කාන්තාවන් සිය ලස්සන පිළිබදව බොහොම සැලකිලිමත්. එයිනුත් සම රැක ගැනීමට ලැබෙන්නේ විශේෂ තැනක්. ඒ නිසා සම ආරක්ෂා කරන සම රැක දෙන මොයිස්චරයිසරයක් හදාගැනීම ගැන කාන්තා පාර්ශවය ඉතා උනන්දුයි.
සමහර වෙළද පොලේ ඇති මොයිස්චර්රයිසර් ආලේපන වල රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන බැවින් ඔවුන් නිවසේදීම මෙය පිළියෙළ කරගන්න කැමතියි.

වියළි සමට මොයිස්චරයිසරයක් හදාගැනීම
ඇග සේදීමෙන් පසු ඔබේ සමට අපහසුතාවයක් දැනෙනවාද? සම වියළි බවක් ඔබ අත්විදිනවාද?
එසේනම් සමේ තෙතමනය රැකගත හැකි මොයිස්චරයිසර් ආලේපනයක් ඔබට ආලේප කල හැකියි.
අපි අද නිවසේදීම සකස් කල හැකි එවන් ආලේප කිහිපයක් ගැන බලමු.
මෙම ආලේපන සදහා අවශ්‍ය අමුදුව්‍ය වෙළද පොලෙන් මිලදී ගැනීමට පුළුවන්.
නමුත් අපි සකස් කරන මේ ආලේපන වල ආයු කාලය කෙටි බැවින් එකවර විශාල ප්‍රමාණයක් සකස් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්.
ඔබට සංවේදී සමක් ඇතිනම් හෝ යම් ආසාත්මිකතාවයක් ඇතිනම් කිසිම දෙයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ආලේප කිරීමෙන් වළකින්න.
- 1. වියළි සම සඳහා මී ඉටි මොයිස්චරයිසර්
අවශ්‍ය ද්‍රව්‍ය
මී මැසි ඉටි නිෂ්පාදන කෝප්ප 1/4
පොල්තෙල් කෝප්ප 1/2
ඔලිව් තෙල් කෝප්ප
සගන්ධ තෙල් බින්දු 10 ක් (පැචූලි, රෝමන් චමමයිල්, වැනිලා, සඳුන්, කට්ටකුමංජල්, ක්ලැරී අග්ගිස්, ලැවෙන්ඩර් හෝ ගෙරානියම් තෙල්)
සකස් කරගන්නා ආකාරය
මී මැසි ඉටි ද්විත්ව බොයිලේරුක බහා උණු කරගන්න.
එය රත් වු පසු බදුනකට දමා නිවෙන්න හරින්න
පොල්තෙල් සහ ඔලිව් තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
එයට සගන්ධ තෙල් එකතු කරගන්න.
එය ක්‍රීම් එකක් වෙන තුරු මිශ්‍ර කරන්න.
මිශ්‍රණය වීදුරු බදුනක තබා සිසිල් වියළි ස්ථානයක තබන්න. ශිතකරණයේ තබන්න එපා.
මෙහි ප්‍රයෝජන
මී ඉටි සහ ඔලිව් තෙල් යන දෙකම ඇටොපික් ඩර්මැටිටිස් වැනි සමේ රෝග සුව කරනවා.
පොල්තෙල් ඔබේ සමට අමතර තෙතමනයක් ලබා දෙනවා.
සගන්ධ තෙල් සමේ සුවපත් බව වැඩිකරනු ලබනවා.
- 2. කෝමාරිකා මොයිස්චරයිසර්

අවශ්‍ය දුව්‍ය
කෝමාරිකා මද කෝප්පයක්
මී මැසි ඉටි තේ හැදි 12 ක්
පොල්තෙල් කෝප්පයක් 1/4
ආමන්ඩ් තෙල් කෝප්ප 1/4
සගන්ධ තෙල් (බින්දු) 10 ක් (ඉහත වට්ටෝරුවේ සදහන්)
සකස් කරන ආකාරය
මී මැසි ඉටි, පොල්තෙල් සහ ආමන්ඩ් තෙල් ද්විත්ව බොයිලේරුවක බහා උණු කරගන්න.
මෙම මිශ්‍රණය ඉවතට ගෙන සිසිල් කරගන්න.
එයට සගන්ධ තෙල් සහ කෝමාරිකා මද එකතු කරන්න.
සියල්ල ක්‍රීම් වෙන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
මෙම මිශ්‍රණය වීදුරු බදුනක බහා ශීතකරණයේ ගබඩා කරන්න.
මෙහි ප්‍රයෝජන
කෝමාරිකා ඔබේ සමේ වියළි බව මෙන්ම දැවිල්ල අඩු කරයි.
මී මැසි ඉටි ඔබේ සම සුව කරයි.
සගන්ධ තෙල් ආසාදන වැලැක්වීම සහ ඔබේ සම සුව කිරීමට උපකාරී වෙනවා.
පොල්තෙල් සමට තෙතමනය ලබා දෙයි.
- 3. මුහුණට හා සිරුරට ගැලපෙන ආලේපනයක්

අවශ්‍ය දේවල්
ෂියා බටර් කෝප්ප 1/2
ආමන්ඩ් තෙල් මේස හැදි 2
රෝස්මරී සගන්ධ තෙල් බින්දු 5 ක්
ලැවෙන්ඩර් සගන්ධ තෙල් බින්දු 10 ක්
ටී ට්‍රී (Tea tree) සගන්ධ තෙල් බිංදු 3 ක්
කැරට් බීජ සගන්ධ තෙල් බිංදු 3 ක්
සකස් කරන ආකාරය
ෂියා බටර් ද්විත්ව බොයිලේරයක බහා උණු කරන්න.
එය උණු වූ පසු එයට ආමන්ඩ් තෙල් එකතු කර මිශ්‍රණය මදක් සිසිල් වීමට තබන්න.
ඉන්පසු එයට සගන්ධ තෙල් එකතු කරන්න.
මිශ්‍රණය තදින් මිශ්‍ර කරන්න.
මෙය වීදුරු බදුනක බහා කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න.
මෙහි ප්‍රයෝජන
සගන්ධ තෙල් ඔබේ සමේ සෛල ආරක්ෂා කරයි. ඒ වගේම සමේ ආසාදන සුව කරන අතර අධික වියළි බව නිසා ඇතිවන කැසීම වළක්වයි.
ෂියා බටර් සහ ආමන්ඩ් ඔයිල් ඔබේ සමට තෙතමනය හා පෝෂණය ලබා දෙයි
- මී පැණි සහ ග්ලිසරින් මොයිස්චරයිසර්
අවශ්‍ය දේවල්
මී පැණි තේ හැදි 1
ග්ලිසරින් තේ හැදි 2 ක්
තනුක කල දෙහි යුෂ තේ හැදි 1
ග්‍රීන් ටී තේ හැදි 2 ක්
සකස් කරන ආකාරය
ඉහත සියලල් හොදින් මිශ්‍ර කරන්න.
එය ආලේප කර මිනිත්තු කිහිපයක් ඔබේ සම මත මෘදුවසම්බාහනය කරන්න.
රාත්‍රියක් තබා ඉන්පසු සෝදා හරින්න.
එහි ප්‍රයෝජන
ග්ලිසරින් සහ මී පැණි මගින් ඔබේ සම සජලීයව තබා ගැනීමට උපකාරි වේ.
දෙහි ඔබේ සම පැහැපත් කරනු ලබයි.
ග්‍රීන් ටී ඔබේ සම සන්සුන් කරන අතර ආසාදනය වළක්වයි.
දෙහි ඔබට අසාත්මික නම් ඔබට එය එකතු නොකර සිටිය හැකිය.
- 4. ස්වාභාවික මොයිස්චරයිසර්

අවශ්‍ය ද්‍රව්‍ය
කැමොමයිල් (chamomile) තේ හැදි 1 (හෝ වියලන ලද කැමොමයිල් මල්)
ජලය කෝප්ප 1/2
ලැනොලින් තේ හැදි 1
මී ඉටි තේ හැදි 1
මිහිරි ආමන්ඩ් තෙල් කෝප්ප ½
විටමින් A කැප්සියුලයක්
විටමින් E කැප්සියුලයක්
ගෙරානියම් සගන්ධ තෙල් 3
සකස් කරන ආකාරය
කැමොමයිල් තේ වතුරට දමා මිනිත්තු 10 ක් පමණ ගිල්වා තබන්න.
ඝන ලැනොලින් ඇති නම් එය හා සහ මී මැස්සා ද්විත්ව බොයිලේරයක උණු කරන්න.
මිශ්‍රණය සිසිල් කර එයට චමමයිල් පෙරා ගත් දියර එකතු කරන්න.
විටමින් කැප්සියුල සිදුරු කර මිශ්‍රණයට මිශ්‍ර කර සගන්ධ තෙල්ද එකතු කරන්න.
එය ක්‍රීම් බවට ලත් වු පසු වීදුරු භාජනයක බහා සිසිල් හා අඳුරු තැනක ගබඩා කරන්න.
මෙහි ප්‍රයෝජන
ඔබේ සමට වැඩි සජලනයක් ලබා දෙයි.
චමමයිල් තේ තුළ ප්‍රතිප්‍රදාහ ගුණ ඇති අතර එය අසහනයට පත් සම මත මෘදු හා සන්සුන් කරයි
ආමන්ඩ් තෙල් සහ මී මැසි ඉටි ඔබේ සමට පෝෂණය ලබා දෙන අතර වියළීම වළක්වයි.