වයසට යාම වගේම විවිධ රෝග වලට ගොදුරු වීම කියන්නේ අපි හැමෝම මුහුණ දෙන පොදු සංසිද්ධියක්.ඇත්ත වශයෙන්ම සෑම තත්පරයක් පාසාම ඔබේ සෛල වයසට යනවා. එසේ වුවත් තරුණ, ලස්සන, රැළි වලින් තොර සමක් දිගු කාලයක් පවත්වා ගෙන යන්න වගේම නීරෝගි සෞඛ්‍යක් හැමදාම පවත්වාගෙන යන්න අපි හැමෝම කැමතියි.නමුත් කණගාටුවට කරුණ නම් වයසට යාමටත් පෙර බොහෝ දෙනෙක්ගේ සම රැළි වැටී තිබීමයි. ඒ වගේම බොහෝ දෙනක් තරුණ වයසේදීම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. විශේෂයෙන් තරුබාරුබව හේතුවෙන් වර්තමානය වන විට බොහොමයක් දෙනෙක් පීඩා විඳින බව දක්නට ලැබෙනවා.කෙසේ වුවත් වර්තමානය වන විට මෙම ගැටලු වලට පිළියම් ලෙස ඔබට අනුගමනය කළ හැකි බොහෝ ක්‍රම තිබෙනවා.නමුත් දිගු කාලයක් තරුණ පෙනුම ආරක්ෂා කර ගෙන සුන්දරව ලස්සනට ඉන්න වගේම නීරෝගිව, සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඉන්දියානු ජාතිකයක් අනුගමනය කරන පුංචි රහස් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද අප සූදානම්.
1. ආහාර ගැනීමෙන් පසු පමණට වඩා ජලය ගැනීමෙන් වළකින්න.
ඉන්දියානු ආයුර්වේදය යෝජනා කරන්නේ ආහාර වේලකට පෙර සහ ආහාර ගත් වහාම ජලය පානය නොකළ යුතු බවයි. ඔබ කෑමට පෙර ජලය පානය කරන විට, ආහාර දිරවීමට වගකිව යුතු ආමාශයික තරල තනුක කළ හැකිය.ඔබ ආහාර ගත් වහාම ජලය පානය කරන්නේ නම්. එය ආමාශයේ ඇති ආහාරයේ තත්වයට සෘජුවම අහිතකර ලෙස බලපායි. එය ආහාර දිරවීමේ ගැටලු මෙන්ම තරබාරුකමට පවා ඇති වීමට හේතු විය හැක.එබැවින් ඔබ ආහාර ගැනීමට මිනිත්තු 30 කට පෙර සහ ආහාර ගැනීමෙන් මිනිත්තු 30 කට පසු ජලය පානය කිරීමට කටයුතු කරන්න.
2. ආහාර වේලකට ඇතුළත් කළ යුතු රස 6
මිහිරි, ලුණු, ඇඹුල්, තිත්ත, සැර සහ කහට ඇතුළු රස 6 කින් සමන්විත හොඳ සමබර ආහාර වේලක් දිනපතා අනුභව කරනු ලබයි. ඇත්තෙන්ම එයට ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතී.
3. දිනපතා ගිතෙල් හැන්දක් පරිභෝජනය කරන්න
දිනපතා ගිතෙල් හැන්දක් ආහාරයට ගැනීමට ඉන්දියානුවන් පුරුදු වී සිටිති. ඇත්තෙන්ම බොහෝ විෂ ද්‍රව්‍ය උදාසීන කිරීමට ගිතෙල් වලට හැකියාව පවතී. එබැවින් ඔබේ ආහාර වේලට ගිතෙල් හැන්දක් එකතු කරන්න.ගිතෙල් වල බටර් වලට සමාන කිරි ප්‍රෝටීන් අඩංගු නොවේ. එබැවින් කිරි නිෂ්පාදන නොඉවසන අයට පවා ගිතෙල් පරිභෝජනය කළ හැකිය.
4. අසාත්මිකතාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඉඟුරු,සූදුරු සහ කළු ගම්මිරිස් පරිභෝජනය කරන්න.
ආයුර්වේදයට අනුව උණුසුම් කරන කුළුබඩු ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි. මීට අමතරව ඒවා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම මගින් අසාත්මිකතා ඉවත් කිරීමට ද උපකාරී වේ. ඉතින් ඔබේ තේ වලට ඉඟුරු එකතු කර දිනපතා පානය කරන්න.
5. සීතල ආහාර ගැනීමෙන් වළකින්න.
පරණ, සීතල සහ සැකසූ ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමට බොහෝ ඉන්දියානුවන් කටයුතු කරයි. මන්දයත් ඒවා ජීර්ණය කිරීමට වඩා දුෂ්කර වන අතර විෂ ද්‍රව්‍ය සෑදීමට හේතු විය හැකියි.