free page hit counter
සෞඛ්‍ය උපදෙස්උකුණන් ගේ කරදරේ ඔබටත් තියෙනවද? එහෙනම් මේක කියවන්න

උකුණන් ගේ කරදරේ ඔබටත් තියෙනවද? එහෙනම් මේක කියවන්න

-

- Advertisment -spot_img

උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු කිහිපයක් අපි අද ඔබ ‌වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි ‌නේද?ඔබේ දරුවාගේ හිසකෙස් ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා. හිස කෙස් පෝෂණයෙන් තොරව අවලස්සන වෙන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරින් ගොඩාක් ප්‍රබල හේතුවක් ගැන කතා කරන්න තමයි මේ සුදානම.”උකුණන්”උකුණන් කියන්නේ මිනිස් හිස කෙස්, රෝම ආශ්‍රිත ජිවත් වෙන කුඩා පරපෝෂි ජිවයෙක්.

එතකොට උකුණා සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ ඔබේ හිස් කබලේ සමේ තියෙන කුඩා කේෂ නාලිකා වල ඇති රුධිරයෙන්.වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ වෙනවා. උකුණාගේ ආයූ කාලය දින 40 ක් වෙනවා. ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමනවා. මේ බිත්තර ලේඩින් ලෙස හදුන්වනවා.පොඩ්ඩක් හිතන්නකෝ, එක ගැහැණු උකුණෙක් තම දින හතලිහෙන් දින තිහක් බිත්තර දානවා කියලා සැලකුවොත් බිත්තර 300ක් නේද? එහෙම ගැහැණු උකුණන් කිහිපදෙනක් ඔබේ හිස කෙස් වල ජිවත් වුනොත් ඔබේ හිස කෙස් වලට වෙන දේ හිතන්නකෝ.හිසකෙස් අතර උකුණත් සිටිනවා පෙනීම දකින්නෙකුට ප්‍රිය උපදවන දසුනක් නම් නොවේ.සමහර විට අන් අය ඔබ පිළිකුල් කරන්න ඉඩ තියෙනවා. හිස කෙස් හැලීම, හිස කෙස් පැසීම, හිස්හොරි වගේ අනෙක් හිසකෙස් අවලස්සන කරන හේතු වලට වඩා උකුණු වදේ ප්‍රබල වන්නේ අන්න ඒ නිසයි.

උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු

උකුණන් ඇතිවෙන්න ප්‍රධාන හේතු

අපිරිසිදු කම

අඩු සනිපාරක්ෂාව

හවුලේ භාණ්ඩ භාවිතය

උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු උකුණන් බෝවීම ගැන පුළුල්ව කතා කලොත් අනිවාර්යයෙන්ම මේ කාරණා ටික මතක් කරන්න ඕනා.

විශේෂයෙන් හවුලේ පාවිච්චි කරන  පනා, තුවා, තොප්පි, කොට්ට, බෙඩ්ෂීට්  වලින් උකුණන්  බෝවෙන්න පුළුවන්.

  • උකුණන් මර්දනයට වඩා බෝ වීම වළක්වා ගන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.
  • උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු
  • උකුණන්ට පිළියම්මේ උකුණු වදේ ඔබට  නිතරම ඇති, පොඩ්ඩා ඉස්කෝලෙන් අරන් එනවා නේද? එහෙනම් කරන්න තියෙන්නේ පුංචි දේවල් කිහිපයක් විතරයි.ඔබත් දරුවාත් දෙදෙනාම හිස කෙස් හොදින් පිරිසිදු කරමින් නිතර නාන්න. ඔබේ දරුවාට වෙනම පනා, තුවා, තොප්පි, කොට්ට වගේ දේවල් භාවිතා කරන්න. ඔබත් එසේ තබා ගැනීම සුදුසුයි.නිතර තෙල් සත්කාර කරමින් දරුවාගේත් ඔබගේත්  හිස හොදින් පීරන්න.උකුණන් සදහා වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධීය ෂැම්පු, ආලේපන හෝ දියර වර්ග භාවිතා කරන්න පුළුවන්. එක් වතාවක් භාවිතා කල පමණින් උකුණන් වද නොවන බවත් ඒ සදහා දින කිහිපයක් එය භාවිතා කරන්න සිදුවෙන බවත් සලකන්න. එයට හේතුවන්නේ ලේඩින් පිපිරි නැවත උකුණන් ඇති වීමයි.උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු: උකුණන් සදහා ස්වාභාවික සත්කාරම‌ෙම ස්වාභාවික සත්කාර භාවිතා කිරීමට පෙර අසාත්මිකතාවයක් තිබේද කියා පරීක්ෂා කරන්න අවශ්‍යයි. මෙම බෙහෙත්   කණ පිටුපස තවරා විනාඩි 15ක් පමණ තබා අසාත්මිකතාවයක් ඇති දැයි පළමුව බලන්න.ගැටලුවක් නොමැති නම් ඔබට පහසුවෙන් මේ ප්‍රතිකාර අත් හදා බලන්න පුළුවන්.
  • ඔබ ‌හෝ දරුවා සාමාන්‍යය‌ෙන් අසාත්මිකතාවයන් ග‌ෙන් ප‌ෙළනෙවා නම් අලුත් ‌දේවල් භාවිතා කිරීමට ප‌ෙර නිසි වෛද්‍ය උපද‌ෙස් ලබාගන්න.
  • උකුණන්ට අත් බෙහෙත් වට්ටෝරු: රූපලාවන්‍ය ශිල්පි ශෂී සියඹලාපිටිය මහත්මිය‌ ලබා දෙන සත්කාර මෙන්න.
  • 1. ස්වාභාවික විනාකිරි
  • ස්වාභාවික විනාකිරි ගාලා ෂවර් කැප් එකකින් ආවරණය කරලා පැයක් පමණ තබන්න.පසුව හිස සෝදා දමන්න. උකුණන් බිත්තර සමගම ඉවත් වෙනවා.
  • 2. සුදු ලූණු අඩංගු සත්කාරයක්
  • සුදු ලූණු බික් 3, ලූණු ගෙඩි 1/2 ක් ,  පෙපර් මීට් කොළ 10, දෙහි ගෙඩි 1 ක් එකට බෙලෙන්ඩ් කරන්න.එම තලපය හිසකෙස් වල ආලේප කර පැයක් තබා සෝදන්න.
  • 3. ඖෂධීය මිශ්‍රණයක්
  • කීකිරිඳිය, වැල් පෙනෙල්, හාතවාරිය ,සැවැන්දරා , කොතල හිඹුටු , ගෙඩිපහ කොළ, අත්තික්කා ගෙඩි සහ කොළ, කුරුදු පොතු සහ කොළ, වෙනිවැල් ගැට මුල් සහ දළු සමසේ ගෙන වියළා ගෙන කුඩු කර ගන්න. එයට තල තෙල්, ඔලිව් තෙල් හා කොහොඹ තෙල් මිශ්‍ර කල පැයක් ආලේප කර තබා සෝදන්න.
  • 4. කොහෝකිරිල්ල
  • කොහෝකිරිල්ල ගෙඩියක මදය සූරා ආලේප කරන්න. පැයකට පසු සෝදා හරින්න.
  • 5. නෙලුම් කොළ යූෂ
  • නෙලුම් කොළ යූෂ හිසේ ගල්වා  පැය භාගෙකට පස්සේ සෝදන්න.
  • 6. අමු නෙල්ලි කොල
  • අමු නෙල්ලි කොල තම්බා ආලේප කරන්න.
  • 7. දෙහි හා උළුහාල්
  • දෙහි හා උළුහාල් ජලයේ දමා තම්බා  බ්ලෙන්ඩර් හිසේ ආලේප කර පැය භාගයකින් සෝදාහරින්න. ඉන්පසු  දැති හීන් පනාවකින් හිස පීරා උකුණන් ඉවත් කරන්න .

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you