මැටි වළං වල උයන කෑම එකක රසයි ඇලුනිනියම් ඇතිලියක උයන කෑම එකක රසයි සංසදනය කලොත් වැඩියෙන්ම රස කොයිකේ උයන කෑමද?
ඔයාගේ උත්තරය මැටි බඳුන් වල උයන කෑම කියන එක නේද?
ඇත්තටම මැටි භාජන වල උයන කෑම එක නැවුම් බවක් තියනවා. ඒ රස ගැන කතා කලාම නේ.
ගුණ ගැන කතා කලොත්, ගුණත් වැඩි මැටි බඳුන් වල උයන එක. ඒ කොහොමද? ඔයාගේ ප්‍රශ්නය ඒක නේද?

ඈත අතීතයේ ඉඳලාම ශ්‍රී ලංකාවේ මිනිස්සු වතුර ටික ගබඩා කරලා තියා ගන්න, උයා පිහා ගන්න පාවිච්චි කලේ මැටි කලගෙඩි සහ මැටි වළං.
ඔවුන් විශ්වාස කලා එයින් නැවුම් බව රැකෙනවා කියලා.
මැටි වළං කියලා කියන්නේ කිසිම රසායනික දෙයක් දාන්නේ නැතුව සකපෝරුවක හැදෙන දෙයක් නේ.
පොළවෙන් ගන්න මැටි පදම් කරලා වළං හදන්නේ.

ඉතින් අපි අද හිතුවා මැටි බාජන වල උයන එක හොඳ ඇයි කියලා ඔයාලාට කියලා දෙන්න.
- 1. මැටි වළං වල රසායනික ප්‍රතික්‍රියා ඇති නොවේ.
මැටි බාජන වල ඇඹුල් දෙයක් හැදුවත් අගුණයක් වෙන්නේ නෑ. ඒත් ඇලුමිනියම් එහෙම නෙමෙයි නේ. ඇඹුල් දේවල් හදන්න බෑ.
හැදුවොත් ඇඹුල් දේවල් වල ඇති අම්ල එක්ක ඇලුමිනියම් ලෝහය ප්‍රතික්‍රියා කරනවා.
ප්‍රතික්‍රියා කරලා ශරීරයට අහිතකර තත්ව ඇති වෙනවා. මැටි බඳුන් මේ කිසිවක් නෑ. සෞඛ්‍යයට හිතකර විදියට කැමති අමුද්‍රව්‍යයන් යොදාගෙන උයා ගන්නට පුළුවන්. - 2. පෝෂණ අගය පවත්වා ගනී
මන්දගාමී ආහාර පිසීම නිසා මැටි භාජන මගින් තෙතමනය හා තාපය ආහාර හරහා සංසරණය වීමට ඉඩ සලසයි, එමඟින් පෝෂණ මට්ටම රඳවා ගනී.
ලෝහ භාජන වලදී මෙය නැති වී යයි.
විශේෂයෙන් මස් පිසීමේදී තාප අවස්ථිතිය මාංශ පේශි වල ප්‍රෝටීන සහ කොලජන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමට උපකාරී වෙනවා.
මැටි වළං වල ආහාර පිසින්න පටන් අරගෙන තියෙන්නේ අනාදිමත් කාලයක ඉඳලා. මැටි වළඳක ආහාරයක් පිසෙද්දි තාපය ක්‍රමානුකූලව ලැබෙනවා. එතකොට රොස් වෙන්නෙ නෑ ඉක්මනට.
ආහාරයත් අධිකව පිළිස්සීමට ලක් වෙන්නේ නෑ හෙමීට ඉදෙන නිසා. පෝෂණ ගුණයත් රැකෙනවා.
ඒකයි මාස 06න් දරුවෙක් කෑම ලටන් ගන්න විට මැටි භාජන පාවිච්චියට ගන්න කියන්නේ.

- 3. මැටි වළං වල ආහාර පිසීම ශරීරයට අමතර පෝෂ්‍ය පදාර්ථ එකතු කරනවා.
අනිත් කාරණය තමයි මැටි බඳුන් වල උයන ආහාර යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර් වලින් පොහොසත් නිසා ශරීරය නිරෝගී කරන්නටත් සමත් වෙනවා. - 4. අවම තෙල් භාවිතයක් ඇතිව කෑම පිසීමට ඇති හැකියාව.
තෙල් භාවිතා කරලා කෑමක් හදා ගන්න උනත් ඒක මැටි වළං වල හදද්දි අඩුම තෙල් ප්‍රමාණයකින් ඒක පිස ගන්න ද හැකි වනු ඇත. මොකද මැටි බඳුන් වල කෑම පිසින්න තරමක් වෙලාව යනවා. හෙමීට තමයි ආහාරය පිසෙන්නේ. ඉතින් ආහාරයේ අඩංගු ස්වභාවික තෙල්, තෙතමනයෙන්ම කෑම ටික පිස ගන්න පුලුවන් වෙනවා. - 5. මැටි වළං වල ආහාර පිසීමෙන් ආහාරයට හොඳ රසක්,නැවුම් සුවඳක් එකතු වීම.
මේ නැවුම් සුවඳ, රස මැටි වළං වලින් උයන ආහර වල හැරුණාම වෙන කිසිම භාජනයකින් ආහාර පිසුවාට ලැබෙන්නේ නෑ. - 6. මැටි වළං ආර්ථිකමය අතින් වාසිදායකයි. මිලෙන් අඩුයි.
අනිකුත් ඇලුමිනියම්, non-stick, වගේ බඳුන් වලට වඩා මැටි භාජන සාක්කුවට ද හිතකරයි. - 7. නැවත රත් කිරීමට අනවශ්‍ය වීම.
පිසූ ආහාරයක් නැවත රත් කිරීමෙන් එහි පෝෂණ ගුණයට දැඩි ලෙස හානි සිදු වෙනවා. මැටි වළං වල ආහාර පිසීමෙන් ඔබට ඒ ගැන වද වෙන්නට අවශ්‍ය වෙන්නේ නෑ.
මොකද කියනවා නම් මුල් වතාවේ ආහාර පිසින විට තිබූ තාපය බොහෝ වෙලාවක් ආහාරය උණුසුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා.

8.මැටි වළං වල් ආහාර පිසීමෙන් ආහාර ජීර්ණය පහසු කරනවා.
එහෙම කියන්නේ ඇයි කියලා දන්නවාද? මැටි කියන්නෙ ක්ෂාරීය දෙයක්.
මැටි වළඳක ආම්ලික දෙයක් ඉව්වොත් එම ආම්ලික බව උදාසීන කරලා ජීර්ණය පහසු කරවනවා.
ආහාර වල ඇති PH අගය සමතුලිත කරන්නට මැටි බඳුන් සමත් වෙනවා. එමෙන්ම ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇත්නම් ඒවාත් ඉවත් කරන්නට සමත් වෙනවා. අපි ලේසියට පහසුවට ඇලුමිනියම්, නොඇළෙන බඳුන් ආහාර පිසීමට භාවිතා කලාට අපේ කමට ගැලපෙන මැටි බඳුන් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියලා කියන්නට බැහැ. අපි හැකි සෑම විටම මැටි බාජන වල ආහාර පිසීම සිදු කරමු. නිරෝගීමත්ව ජීවත් වෙන්නට එයත් ලොකු පිටුවහලක් වනවාට නම් කිසිම සැකයක් නැත.
