free page hit counter
කියවන්නඔබේ අත්ලේ පිහිටි රේඛා තුලින් විවාහය පිළිබද කියවෙන අරුම...

ඔබේ අත්ලේ පිහිටි රේඛා තුලින් විවාහය පිළිබද කියවෙන අරුම පුදුම දේවල් කිහිපයක්

-

- Advertisment -spot_img

අපේ අනාගතය කෙලෙසින් විසදේදැයි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසාවෙන්ම ඒ පිළිබද අනාවැකි දැනගන්න අප බොහෝ සෙයින් ඇළුම් කරනු ලබයි. ඔබේ ජන්ම පත්‍රය බලා අනාගතය කියන ජෝතිෂ්‍ය මෙන්ම හස්ත රේඛා අනාවැකි ගැනත් ශ්‍රී ලාංකික අපි බොහොම උනන්දුයි. යමෙකුගේ අත බලා අනාවැකි කීම හස්ත රේඛා ශාස්ත්‍රයේදී වෙනවා. මෙය වසර දාහස් ගණනක් පැරණි ශාස්ත්‍රයක්. ස්ත්‍රියකගේ නම් වම් අතත් පුරුෂයකුගේ නම් දකුණු අතත් පරික්ෂා කරනු ලබනවා. පොදුවේ අත් දෙකම පරික්ෂා කර බලන අවස්ථාත් හුරු අත පරික්ෂා කරන අවස්ථාත් තියෙනවා.

පළපුරුදු හස්ත රේඛා කියවන්නෙක් ඔබේ අත්ලේ රේකා සියුම්ව නිරීක්ෂණය කරනු ලබනවා. ඔවුන් අනාවැකි පැවසීම කරන්නේ ඉන් අනතුරුවයි. සමහරු මේ දේවල් දැඩිව විශ්වාස කරන අතර සමහරු මෙය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබනවා. තවත් පිරිසක් විනෝදය සදහා තම හස්ත රේඛා තුලින් තම අනාගතය දැනගන්න උත්සහා කරනවා. ඉතින් අපි අද මේ හස්ත රේඛා ඔබේ විවාහය ගැන කියන්නේ මොනවාද කියලා බලමු.

හස්ත රේඛා අනාවැකි

මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කල අයෙකුට ඔබේ අත්ලේ රේඛා වල පිහිටීම අනුව ඔබේ දෛවය අනාගතයේ ඔබ ගෙන යන්නේ කුමන ඉසව්වකට යන්න පැවසීමේ හැකියාවක් තියෙනවා.
ඔබට වුවද නිසි මාර්ගෝපදේශයක් සහිතව ඔබේ අත්ලේ රේඛා ඔබේ අනාගතය ගැන කියන කථාව කියවා ගන්න පුළුවන්. මෙහිදි ඔබේ අත්ල මත ඔබේ අධ්‍යාපනය, මුදල්, රැකියාව, විවාහය, දරුවන්, පවුල් ජිවිතය ආදි ඔබේ ජිවිතයම ඔබේ අත්ලේ ලියවී ඇති බව විශ්වාස කරනවා.

දැනටත් ශ්‍රී ලංකාවේ අහිකුංඨක ප්‍රජාව විසින් මේ හස්ත රේඛා කලාව උපයෝගී කරගෙන සාස්ත්‍ර කියනු ලබනවා. ඇත්තටම අත්ලේ රේඛාවකට ඔබේ ජිවිතය තීරණය කරන්න පුළුවන්ද?
ඇත්තටම මෙයත් ජෝතිශ්‍ය මෙන්ම මිනිසුන් අනාගතය පැවසීමට භාවිතා කරන තවත් ශාස්ත්‍රයක් පමණයි. නමුත් එය ඔබේ අත්ලේ ලිය වී තිබු ඔබේ අතීත සිද්ධීන් හා සසදමින් මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට ඔබට අයිතියක් තියෙනවා.

අත්ලෙන් අනාගතය දැකීම තුලින් පුංචි විනෝදාස්වාදයක් ගන්නත් පුළුවන් නිසා අපේ විවාහය ගැන අත්ලේ රේඛාව කියන මේ කතා අහලා බලමු. මෙහිදි ඔබේ ජිවිතයේ සිදුවෙන විවාහ ගණන, ඔබ ලබන දරුවන් ගණන යන ඔබේ විවාහයන්ට සැබැදි සියල්ල මේ රේඛා විසින් හෙලි කරනු ඇත. එහෙම කියන්න පුළුවන්ද කියලා මද චකිතයක් අපි කොයි කාගෙත් සිත්වල ඇති වුනත් මෙය සියවස් ගණනක් පෞරාණික ශාස්ත්‍රයක් බවත් අමතක නොකරන්න. හස්ත රේඛා ඔබේ විවාහය ගැන කියන්නේ මෙහෙමයි. ඔබේ අතේ සුලගිල්ලට යටින් පැත්තකට වන්නට විවාහ රේඛා දැකගන්නට පුළුවන්. එම රේඛා සුලගිල්ලත් අත්ලේ ඒ පසෙන් පටන් ගෙන මැදගිල්ල දක්වා දිවෙන ප්‍රධාන රේඛාව (හෘද රේඛාව) අතර පැත්තකින් පටන් ගෙන අත්ල දෙසට දිවෙනවා. එම රේඛා කිහිපයක් වුවත් දකින්න ලැබෙන්න පුළුවන්. එහිදි අපැහැදිලි රේඛා නොසලකා හැර තදින් ඇදි ඇති රේඛා ගැන සැලකිමත් වෙන්න.

  1. 1. බහු විවාහ

මෙවැනි රේඛා කිහිපයක් ඔබේ අත්ලේ තදින් ඇදි ඇත්නම් ඔබට විවාහ කිහිපයක් හිමි බව හස්ත රේඛා ශාස්ත්‍රයේදි විශ්වාස කරනු ලබනවා. එසේ ඇති නම් ඔබ කිහිපවරක් විවාහ වෙන්න පුළුවන්.

  1. 2. කෙටි විවාහ

කෙටි කාලයකින් බිදි යන විවාහ හිමි අයගේ විවාහ රේඛාව කෙටි බව කියවෙනවා. මෙහිදි ඔබේ විවාහයට ආයුෂ අඩුයි.

  1. 3. ගිවිස ගැනීමෙන් පසු කැඩෙන විවාහ

ඔබේ විවාහ රේඛාව මදක් ඉදිරියට වැඩි බෙදී ගොස් තිබේද ? එසේ නම් ඔබ විවාහ ගිවිස ගෙන මද කලකින් එය බිදි යන බව මෙහිදි කියවෙනවා.

  1. 4. දිගු කල් පවතින විවාහ
  1. හැමෝම පතන්නේ මෙවන් විවාහයක් නේද? ඔබේ විවාහ රේඛාව දිගු නම් ඔබ ප්‍රීතිමත් දිගු විවාහ ජිවිතයක් ගත කරන බව කියවෙනවා. ඒ කියන්නේ ඔබට ප්‍රීතිමත් විවාහයක් හිමියි.
    එවන් දිගු රේඛාවක් සමග තවත් දිගු රේඛා දෙකක් හෝ තුනක් ඇති නම් ඔබේ විවාහයට පෙර දැඩි ප්‍රේම සම්බන්ධතා එකක් හෝ දෙකක් තිබී තියෙන්න පුළුවන්.
  2. 5. කඩාකප්පල් වෙන විවාහ

  1. ඔබේ විවාහ රේඛාව තැනින් තැන කැඩි ඇත්නම් එයින් ඔබේ විවාහයේ අවාසනාවන්ත පැත්තක් කියවෙනවා. ඔබේ විවාහය අවාසනාවන්ත විදියට සිදි බිදි යනවා. හස්ත රේඛා අනාවැකි :විවාහයෙන් පසු ගැටළු
  1. 6. ගැටළු පිරුන විවාහ

විවාහ රේඛාව කුඩා රේඛා වලින් කැපී ඇතිනම් එය විවාහයෙන් පසු විවාහ ජිවිතයේ අඛණ්ඩ ගැටලු පවතින බව කියවෙනවා. එවන් අය ගත කරන්නේ දුක් කරදර පිරුනු විවාහ ජිවිතයි.

  1. 7. සහකරු රෝගී වෙන හෝ වෙන්වෙන විවාහ

ඔබේ විවාහ රේඛාව මත දුපතක් ඇති නම් එයින් කියවෙන්නේ ඔබේ සහකරු රෝගී වෙන හෝ ඔබෙන් වෙන්වීමට නියමිත බවයි. ඒවැනි පිහිටීමක් එතරම් සුභදායක නැහැ.

හස්ත රේඛා ශාස්ත්‍රයේදි විවාහය ගැන කියන්නේ මේ විවාහ රේඛාව පමණක්ද? ඔන්න දැන් ඔබේ අත බලලා ඉහත කාරණා දුටු පමණින් කලබල වෙන්න එපා. පළපුරුදු හස්ත රේඛා කියව්වෙන් ඔබේ විවාහ රේඛාව දෙස බලා එකවර යමක් තීරණය කරන්නේ නැහැ. ඔවුන් ඔබේ හෘද රේඛාව, දෛව රේඛාව හා සිකුරු කන්ද යන්න සියල්ලම නිරීක්ෂණය කරනු ඇත.
ඒ සියල්ලම හොදින් කියවා ඔවුන් ඔබේ අනාගතය ගැන පැහැදිලි අදහසක් ලබා දෙනු ලබනවා. අවස්ථාවක් ලැබුනහොත් ඔබට මේ ගැන වැඩි යමක් ඉදිරියේදි අපි ගෙන එන්නෙමු.
ඔබේ අත්ලේ සුළු රේඛා නිතර වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රධාන රේඛාද වෙනස් බවත් මතක තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you