ගර්භාෂය සිසිල් කරන ආහාර ගැන කථා කරන්න කලින් අපි ගර්භාෂය ගැන ටිකක් දැනුවත් වෙමු නේද?
ගර්භාෂය කියන්නේ කාන්තා සිරුරක තියෙන වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන අවයවක්, එය ජීවයේ අඛණ්ඩත්වය පවත්වා ගැනීමේ කාර්‍යයට ඍජුවම උර දෙනවා.

එය මාසිකව ඔබව ගැබ් ගැනීමට සුදානම් කරවන අතර එසේ සාර්ථකත්වය ලබන අවස්ථාවක ඔබේ දරු පැටියාට මාස දහයක රැකවරණයක් ලබා දෙන්න මුලික වෙනවා.මාස දහයක් පුරා ඔබේ ආදරණීය ප්‍රාණය ජීවත් කරවන මේ ගර්භාෂය ලෙඩ වෙන බව ඔබ දැන සිටියාද? ගැහැණු දරුවෙකුගේ ගර්භාෂය සකස් වෙන්නේ ඇය මව් කුස තුල සිටියදීමයි. උපතින් පසු පරිණත වෙන එය මල්වර වීම සමග ප්‍රජනන කාර්‍යයට නොමසුරුව දායක වෙනවා. එහෙත් විවිධ හේතුන් මත ගර්භාෂයේ විවිධ ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්.

බොහෝ විට ගර්භාෂයේ ඇතිවෙන උෂ්ණාධික බව බොහෝ සෙයින් බලපෑම් කරන්නේ ඔබේ ජිවිතයේ වටිනාකම සිහිනයටයි. ඒ නම් ඔබට දරු ඵල අහිමි වීම හෝ දරු ඵල ප්‍රමාද වීම සිදුවෙන්න පුළුවන්. මේ උෂ්ණාධික ආහාර වලට අමතරව මානසික ආතතිය, අධික උණුසුම් ස්ථාන වල සිටීම සිරුර උණුසුම් වීමට හේතුවෙනවා. සිරුර උෂ්ණාධික කරන ආහාර
අබ, විනාකිරි, මිරිස් අධික ආහාර අච්චාරු, චට්නි, සෝස්, මෝජු, බිලිං, ලුණු දෙහි ටින් මාළු, ජාඩි, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්,බල කරවල, බල මාළු හරක් මස්, අන්නාසි, රට දෙල්, රාබු, කොල්ලු, තක්කාලි, සුදුලූනු, මධ්‍යසාර

- 1. තැඹිලි
තැඹිලි ඔබට පහසුවෙන් හොයා ගන්න පුළුවන් . වෙනම සකස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.ඒ නිසා සොයාගැනීම වගේම ආහාරයට එකතු කර ගැනීමත් හරිම පහසුයි. - 2. නෙල්ලි
නෙල්ලි කිව්වාහම අපි සාමාන්‍යයෙන් කරන්නේ නෙල්ලි ගෙඩි ආහාරයට ගන්න එක, ඒත් නෙල්ලි වලින් රසවත් පානයක් සකස් කරන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?
ඒකට කරන්න ඕනී, අමු නෙල්ලි ටිකක් ඇට ඉවත් කරලා අරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. එය ඉතාම රසවත් වගේම ගුණයෙන් පිරිපුන් පානයක් වෙනවා. - 3. බෙලි
බෙලි කියන්නෙත් අපේ රටේ පහසුවෙන් හොයාගන්න පුළුවන් ලාබදායක පළතුරක්, බෙලි පානයක් විදියට කදිමයි.
හොඳට ඉදුණු බෙලි ගෙඩියක් ඇට ඉවත් කර බෙලි යුෂ ලබා ගෙන දෙහි යුෂ ස්වල්පයක්, සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරලා බීම එකක් විදිහට හදලා බොන්න පුළුවන්. ඒ වගේම තමයි බෙලි කටු , බෙලිමල් තම්බලා බොන්න පුළුවන්. - 4. කොමඩු
කොමඩුත් අපේ රටේ පහසුවෙන් හොයාගන්න පුළුවන් රසවත් පළතුරක්. කොමඩු පළතුරක් විදියට ඍජුවම ආහාරයට එකතු කර ගන්න පුළුවන්. නැතිනම් ඇට ඉවත් කරපු කොමඩු මදය සූරලා අරන් එයට දෙහි යුෂ , ලුණු එකතු කරලා බීම එකක් හදා ගන්නත් පුළුවන්.
ගර්භාෂය සිසිල් කරන එළවළු
පළතුරු වගේම ගර්භාෂයට සිසිල ලබාදෙන එළවළු බොහොමයක් තියෙනවා- 5. පිපිඤ්ඤා
පිපිඤ්ඤා ඔබට පහසුවෙන්ම සොයාගන්න පුළුවන්, එය ලූණු, දෙහි එක්කරලා සලාදයක් විදියට සකස් කර ගත්තාහම හරිම රසවත්, ඒවගේම පිපිඤ්ඤා මිටිකිරි ටිකක් දාලා පිස ගත්තාහම හරිම රසවත් වෑංජනයක් වෙනවා. - 6. අළුපුහුල්
අළු පුහුල් වලින් ඉතාමත් රසවත් ව්‍යාංජනයක් සකස් කරගන්න පුළුවන් . නගරයට වඩා ගමේ ගෙවල් වල යහමින් හැදෙන ඉතා රසවත් ආහාරයක් වෙනවා. - 7. මෑ
මෑ සීතල ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. ඔබට මෑ වලින් රසවත් ව්‍යාංජනයක් සකස් කර ගන්න වගේම මෑ තෙල් දාලා ආහාරයට ගන්නත් පුළුවන්. - 8. වම්බොටු
වම්බොටු මාළුවත් ඉතාම රසවත්, ඒ වගේම වම්බොටු බැදලා රසවත් සලාදයක් සකස් කර ගන්නත් පුළුවන්. - 9. කැකිරි
නිවසේ සකස් කරන කැකිරි ඇඹුල එහෙම ඔබ රස විදලා තියෙනවාද? ඔව්, කැකිරි කියද්දී අපට එතරම් ප්‍රියමනාප නොවුනත් ඉතා රසවත් ලෙස එය පිලියෙල කරගන්න පුළුවන්.
ගර්භාෂය සිසිල් කරන පාන වර්ග
අපි නිතර ගන්න ස්වාභාවික පාන වර්ග බොහොමයක් වගේම සිරුර සිසිල් කිරීමේ ගුණයෙන් සපිරියි. කොළකැද නිතර බොන්න පුළුවන් නම් බොහොම ගුණදායකයි.- 10. කෝමාරිකා යුෂ
කෝමාරිකා නම් අපි නිතර ආහාරයට ගන්න සුපුරුදු ආහාරයක් නම් නෙමෙයි නේද? ඒත් කෝමාරිකා කොළයේ මදය බොහොම ගුණදායකයි. එය කෙලින්ම ආහාරයට ගන්න අපහසු නිසා පානයක් ලෙස සකස් කරගත්තාට වරදක් නැහැ. - 11. රණවරා
මෙහිදි රණවරා කොළ තම්බලා පානයට ගන්න පුළුවන්. ඔබට තේ කෝපී බොන්න හිතෙන වේලාවට රණවරා කෝප්පයක රස බලන්නකෝ. ඒ වගේම රණවරා දළු මැල්ලුම් විදිහට ලියලා ආහාරයට ගන්නත් පුළුවන්. - 12. සව්
සව්, පොල් කිරි, සිනී ස්වල්පයක් දමා තම්බන්න, රසවත් කැඳ පානයක් වගේම ඔබට අවශ්‍ය එය ශීත කර රසවත් අතුරුපසක් විදියට ගන්නත් පුළුවන්.
