි හැමෝම දැන ගත්තේ ජයන්ත චන්ද්‍රසිරිගේ.. ” දඩුබස්නාමානයේ සේතුපාල ගුරුන්නාන්සේ ” හැටියට.. දින කීපයකට කලින් ජයන්තගේ අලුත්ම නාට්‍යයේ …. ” නන්නත්තාර ” හී තමන්ගේ රගපෑම් සියල්ල හමාරකොට ජයන්ත වෙත පැමිණ ” ඔන්න මම ඔයාගෙන් පටන් අරන් ඔයාගෙන්ම ඉවරකලා” ස්තුතියි..! මට ලබාදුන් ඒ සතුටට… මම තව දවස් කීපයකින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා… දරුවෝ ලගට… කෙතරම් ද්‍යෛවෝපොගතද ඒක…
ජයන්ත එය කලින් දැන සිටියද මේ මොහොත හිතුවට වඩා ජයන්තව හැගීම්බර කල බව පැහැදිලිය.. ජයන්ත ආරෝපිත සැහැල්ලුවක් පෙන්නුම් කලද ඒ සැහැල්ලුව තුල හැගවී තිබුණු ගැබුර පාලනය කිරීමට දෙදෙනාගේ වැලද ගැනීමට නොහැකි විය.. …
ආදණීය බුද්ධි අයියේ……… ඔබ කොපමණ දක්ශ රංගණ ශිල්පියෙක්ද යන්නේ තීරණය ප්‍රේක්ශයා භාරයේම තබා ඔබ අතිශය සුන්දර මනුස්සයෙක් බව මා වගකීමෙන් කියමි…
සුන්දරයාණෙනි… ඔබව නතරකරගැනීමට තරම් අපි ශක්තිමත් නැත..
අපටද ඇත්තේ වර්ථමානය ගැන කළකිරීමකි..
අපේ අනාගතය ගැන විශාල භියකි…
ඔයා….
සතුටින් ඉන්න .. දරු මුණුපුරන් සමග…
ඔබට තෙරුවන්සරනයි !!”
1

2

3

4
5

6

7
