ඇය දඟකාරියක්. නමුත් උඩුගුවනේදී අපේකම රකින සුවිනීත ගුවන් සේවිකාවක් ද වනවා. පියුමාලි පාලමකුඹුර දූවිලි අහස” හදවතේ කතාව” දෙවෙනි ඉනිම” කුමී” සිª” ෂැඩෝ වැනි ටෙලි නාට්‍ය රැුසක් හරහා පුංචි තිරයෙන් ඔබ හමුවට ආවත් ඇය ගැන නොදන්නා දේ බොහෝමයි.
ෂැඩෝ ටෙලි නාට්‍යයේ නූරි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද ඉතින්?
“මේ චරිතයට දෙවිදිහකට ප්‍රතිචාර ලැබෙනවා. අපේ රටේ සංස්කෘතිය ගැන කතාකරන කොටසක් ඉන්නවනෙ. ඔවුන් කැමති නැහැ කොට ඇඳුම්අඳිනවාට. නමුත් අදකාලෙ කොටට අඳින එක අලූත් දෙයක් නෙමෙයිනෙ. මට ලැබිල තියෙන්නෙ දඟකාර චරිතයක් නිසා ගොඩක් දෙනෙකුගෙන්හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”
නූරි චරිතය පියුමාලිට ලැබෙන්නෙ කොහොමද?
“මේ ටෙලි නාට්‍යයට මාව යෝජනා කරන්නෙ මේනුක ප්‍රේමරත්න අයියා. අවසානයේ ඔඩිෂන් එකකින් පස්සෙ තමයි මාව තෝරා ගන්නෙ.”
ගුවන් සේවිකාවක් වන පියුමාලිට” නූරි අභියෝගයක් වුණේ නැද්ද?
“ඇත්තටම මේ චරිතය බටහිර ආරෙක එකක් නිසා මගේ රැුකියාව බාධාවක් වුණේ නැහැ. මොකද අපි අපේ ගමන් වාර වලදි මෙවැනි අය නිතරදකිනව. ඔවුන්ගේ ඉරියවු දකිනව. ඒ නිසා චරිතය ලොකු අභියෝගයක් වුණේ නැහැ.”
නූරිට පෙර මොනවද ලැබුණ චරිත?
“මගේ මුල්ම ටෙලි නාට්‍යය වුණේ ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්‍ෂණය කළ දූවිලි අහස.. මේ නාට්‍යයට අනුජ් කරලියද්ද අයිය තමයි මාව යෝජනාකරන්නෙ. ඉන් පස්සෙ ‘හදවතේ කතාව” දෙවෙනි ඉනිම” කුමී” බ්ලැක් ටවුන් ස්ටෝරි” සිª. වගේ තවත් ටෙලි නාට්‍ය කිහිපයක විවිධ චරිතවලට දායකවෙලා තියෙනවා.”
ප්‍රේක්‍ෂකයා ඔබ ගැන කතාවෙන්නෙ මොන චරිතය හරහාද?
“ෂැඩෝ හි නූරි සහ හදවතේ කතාවේ හිරෝෂිමා ටීච කියන චරිත හරහා ප්‍රේක්‍ෂකයා මං ගැන වැඩිපුරම කතා වෙනවා.”
නූරි ගැන මොකද හිතෙන්නෙ?
“නූරි කියන්නෙ මම හරි ආසාවෙන් කරපු චරිතයක්. මගේ සැබෑ චරිතය සහ නූරි අතර ලොකු වෙනසක් නැහැ. ඒ වගේම අපේ කණ්ඩායමත් මේචරිතය සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා.
ඔබේ රැුකියාව සහ ර`ගපෑම එකිනෙක ගැටෙන්නෙ නැද්ද?
“මම හැමවෙලාවෙම මූලිකත්වය දෙන්නෙ මගේ රැුකියාවට. ඒ නිසා මම වැඩ ගොඩක් එකවර භාර ගන්නෙ නැහැ. රැුකියාවෙන් ඉතිරි වෙනකාලය රඟපෑමට යොදා ගන්නවා.”
නූරි” අධ්‍යක්‍ෂවරයා වන නාලක විතානගේ සහ ඔබ අතර ආදරයක් ගොඩනඟල?
“ඔව්. බොහෝ දෙනෙක් හිතන්නෙ අපි අතර තියෙන සම්බන්ධය නිසයි මාව නාට්‍යයට තෝරා ගත්තෙ කියල. නමුත් ඇත්තටම වුණේ නාට්‍යයටසම්බන්ධ වුණාට පස්සෙ සම්බන්ධය ගොඩනගුන එක. මම ඇත්තටම ඔහුගේ චරිතයට ගොඩක් ආදරේ කළා. යම් යම් දේවල් මම අතහරින්න හදනවෙලාවල් වලදි ලොකු සහයෝගයක් ලබා දීලා මාව දිරිමත් කරන කෙනෙක් තමයි නාලක අයිය කියන්නෙ. මේ තේරුම් ගැනීමත් එක්ක අද වන විටඅපි විවාහ වෙන්න තීරණය කරල තියෙනවා.”
ඉදිරියේදී ඔබ සම්බන්ධ වෙන්නෙ නාලකගෙ නිර්මාණ වලට විතරද?
“දැනට එහෙම තීරණයක් නැහැ. මොකද නාලක අයිය මට නිදහස දීලා තියෙනව මට සාධාරණයක් ඉටුකරන්න පුළුවන් ඕනෑම නිර්මාණයකටසම්බන්ධ වෙන්න.”
නාලක නිසා අධ්‍යක්‍ෂවරු තෝරා බේරා ගන්න වේවිද?
“මම හිතන්නෙ නැහැ. අපි අතර සම්බන්ධයක් තිබුණත් ඔහු මට නීති රීති දාන්නෙ නැහැ. නමුත් යම් තැනකදි මට වරදක් වෙනව නම් ඔහු ඒවෙනුවෙන් කතා කරනවා. මං වෙනුවෙන් පෙනී සිටිනව වගේම මට අවවාද දෙනව.”
ඔහුගේ නිර්මාණවලට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබෙන් බලපෑමක් එයිද?
“අපි දෙන්නා අපේ රැුකියාව තේරුම් අරගෙන ඉන්නෙ. ඒ නිසා ගැටලූවක් මතු වෙන්නෙ නැහැ.”
නාලකයේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් ගැන ඔබ බලාපොරොත්තු වෙනවද?
“නැහැ. අදට වුණත් නූරි චරිතය කරද්දි පවා කිසිම අවස්ථාවකදි මට විශේෂයක් කරන්නෙ නැහැ වගේම පිටපතෙන් පිට කිසිම දෙයක් කරන්නකියලත් නැහැ. ඔහු නිතරම ඔහුගේ නිර්මාණයට ගැපපෙන කෙනා තෝරා ගන්නවා හැර මම ඔහුගේ පෙම්වතිය කියල විශේෂයක් කරන්නෙ නැහැ.”
නූරි පියුමාලිගේ ජීවිත කතාව වෙනස් කළා?
“ඔව්. ඇත්තටම ලොකු වෙනසක් කළා. මගේ ජීවිතයම අනෙක් පැත්තට හැරුණා.”
දර්ශන තලයේදී ඔබ අපහසුතාවට පත්වෙලා නැද්ද?
“දර්ශන තලයේදී යම් කෙනෙක් අතින් අඩුපාඩුවක් වෙනව නම් ළඟට ඇවිත් බොහොම සුහදව ඒක කියනව හැරෙන්න නාලක කිසිම වෙලාවකරංගන ශිල්පියා හෝ ශිල්පිණිය අපහසුතාවට පත්කරන්න කටයුතු කරන කෙනෙක් නෙමෙයි.”
ඔබේ විලාසිතා ඔහුට ගැටලූවක් නෙමෙයිද?
“නාලක බොහොම විවෘත මනසක් තියෙන කෙනෙක්. රංගනයේදී පමණක් නොවෙයි” එදිනෙදා ජීවිතයේදී පවා මගේ විලාසිතා වලට ඔහු තහංචිදාලා නැහැ. එයා නිතරම කියන්නෙ ඔයා ලස්සනට ඉන්න ඕනා කියල.”
නූරි නිසා අලූත් ආරාධනා ලැබුණද?
“ඔව්. මේ වන විට ආරාධනා කිහිපයක්ම ලැබිල තියෙනව. නමුත් කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලූ නිසා ඇතැම් ඒවා අතහරින්න සිදු වුණා. ඇතැම් ඒවා තවම සාකච්ඡුා මට්ටමේ. නාලක අයිය චිත‍්‍රපට දෙකකට සූදානම් වෙනව. ඉදිරියේදී ඒවාටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක්තියෙනවා.”
රැකියාවේ තොරතුරු මොනවද?
“දැන් හැමදේම යථා තත්ත්වයට පත්වෙලා තියෙනව. සුපුරුදු පරිදි රාජකාරී වැඩ කෙරෙනව.”
ගුවන්සේවිකාවක් වීම ඔබට දැනෙන්නෙ කොහොමද?
“ඇත්තටම ලොකු සතුටක් දැනෙනව. ඒ වගේම මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනව..”
විවාහයෙන් පස්සෙ රඟපෑමට” රැකියාවට සමුදෙන්න වේවිද?
“මම හිතන්නෙ නැහැ එයා කවදාවත් එහෙම තීරණයක් ගන්න කියයි කියල.”
මේ ගත්තු තීරණය ගැන මොකද හිතෙන්නෙ?
“මම ජීවිතයේ ඇතැම් අවස්ථාවල ගත්තු තීරණ නිසා මට වැරදිලා තියෙනව. පසුතැවිලි වෙලා තියෙනව. කඩාවැටීම් වෙලා තියෙනව. නමුත් මේ තීරණය ගැන මම සියයට සියයක් සතුටු වෙනව. මොකද මම හිතනව මේක මම ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියල.”
1

2

3

4
