පාද වල තෙහෙට්ටුව, ඉදිමුම සහ වේදනාව හේතුවෙන් පීඩා නොවිඳි කෙනෙක් මෙලොව නොමැති තරම් ය. ඇත්ත වශයෙන්ම වර්තමානය වන විට බොහෝ දෙනෙක් පාද වල වේදනාව හේතුවෙන් පීඩා විඳින බව දක්නට ලැබෙනවා. විශේෂයෙන් මෙම ගැටළුව බොහෝ වේලාවක් සිටගෙන සිටින අයට සහ උදාසීන ජීවන රටාවක් ඇති අයට හුරුපුරුදුයි.
ඉතින් පාද වල මෙම වේදනාවන් සමනය කරන ඉතා පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාම කිහිපයක් අද අපි ඔබට හඳුන්වා දෙනවා.
ඇත්තෙන්ම පාද සඳහා ව්‍යායාම කිරීම මඟින් පාද වල වේදනාව සමනය කිරීමට අමතරව අපේ සෞඛ්‍යට ලැබෙන ප්‍රතිලාභ රැසක් පවතිනවා .එමෙන්ම එය නීරෝගී සෞඛ්‍යක් පවත්වා ගෙන යාමටද උපකාරි වේ.
ඉතින් ඔබේ පාද වල වේදනාව සමනය කරන සරල ව්‍යායාම කිහිපයක් පහතින්.
- ව්‍යායාම අංක 1

පළමුවෙන්ම ඔබේ දෙපා ලං කරගෙන ඍජුව සිටගන්න.
දැන් ඔබේ පාදයේ ඇඟිලි තුඩු වලින් හැකි තරම් ඉහළට එසවී තත්පර 30ක් එම ඉරියව්වේම සිටින්න.
මීළඟට පහත් වී ඔබේ පතුල් බිම තබන්න.
මෙය 5-10 වතාවක් කරන්න.
- ව්‍යායාම අංක 2

පියවරක් තබන ආකාරයෙන් දකුණු පය ඉදිරියට තබන්න.
දැන් අනෙක් පාදයේ ඇඟිලි වල උඩ කොටස පොලවේ ස්පර්ශ වන ආකාරයට එම පාදය රෝල් කර (ඉහත රූපයේ ආකාරයට ) එම ඉරියව්වෙන් තත්පර 30ක් රැඳෙන්න.
මෙය පාද දෙකටම 5 වතාව බැගින් කරන්න.
- ව්‍යායාම අංක 3

බිත්තියක් අසලට පැමිණ ඉහත රූපයේ ආකාරයට එය මත දෑත් තබා ගන්න.
දැන් ඇඟිලි තුඩු වලින් දකුණු පාදය පිටුපසට තබන්න.
අනෙක් පාදය හොඳින් පොළවේ ස්පර්ශ වන සේ ඉහත රූපයේ ආකාරයට තබා තත්පර 30ක් පමණ එම ඉරියව්වෙන්ම රැඳී සිටින්න.
මෙම ව්‍යයාමය 3 වරක් පාද දෙකටම සිදු කරන්න.
- ව්‍යායාම අංක 4

මෙම ව්‍යායාමය ඔබට සිටගෙන වගේම ඉඳගෙන ද සිදු කළ හැකියි.
ඔබේ එක් පාදයක පතුලට යටින් ටෙනිස් බෝලයක් තබන්න.
දැන් එම බෝලය ඇඟිලි තුඩු වල සිට විලුඹ දක්වා රෝල් කරන්න.
මෙම ව්‍යායාමය පාද දෙකටම 50 වතාවක් පමණ කරන්න.
- ව්‍යායාම අංක 5

පළමුව මේ සඳහා යෝගා බ්ලොක් (Yoga block) එකක් මත සම්බාහන බෝලයක් (Massage ball) තබන්න.
දැන් ඔබගේ වළලුකරට හරියටම පහලින් බෝලය පිහිටන ආකාරයට පාදය බෝලය මතින් තබන්න. (ඉහත රූපයේ ආකාරයට)
දැන් තත්පර 10ක් බෝලය සෑම දිශාවකටම රෝල් කර, තත්පර 3ක් බෝලය යෝගා බ්ලොක් එක මත තද කරන්න.
මෙම ව්‍යායාමය ඔබේ අනෙක් පාදයට ද සිදු කරන්න.