free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැන“මහර සහ වැලිකඩ බන්ධනාගාරවල තමයි මම හිටියේ.” - දිමංක...

“මහර සහ වැලිකඩ බන්ධනාගාරවල තමයි මම හිටියේ.” – දිමංක වෙල්ලාලගේ

-

- Advertisment -spot_img

වෙරළ අයිනේ කෙළිදෙළෙන් කල් ගෙවන කුඩා කොළුවන් රංචුවකි. වෙරළට එන රළ පෙළ සමඟ පොර බදමින් සිනහවෙන් කල් ගෙවන මේ කොළුරුළේ සිටි එක් කොළු ගැටයෙකුයි අද අපේ කතාවට එක් විය. එක් ගීතයකින්ම ඉතා කෙටි කලකින් රටම හඳුනන ගායකයකු බවට පත් වූ ඔහු නමින්දිමංක වෙල්ලාලගේයි.

මවත් පියාත් තම බාල සොහොයුරාත් සමඟ හික්කඩුව ප්‍රදේශයේ ජීවත් වූ දිමංකට කුඩා කලදී යහළුවන් විශාල පිරිසක් ද සිටියා. වෙරළබඩපරිසරයක ජීවත් වූ නිරන්තරයෙන් විනෝද සාද යහළුවන් ඇසුර සමඟ සිටි දිමංක වයස අවුරුදු 18ක් පමණ වනතෙක්ම තම ජීවිතය පිළිබඳවඑතරම් සිහින දුටුව අයෙකු වූයේ නැහැ. යුද හමුදාවේ සරඹ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඔහුගේ පියාත්, නිවෙසේ රැඳෙමින් දරුවන් රැකබලාගත් මවත්, තම එකම බාල සොහොයුරාත් සමඟ කුඩා කාලය සතුටින් ගත කරන්නට දිමංකට හැකි වූවා. හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්සිප් සතර හැදෑරූ ඔහු පාසලේ සංගීතයට, ගායනයට දක්ෂතා දැක්වූවා. “මම සාමාන්‍යයෙන් පාසලේ ගණන් කාරයෙක් නෙවෙයි. ගණිතය හැරඅනෙකුත් සියලු විෂයයන්ට මම ආසාවෙන් සම්බන්ධ වුණා. පාඩම් කරන වැඩවලදී පාඩම් කර හොඳින් මතක තබාගන්න මට හැකිවුණා. ඒ වගේමපාසලේ ගායනා තරගවලටත් මම සම්බන්ධ වුණා.“ ඔහු පාසල් කාලය සිහිපත් කරයි.

“ඇත්තටම කිව්වොත් මට අනාගතය ගැන ලොකු සැලසුම් බලාපොරොත්තු තිබුණෙත් නැහැ. මම ක්‍රිස්තියානි පසුබිමක කෙනෙක්. අපි කොහොමත්යාළුවෝ ටික නිතරම සාදවලට සම්බන්ධ වෙවී හරිම සැහැල්ලුවෙන් සිටියේ. හැබැයි වයස අවුරුදු 18ක් විතර වනවිට ජීවිතය කුමක්ද, කළයුතුකුමක්ද කියන දේවල් මට වැටහෙමින් තිබුණා.”

දිමංක තම 18 වැනි වියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වුණා. තලාතුඔය ශිල්ප සහ සාම්පූර්හි පැරකුම්භා යන නාවික පුහුණු කඳවුරුවලදී තමපුහුණුව ලැබූ ඔහු පුහුණුව නිමාකරන්නේ විශිෂ්ඨතම ආධුනික නැවියා ලෙස ඉතා දැඩි කැප කිරීමකින්. ලද එම පුහුණුව තුළ ඔහු ජීවිතයටඑක්කරගත් දේ බොහෝය. එහෙම් පුහුණුව අවසන ට්‍රම්පට් ලෙස නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කළ ඔහු ටික කලකින් ඉන් ඉවත්වන්නට තීරණය කරනවා.

“කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් කැපවීමෙන් හොඳ පුහුණුවක් ලබලා විශිෂ්ට සෙබළා හැටියට සේවයට එක්වෙලා ඇයි සේවයෙන් ඉවත්වෙන්නෙ කියලා. අනිත් අතට මගේ තීරණවලට වෙන කාගෙන්වත් උපදෙස් ලැබෙනවාට මම කැමැති වුණෙත් නැහැ. මට සේවයෙන් ඉවත්වෙන්න ඕනකියලා හිතුණා. මම ඉවත් වුණා. හැබැයි ටික කලකදී මම ආයෙත් නාවික හමුදාව සමඟ එක්වෙනවා. මගේ දෙමව්පියන්, හිතවතුන් ගොඩක් අයඑතැනදී සතුටුවෙන්න ඇති. ඒත් ඒ සතුට එයාලට එතරම් කාලයක් විඳින්න් ලැබුණේ නැහැ. මොකද මම ආයෙමත් නාවික හමුදාවෙන් ඉවත් වුණා. හේතුව තමයි මේ වනවිටත් මම කලාවට සංගීතයට එක්වන වගට තීරණයකට එළඹ සිටීම.” දිමංක ඉතා සැහැල්ලුවෙන් අතීත මතක සිහි කරයි.

නාවික හමුදාවෙන් නොපැමිණි නාවිකයෙකු හෝ ඉවත්වූ පළමු අවස්ථාවේ සේම දෙවැනි අවස්ථාවේදීද ජීවිතය පිළිබඳ වඩා නිවැරදි ලෙසහඳුනාගැනීමට හැකිවූ බව ඔහු කියයි. “පුදුම දුෂ්කර කාලයක්. මම පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස වසර එකහමාරක් විතරසේවය කළා. ජීවිතේ තරුණ කාලය කියන්නෙ හොඳට කාලා බීල ඉන්න ඕන කාලයක්නේ. ඒ කාලේ ඉතින් පාන් ගෙඩියක් දෙකක් කන්න ඕන. ඒත් මටඋදේට හම්බවුණේ පාන් කාලයි පරිප්පු හොදියි. පුදුම විදියේ දුක් කරදරවලට මට මුහුණ දෙන්න වුණා. ඒත් ඒ මම ගත්ත තීරණය නිසා ඒවා මමලොකු ඉවසීමකින් දරාගත්තා. ඒ වගේම දෙවැනි වතාවේ නතර වුණාම නැවත මට නාවික හමුදාවට බාරවෙන්න සිද්ධ වුණා. ඒ වතාවේ මටබන්ධනාගාරගත වෙන්න පවා සිදුවුණා. මහර සහ වැලිකඩ බන්ධනාගාරවල තමයි මම හිටියේ. එතැනදී මේ ලෝකයේ තවත් එක් සමාජ කොටසක්ගැන මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඇත්තටම මම ජීවිතය. යථාර්ථය මිනිසුන් ගැන බොහෝ දේ එහිදී දැනගත්තා. මේ සියලුම වේදනාත්මකකාලයන්හිදී මගේ ජීවිතයට ආදරය සෙනෙහස නොඅඩුව ලබාදුන්න මගේ චින්තියා හැමවෙලාවෙම මුළු හදවතින්ම මගේ ළඟ හිටියා. ඔයාටපුළුවන්, අපි අලුත් ගමනක් යමු කියලා එයා මාව දිරිමත් කළා. ඒ වගේම මගේ පවුලේ අය. එයාලාගේ ආදරය නිසා මම ආයෙ ඉපදුණා.”

තම ආදරණීය බිරිඳ, එකල පෙම්වතිය පිළිබඳවත් පවුල පිළිබඳවත් දැඩි සෙනෙහසකින් දිමංක කියයි. සැබෑ ආදරයකට කෙනෙකුගේ ජීවිතයලස්සන කරන්නට, දිනවන්නට කොයිතරම් හැකියාවක් ඇත්දැයි අද වනවිට දිමංක දෙස බැලූ විට පෙනී යයි.

එම කාලය වනවිට ඔහු ඉතා සීරුවෙන් තම සංගීත චාරිකාව අරඹන්නට උත්සාහ කරමින් සිටියේය. ඔහුගේ සංගීත ලෝකයේ මඟ පෙන්වන්නා වූයේඅප රටේ මෙන්ම ජාත්‍යන්තරයේද නිර්මාණ රුසක් කළ ප්‍රවීණ සංගීතවේදී රාජ් තිල්ලියම්පල විය. සජිත් වී. චතුරංග විසින් රචනාකොට රාජ් සංගීතනිර්මාණය කළ “නිදුකින් ඉනු මැන” ගීතය මෙරට සංගීත රසකාමීන් අතර එක රැයකින් ජනප්‍රිය විය. ඔහුට එම ආරම්භය සැබෑම වාසනාවක් විය. එතැන් පටන් මෙරට ප්‍රසංග වේදිකාව සඳහා ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් සඳහා හා දිමංක වෙත ආරාධනා ගලා එන්නට විය.

“මගේ ජීවිතය අද යම් සාර්ථකත්වයක් ලබා තියෙනවාද? ඒ සියල්ලට ළංවන්නට මට මඟ පෙන්වූවන් අතර රාජ් අයියා ඉදිරියෙන්ම ඉන්නවා. හරිමහිත හොඳ මිනිසෙක්. ඒ වගේම මගේ චින්තියා, අම්මා, තාත්තා, සහෝදරයා ඒ අයට මම හදවතින්ම ස්තූතිවන්ත වනවා.” දිමංක පවසන්නේඅතීතය ඉතා හොඳින්ම මතකයේ තබාගෙනය. ඕනෑම ක්ෂේත්‍රයක ස්ථාපිතව ඉදිරියට යන්නට එම ගුණය ඕනෑ කෙනෙකුට කොතරම් නම් ඉවහල්වන්නේද?

ජනප්‍රියත්වය සමඟ ඔහු වෙත බොහෝ දේ හිමිවිය. එකල ඔහුට ඔහුව අහිමිවූ වග ඔහු අදටත් සිහි කරන්නේ වේදනාවෙනි. ඒ සමඟ ජීවිතයේවඩාත් සුවිශේෂ වූ පුද්ගලයා වූ ආදරණීය බිරිඳගේ සිතට දැඩි වේදනාවක් හිමිකර දුන් එම කාලය ගැන තමන් අද වනවිට හොඳින්ම තේරුම් ගත්වග ඔහු පවසයි. ජනප්‍රියත්වය හා මුදල් සමඟ ඔහුට ළංවූ විවිධ සම්බන්ධතාවයන් නිසාවෙන් තම බිරිඳ හා පවුල නොසලකා හරිමින් ඔවුන්ට දුක්වේදනා හිමිකරදීම තරම් වෙනත් වරදක් නොවන බවයි ඔහු කියන්නේ. ජීවිතයත් සාර්ථකත්වයට ගෙනයාම සේම විනාශ කර දැමීම සඳහාජනප්‍රියත්වය හේතුවිය හැකිබව තේරුම්ගත් තමන් ඒ සියල්ලෙන් ඈත්ව සිය බිරිඳ හා කුඩා දියණිය සමඟ ජීවිතය ගෙවන වග කියන්නේ සතුටිනි. වැරදීම් නොවීම සිදු නොවන්නකි. අප කවුරු අතිනුත් දැන හෝ නොදැන වැරදි සිදුවිය හැක. එහෙත් වඩාත් වැදගත් වන්නේ වරද තේරුම් ගත්සැණින් එය නිවැරදි කිරීමය. නැතිනම් සමාව ඉල්ලීමය. එමෙන්ම යළි එවන් වරදක් සිදු නොවීමට වග බලා ගැනීමය. එවිට අපට මෙන්ම අපගේආදර්ණීයයන්ටද සතුටින් ජීවත්වීමට ඉඩ ලබාගත හැකිය.

දිමංක වෙල්ලාලගේ යනු වත්මන් ගායන ශිල්පීන් අතර තම නාමය ජනප්‍රියත්වයේ ඉහළටම රැගෙන ගිය ගායන ශිල්පියෙකි. එහෙත් ඔහු එයින් තමඅතීතය අමතක නොකර තමනට මඟ පෙන්වූවන්ට කෘතවේදී වෙමින් තම ගමන යන්නෙකි. තව තවත් හරවත් ගී නිර්මාණ ජනගත කරන්නට ඔහුටඉඩ ලැබේවා කියා හදසර අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙතෙක් ආ ගමන තුළ ලබාගත් අත්දැකීම් සමඟ හෙට කලා ලෝකයට එළඹෙන අය වෙනුවෙන් කළ හැකි හොඳම ප්‍රකාශය කුමක්දැයි ඇසූ විට ඔහුදුන්නේ කදිම පිළිතුරකි. “අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් වැඩ කරන්න” යනුවෙනි. එය කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව සමස්ත සමාජය තුළමක්‍රියාත්මක විය යුතු දෙයකි. එවිට අපේ රටේ හෙට දවසද යහපත් කර ගැනීමට අපට හැකිවනු ඇත. දිමංක යනු කිතුණු බැතිමතෙකි. ජේසුස්වහන්සේගේ ජීවන දර්ශනය තම ජීවිතයට ඉතා මැනවින් මඟ පෙන්වන වග ඔහු කියයි. ඉවසීම, කරුණාව යනාදී ගුණ දහම් සමඟ මොලොව ඕනෑමකෙනෙකුට තම ජීවිතය හැඩගස්වා ගැනීමෙන් ලද හැකි වටිනාකම් ඉතා ඉහළ වග ඔහු නිරන්තරයෙන් පවසයි. වසර කිහිපයක් තුළ ආ මේ ගමනතුළ තමා ඉතා සතුටින් වග ඔහු පවසයි.

හික්කඩුවේ සිට නාවික හමුදාවේ පුහුණුවට තාත්තා සමඟ ගිය දිමංක එකල ජීවිතය ගැන කිසිදු පැහැදිලි අවබෝධයක් නොතිබූ තරුණයෙකි. එදාතාත්තා තමා පුහුණුවට භාරදී ආපසු යනවිට ජීවිතයේ අරුත ඔහුට මනාව වැටහුණු බවයි දිමංක පවසනු ලබන්නේ. වසර 18ක් තමා රැක බලාගත්තාත්තා සය මාසික පුහුණුවකට තමන් ඇතුළත් කොට ආපසු යනවිට ඉතා දැඩි වේදනාවක් ඇතිවූ තමන්ට මෙතෙක් කල් තමා ජීවිතයේ කළේකුමක්දැයි සිතෙන්නට පටන්ගෙන ඇත. එතුළින් ඔහු තමන් යා යුතු අරමුණ, ඉලක්ක පිළිබඳව තේරුම් ගැනීම ඇරඹීය. වැටෙමින්, නැඟිටිමින් යන මේගමන තුළ ලද සියල්ලට ආදරයෙන් සතුටින් කතා කරන දිමංක වෙල්ලාලගේ හෙට දවස තවත් සුන්දර කරගන්නට හැකිවේවායි අප ද හදවතින්මප්‍රාර්ථනා කරන්නෙමු!!.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you