free page hit counter
කෑම ජාතිපොලොස් වලින් ලේසියෙන්ම සකසාගත හැකි රෙසපි වර්ග 06ක් මෙන්න

පොලොස් වලින් ලේසියෙන්ම සකසාගත හැකි රෙසපි වර්ග 06ක් මෙන්න

-

- Advertisment -spot_img

පොලොස් කියන්නේ රසවත් කෑමක් නේද? ඒ නිසා අද අපි පොළොස් රෙසිපි කිහිපයක් අත්හදා බලමු. අම්මලා අතරින් එකතු කරගත් මේ රසවත් රෙසපි අප අද ඔබ වෙත ගෙන එනවා.
ඉතින් මේ රසවත් මිලෙන් අඩු කෑමක් වන අපේ රටේ පොලොස් වලින් ඉස්තරම් කෑම වර්ග කිහිපයක් සකස් කරගමු. එමෙන්ම මෙම ආහාරය පෝෂණය අතින් ද ඉහල ආහාරයකි.

පොළොස් රෙසිපි

  1. 1. පොලොස් මාළුව
    අවශ්‍ය ද්‍රව්‍ය
    පොළොස් ගෙඩියක්
    පොල් තෙල්
    කුරුදු කැබැල්ලක් /එනසාල් / කරාබු නැටි 3
    ගොරකා කැබැල්ලක්
    කරපිංචා
    ලියා ගත් ලූණු ගෙඩියක්
    තලාගත් සුදු ලූණු බික් කිහිපයක්.
    උකු පොල්කිරි
    මිරිස් කුඩු
    ගම්මිරිස්
    අබ
    බැදපු තුනපහ
    කහ
    ලුනු

සකස් කරන ආකාරය
වියළි මැටි වළදක් ලිපේ තියලා එයට සෝදා කපා ගත් පොලොස් කැබලි දමන්න.
එයට ජලය මදක් දමා කහ, බැදපු තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස්, ගොරකා කැබැල්ල, කුරුදු කැබැල්ලක්, එනසාල්, කරාබු නැටි 3 හා ලුනු එකතු කර හොදින් තම්බා ගන්න.
ජලය හොදින් හිදුන පසු එයට පොල්කිරි එකතු කර මද ගින්දරේ හොදින් පැහෙන්න තබන්න
ඉන්පසු තවත් වළදක් ලිපේ තබා එයට පොල්තෙල් දමා රත්වෙන්න හරින්න.
එයට සුදළුණු පේස්ට් එක එකතු කර එය රන්වන් පැහැ වන විට ලියා ගත් ලූණු , කරපිංචා එකතු කර බැදෙන්න හරින්න.
එයට කෑලිමිරිස් එකතු කර පසුව පොලොස් මිශ්‍රණයද එකතු කර විනාඩි කිහිපයකට පසු ලිප නිවා දමන්න

  1. 2. පොළොස් මෝජුව
    අවශ්‍ය ද්‍රව්‍ය
    පොළොස් ගෙඩියක්
    ලියා ගත් ළුණු ගෙඩි 5 ක්
    අමුමිරිස් කරල් 10 ක්
    හාල් මැස්සන් 2දදට
    සෝයා සෝස්
    තක්කාලි සෝස්
    අබ
    කෑලි මිරිස්
    ගම්මිරිස්
    මිරිස් කුඩු
    ගොරකා
    පොල්තෙල්
    සීනී
    කහ
    කුරුඳු /කරදමුංගු
    තලාගත් ඉගුරු සුදුළුණු
    ලුනු

සකස් කරන ආකාරය
ඉඟුරු , සුදු ළූණු , කුරුඳු පොතු , කරදමුංගු , අබ ගලේ අඹරලා හෝ බෙන්ඩ් කරලා මෘදු මිශ්‍රණයක් සකස් කරගන්න.
පොලොස් සෝදා සිහින් ඉරු වලට කපා ගන්න.
එයට කහ, ලුණු , මිරිස් කුඩු තවරා හා ගොරකා කැබැල්ලක් හා ජලය දමා ජලය හිදෙන තුරු තම්බා ගන්න.
ඉන්පසු ජලය පෙරා පොලොස් කැබලි මදක් බැදගන්න.
ලියා ගත් ලුණු හා පෙති පලා ගත් අමුමිරිස් මදක් බැදගන්න.
හාල්මැස්සන් ටික රන්වන් පැහැ වනතුරු බදින්න.
බටු මෝජුව හදනවා වගේ තමයි
මැටි ඇතිලියක් ගෙන එයට බැද ගත් පොලොස් කැබලි එකතු කර සෝස් වර්ග 2 හා කලින් සකස් කරගත් පේස්ට් එක දමා මිශ්‍රකරන්න.
මිශ්‍රණය රත් වු විට එයට බැද ගත් හාල්මැස්සන් , ලූනු හා අමුමිරිස් එකතු කරන්න.
සිනී ද එකතු කරන්න.
රස අනුව ලුනු එකතු කරන්න.

  1. 3. පොලොස් කට්ලට්
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බා පොඩි කර ගත් දෙල් ගෙඩියක්
    ලියා ගත් ලොකු ළුණු ගෙඩි 2
    සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් 2
    පාන් පිටි
    පාන්කුඩු
    සිහින්ව ලියා ගත් කරපිංචා
    කුරුදු කැබැල්ලක්
    ගම්මිරිස්
    ලුනු
    තලා ගත් සුදුළුණු හා ඉගුරු
    එනසාල්
    බිත්තර 1
    කුරුදු
    පොල් තෙල්
    දෙහි බෑයක්

සකස් කරන ආකාරය

තෙල් ටිකක් ලිප තබා එය රත් වු පසු ඉගුරු සුදුළුණු පේස්ට් එක එකතු කරන්න
එයට ලියා ගත් ළූණු ,අමුමිරිස්, කරපිංචා හා කුරුදු , එනසාල් එකතු කරන්න.
මිශ්‍රණය මදක් බැදුන පසු එයට තම්බා පොඩි කරගත් පොලොස් එකතු කරන්න
එයට රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කරන්න. දෙහි යුෂ ටිකක්ද එකතු කර මිශ්‍ර කරන්න.

පාන්පිටි වලට බිත්තර, ලුනු හා ජලය එකතු කර මදක් ඝන මිශ්‍රණයක් සකස් කරගන්න.
දැන් සකස් කල පාන්පිටි මිශ්‍රණයේ පොලොස් ගුලි ගිල්වා ඉන්පසු බිස්කට් කුඩු තවර ගන්න.
තාච්චියක් ලිප තබා තෙල් රත් වු පසු කට්ලට් රන්වන් පාට වෙන තුරු බැද ගන්න.

  1. 4. ගැට පොලොස් මැල්ලුම
    අවශ්‍ය ද්‍රව්‍ය
    ගැට පොලොස් ගෙඩියක්
    ගොරක කෑල්ලක්,
    කුරුදු කෑල්ලක්
    ලුනු
    ගා ගත් පොල්
    ලියා ගත් අමු මිරිස් කරල් කීපයක්ස
    සුදුලූනු බික් කීපයක්
    රතුලූනු
    අබ

සකස් කරන ආකාරය
ගැටපොලොස් ගෙඩිය මැල්ලුමක් ආකාරයට ලියාගන්න
එයට ලුනු, ගොරකා හා ජලය ටිකක් දමා තම්බා ගන්න.
ඒ අතර අනෙක් පහේ සියල්ල හොදින් කොටා ගෙන සම්බෝලයක් සකස් කරගන්න.
දැන් තැම්බුන පොලොස් වලට පොල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ මදක් තම්බා ගන්න.

  1. 5. පොලොස් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය
පොලොස් ගෙඩියක්
කහ
පොතු ඉවත් කල රතු ළූණු ගෙඩි 25
දෙකට පැලු අමු මිරිස් කරල් 10
තලාගත් සුදුළුණු ගෙඩියක්
විනාකිරි
අබ
ගම්මිරිස් කුඩු
මිරිස් කුඩු
කුරුඳු පොතු
සිනී
ලුණු

සකස් කරන ආකාරය
පොලොස් ගෙඩිය පිරිසිදු කර කුඩා තීරු වලට කපාගන්න.
සුදු ළූණු , කුරුඳු පොතු හා අබ එකතු කර එයටම සිනී හා ලුනු මිශ්‍ර කර අඹරා පේස්ට් එකක් සකස් කර ගන්න. එයට විනාකිරි එකතු කරන්න.
පොළොස් කැබලි වලට විනාකිරි ටිකක් , ගම්මිරිස් කුඩු , කහ , ලුනු යොදා තම්බා ගන්න .
පෙරා ගත් පොළොස් වලට ළූණු සහ අමුමිරිස් , මිරිස් කුඩු හා කලින් සකස් කල විනාකිරි මිශ්‍රණය දමා මිශ්‍ර කරන්න.
මැටි බදුනක අසුරා තැබීමෙන් තවත් රසවත් වෙනවා.

  1. 6. පොලොස් රොටි

අවශ්‍ය ද්‍රව්‍ය
ලපටි පොලොස් ගෙඩියක්
කහ
ලුනු
පාන් පිටි
ගාගත් පොල්
ලියා ගත් ළුණු ගෙඩියක්
ලියාගත් කරපිංචා
බිත්තර 1
තෙල්

සකස් කරන ආකාරය
පොලොස් ගෙඩියට ලුනු හා කහ එකතු කර තම්බා ගන්න.
තම්බා ගත් පොලොස් පොඩිකර එයට ඉහත අනෙක් ද්‍රව්‍ය මිශ්‍ර කර රොටි ගුලි සකස් කරගන්න
රොටි තැටියක් ලිප තබා එහි තෙල් ආලේප කර රොටිය දෙපැත්ත පුච්චා ගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you