free page hit counter
තව තව දේවල්“මම ගොඩාක් කැමැති දඟකාර, කටකාර ගැහැනු ළමයකුගේ චරිතයක් නිරූපණය...

“මම ගොඩාක් කැමැති දඟකාර, කටකාර ගැහැනු ළමයකුගේ චරිතයක් නිරූපණය කරන්න” – ටෙනායා ස්ටෙෆනි කොතලාවල (සමාධි)

-

- Advertisment -spot_img

‘පාරදිගේ’ යද්දි විවිධ හේතුන් මත පාරවල් වසා දමනවා. අපි ඒ වෙනුවට උත්සාහ කරන්නේ අපේ ගමන අවසන් කිරීමට විකල්ප මාර්ගසොයා ගමන යන්නටයි. ඉතින් අපිත් කලා පිටු අතරට කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ගේ වැඩ හොයාගෙන යන අතරතුර ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍ය තුළ නතර වුණේ එහි රංගනයෙන් එක්වන ටෙනායා ස්ටෙෆනි කොතලාවලගේ රුව ළඟයි. ඇයගේ කලා දිවියේ සොඳුරුමතකයන් අවදි කරමින් ඇය සමග කෙටි කතා බහකට අප සම්බන්ධ වුණා.

ටෙනායා කොහොමද ඉතින් මේ දිනවල කලාකටයුතු..?
“මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍යයේ රූප ගතකිරීම් සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ නිරූපණකටයුතුත් සමබරව කරගෙන යනවා.”

දැන් ඔබ මෝස්තර නිරූපණ කටයුතුවලින් ඈත් වෙලාද ඉන්නේ..?
“තාවකාලිකව ටික කාලයකට නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්නේ. ඉදිරියේදී නිරූපණ ක්‍ෂේත්‍රයේ වෙනස් නිර්මාණ කටයුතු ටිකක් අපේ එපෙක්ස්මොඩල් ඇකඩමිය එක්ක එකතුවෙලා කරන්න සූදානමින් ඉන්නවා.”

ටෙනායා රඟපාන්න ඇවිත් සෑහෙන කාලයක් වෙනවා නේද?
“මම මුලින්ම සිනමාවට තමයි සම්බන්ධ වුණේ. මම කුඩා අවදියේදී අධ්‍යාපන කටයුතු අවසන් වෙනකම් රඟපාන්නේ නැහැ කියලා හිතුවා. අධ්‍යාපනකටයුතුවලට අමතරව පසුකාලීනව රංගන පිළිබඳව මම ප්‍රවීණයන් යටතේ හැදෑරීමක් කළා. විවිධ නිර්මාණවල එකිනෙකට වෙනස් චරිත නිරූපණයකිරීමට මට හැකි වුණා. හැබැයි මම සම්බන්ධ වුණු බොහෝ සිනමා නිර්මාණ තවම තිරගත වුණේ නැහැ. දැන් මම කැමැති ටෙලිනාට්‍ය පැත්තෙන්ඉදිරියට යන්න. සෑහෙන කාලයක් මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියත්, මට තවම මම ගැන තෘප්තිමත් වෙන්න අමාරුයි.”

ඔබ සම්බන්ධ වුණු නිර්මාණ ගැන මතක් කරමු..?
“මම වහල උඩ, සකුගේ කතාව, රාජ යෝගය, අමාලියා, හේලී, කිදුරාදරි, පාර වසා ඇත, මියුසික් වීඩියෝ විස්සකට විතර සම්බන්ධ වුණා. ගින්දරි 3, අභිෂේක, ශ්‍රී වික්‍රම, නො ප්‍රොබ්ලම් ඩාලියා ගොඞ් ෆාදර් මම රඟපාපු චිත්‍රපට අතරින් කිහිපයක්.”

මෙතෙක් නොලැබුණු චරිත අතරින් ඔබ වඩාත්ම කැමැති මොන වගේ චරිත සඳහාද..?
“මම ගොඩාක් කැමැති දඟකාර, කටකාර ගැහැනු ළමයකුගේ චරිතයක් නිරූපණය කරන්න. ඉදිරියේදී එවැනි අවස්ථාවක් ලැබුණොත් මගේ උපරිමදායකත්වය එයට ලබාදෙනවා.”

ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘සමාධි’ ලෙසට..?
“මෙහෙමයි… ‘සමාධි’ කියන්නෙත් ටෙනායා කියන්නෙත් මමයි. ‘සමාධි’ නමින් තමයි මාව ගොඩ දෙනෙක් අඳුරන්නේ. ඉදිරියේදී කලා ක්‍ෂේත්‍රයේටෙනායා කියන මගේ නම තමයි භාවිත කරන්නේ. මම කැමැති හැමෝම මට ටෙනායා කියනවාට.”

ඔබ කලාවට එන්නේ කලා පවුලක කෙනෙක් නිසා කියලා ඔබ පිළිගන්නවද..?
“ඔව්… මම කලාවට ගොඩාක්ම කැමැත්තක් ඇති වුණේ මගේ පියාගේ නිර්මාණ. ඔහුගේ රඟපෑමේ තිබුණු තාත්වික බව. ඒ වගේම මගේ මවුපියන්, නෑදෑයින් කලාවට විවිධ දක්‍ෂතා පෙන්වපු අය නිසයි. ඉතින් මම හිතුවා එයාලාගෙන් පස්සේ එයාලාගේ නම මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගෙනියන්න නම් මමත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. මගේ සීයා තමයි ප්‍රවීණ ටෙලිනාට්‍ය, චිත්‍රපට අධ්‍යක්‍ෂ කුසුම් චන්ද්‍ර ගමගේ කියන්නේ.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you