කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොන දිග ආසියානු රට වල සිදු වුනු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. ශ්‍රී ලංකාව තුළ කහ ප්‍රධාන වෂයෙන් අහාර පිළියෙල කිරීමේදී වර්ණකාරකයක් සහ කුළුබඩු මිශ්‍රණ වල සංඝටකයක් ලෙස භාවිතා කරන අතර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදීද රුපලාවන්‍ය කටයුතු වලදී ද වැදගත් අමුද්‍රව්‍යක් ලෙසද යොදාගනී. මීට අමතරව සායම් නිෂ්පාදනයේදීද වර්ණ ගැන්වීමටද විෂබීජ නාශකයක් ලෙසද කහ වැදගත් කාර්යක් ඉටු කරයි. හින්දු භක්තිකයන්ගේ ආගමික කටයුතු වලදීද බහුලව කහ මිශ්‍ර දියර යොදා ගනු ලබයි. ඒ අනුව බලන විට අපගේ එදිනෙදා කටයුතුවලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් ලෙස කහ හැදින්විය විය හැක.මේ වන විට කහ නම් රත්තරන් වලටත් වඩා වටින තැනකට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ නිසා තරගකාරි වෙළඳපොළට හොඳ ඉල්ලුමක් දෙන්න කහ වලට පුළුවන්. වර්ථමානයේ පවතින කෝරෝනා වසංගත තත්ත්වයත් නිසා කහ අසාමාන්‍ය ලෙස මිල ඉහළයාමකට ලක්වුණා. ඒ නිසා තමන්ටම කියලා කහ පැළයක් දෙකක් තියෙන කෙනාට නම් ගැටළුවක් නැති වුනත් අනිත් අයට නම් කහ නැති වීම නම් පාඩුවක්.
කහ වගා මලු
ඉවතලන පොලිසැක් මලු හොඳීන් පිරිසිදු කර කහ වගාවට සඳහා යොදා ගත හැකිය. සීමිත ඉඩක් ඇති නාගරික ප්‍රදේශවල කහ වගාව මෙමඟින් පහසුවෙන් සිදු කර ගත හැකියි. එසේම බෝග නඩත්තු කිරීමද ඉතා පහසු වේ. මිට අමතරව ජලය යෙදීම, වල් මර්දනය, පොහොර යෙදීම කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වේ. පොලිසැක් මලුවල කහ වගා කිරීමේදී කිලෝ ග්‍රෑම් 50 හෝ කිලෝ ග්‍රෑම් 25 මලු මේ සදහා වඩා සුදුසු වේ.
බීජ අල වගා කිරීම
මෙහිදී භාවිතා කරන බදුන් මිශ්‍රණය ඉතාම වැදගත් වේ. ගොම, වැලි, කොහුබත් සහ මතුපිට පස් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර බඳුන් මිශ්‍රණය සකසා ගන්න. මේ සඳහා තෝරා ගත යුත්තේ මාස 10 ක් පමණ හොඳින් මේරූ නීරෝගි අල පමණයි. එවැනි අලයක බර ග්රෑම් 30-35 ක් වත් විය යුතුයි. ඒ වගේම වගාවේ දිලීර හානි අවම කර ගැනීම සඳහා මේ අල සිටුවීමට පෙර මැන්කෝසෙබ් දිලීර නාශකයෙන් ග්‍රෑම් 38 ක් ජලය ලීටර් 10 ක දියකර අල විනාඩි 30 ක් එහි ගිල්වා තැබිය යුතුයි. ඉන්පසුව සිටුවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ වගා මලු ඉතාම සීමිත ඉඩකඩක තැබිය හැකි අතර නඩත්තුවත් පහසු වෙනවා. ඒ වගේම වගාවට ලෙඩ රෝග පැතිරීමත් අවම වෙනවා.
රෝපණ මාධ්‍ය සැකසීම
මෙයට ගොම හෝ කොම්පෝස්ට් කොටස් දිරාගිය කොළ රොඩු සහිත මතුපිට පස් කොටස් දෙකක් සහ කපාගත් අමු පොල් ලෙලි අඩක් මෙන්ම පිළිස්සුණු දහයියා වැලි ස්වල්පයක් යොදා ගන්නවා. මේ මාධ්‍යයට වැලි එකතු කිරීමෙන් ජලවහනය ක්‍රමවත්ව සිදුවෙන්නට උපකාරී වෙනවා. පොල් ලෙලි හැර අනෙක් සියලුම දේවල් හොඳින් මිශ්‍ර කර ගැනීම මඟින් සාරවත් වගා මාධ්‍යයක් හදා ගන්න පුළුවන්. ඉන්පසු පොලිසැක් කිලෝ ග්‍රෑම් 50 ක හෝ 25 ක මල්ලක් යොදා ගන්නේ නම් එහි උස භාගයක් වන සේ දෙකට නවාගෙන ඉහළ දාරයේ සිට අගල් 4 ක් පමණ ඉඩ ඉතිරි වනසේ වගා මාධ්‍ය පිරවිය යුතුයි. එහිදී පොල්ලෙලි අතුරා ඊට උඩින් වගා මාධ්‍ය ඇතිරිය යුතුයි. ඉන් පසු පුරවා ගත් එම බදුනට ට්‍රිපල් සුපර් පොස්පේට් ග්‍රෑම් 10 ක් එකතු කර මිශ්‍රකර ගත යුතුයි. මේ සකස් කරගත් අලවලින් ග්‍රෑම් 100 ක් එක් බෑගයක් සඳහා ප්‍රමාණවත් වන අතර ඒ අල ත්‍රිකෝණාකාර සමාන දුරින් සකස් කළ වළවල් තුනක සිටුවිය යුතුය. එක් වළකට ග්‍රෑම් 30- 35 ක් පමණ වැටෙන සේ දමා සිටුවා ගත යුතුයි.
නඩත්තුව
මුල් මාස 5 තුළ දින දෙකකට වරක්වත් ජලය සැපයිය යුතුය. අනතුරුව අවශ්‍යතාවය අනුව දේශගුණය සහ වගා මාධ්‍යයේ තත්ත්වය සලකා බලා ජලය සැපයිය යුතුයි. බඳුන් මාධ්‍යයට ප්‍රමාණවත් ලෙස කාබනික පොහොර භාවිතා කරන නිසා රසායනික පොහොර අත්‍යවශ්‍ය නොවුණත් අවශ්‍ය වූවොත් නම් පමණක් රසායනික පොහොර යෙදීමට පුළුවන්. ඔබ රසායනික පොහොර යොදන්නේ නම් බීජ සිටුවා මාස 1 ½ සහ මාස 3 කින් මියුරියෙට් ඔෆ් පොටෑසියම් ග්‍රෑම් 10 ක් ජලය ලීටරයක දියකර එක් මල්ලකට බැගින් යෙදිය හැකියි. එලෙසම කහ වගාවට 20% – 40% අතර සෙවණ තිබීම ඉතා සුදුසුයි. අවට ගස්වලින් ලැබෙන ස්වාභාවික සෙවණත් ඉතාම සුදුසුයි. මෙහි අනිවාර්ය කාර්යයක් විදියට වසුන් යෙදීම පෙන්වා දෙන්න පුළුවන්. බීජ පැල කිරීමෙන් පසුව මලුවල ඉහළ අගල් 2-3 ක තට්ටුවක් ලෙස වසුන් යෙදිය යුතුයි. එයින් තෙතමනය සහ උෂ්ණත්වය රඳවා ගැනීමත් වල්පැළ මතුවීමත් අවම කරයි. වසුන් සඳහා පිදුරු වඩාත් සුදුසු වන අතර දහයියා, දිරාගිය යතු කුඩු ආදියත් භාවිතා කල හැකියි. ග්ලිරිසීඩියා කොළ අතු කොළ පොහොරක් ලෙස ගන්න පුළුවන්. ගිනිසීරීයා වැස්ම මාස තුනක්වත් තිබිය යුතු අතර දහයියා නම් අවම මාස 5 ක් වත් වසුන තිබිය යුතුයි.ඒ වගේම වසුන දිරාපත් වූ විට අලුතින් එකතු කිරීමත් වල් පැල ගලවා දැමීමත් කහ පැලයේ වර්ධනයට ඉතා වැදගත් වනවා.
අස්වනු නෙලීම හා සැකසීම
අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 8-10 කට පමණ පසුවය. මාර්තු – අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් – ජනවාරි වන විට අස්වැන්න නෙලා ගැනීමට හැකි වේ. එම කාලය තුල ශාක කහ පැහැයට හැරී කොළ වියලීමට පටන් ගනියි. අස්වනු නෙලීම සිදු කරනු ලබන්නේ රෛසෝම වලට හානි නොවන ලෙසයි. රෛසෝම වල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කල යුතුයි.
අමු කහ නම් මාස 3ක් පමණ කල්තබාගත හැකි අතර කහ වියළා ඇඟිලි වශයෙන් හෝ කුඩු ලෙසටත් ඔබට කැමති අයුරින් තබා ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා තාක්ෂණික ක්‍රම අනුගමනය කළ යුතුයි. එහිදී ගලවා ගත් කහ වෙන්කර නටන උණු වතුරේ පැය භාගයක් පමණ තම්බා ගත හැකියි.
තම්බා ගත් කහ පළමු දින තුනේ දී සෙමින් වියළා ගත යුතු අතර තද අව්වේ වේලීම සුදුසු වන්නේ නැහැ. තුන්වන දිනයෙන් පසු කාල ප්‍රමාණය ක්‍රමක්ක්‍රමයෙන් වැඩි කර දින 12ක් පමණ තද අව්වේ වියළා ගෙන අව පැහැ පොත්ත ඉවත් කරන්න. එය නම් වසරක් වුවත් තබා ගන්න පුළුවන්.