free page hit counter
සෞඛ්‍ය උපදෙස්සිරුරේ බර වැඩි වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ගැන...

සිරුරේ බර වැඩි වීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ගැන හරියටම දැනගනිමු

-

- Advertisment -spot_img

PCOS  තත්වය යනු කුමක්ද?

බොහෝදෙනෙකුට ගැටලුවක් වී ඇති පොලිසිස්ටික් (PCOS රෝගය) තත්ත්වය පිලිබඳව දැනගමු. පොලිසිස්ටික් කියන රෝගය තමයි ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම කියන්නෙ.

ඩිම්බකෝෂ ඉදිමීම කියන්නෙත් මෙම රෝගී තත්වයමයි.
ඒත් මේ ගෙඩි ඉවත්කලයුතු භයානක ගනයට අයත් වන්නේ නැත. මේවා තමයි නොමේරූ ඩිම්බ. ඩිම්බ මේරීම නිසිලෙස සිදු නොවීම හා නිසියාකාරව ඩිමබ පිටනොවීම නිසා තමයි මේ තත්වය හටගන්නේ.

ඇයි එහෙම වෙන්නේ ?
සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය මැදදී ඩිම්බයක් පිටවී චක්‍රය අවසානයේ රුධිර වහනය වීම තමයි සාමාන්‍ය ක්‍රමය.
එසේ වීමටනම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝමෝන නිසි ලෙස අඩු වැඩි වීම අනිවාර්යයෙන් වෙන්න ඕන.
නමුත් සමහර ජානමය ගැටලු නිසාත් සිරුරේ බර වැඩිවීම නිසාත් මෙම හෝමෝන සමබරතාව බිදී යන්න පුළුවන්.
එවිට ඩිම්බ පිටවීම නිසියාකාරව සිදුවන්නේ නැහැ . එවිට ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප්වීම මාස කිහිපයකට වරක් සිදුවෙන්න පුළුවන්.

ඔබ විවාහක කාන්තාවක්නම් ඔසප්වීම නිසියාකාරව සිදුනොවීම නිසා ඔබට දරුඵල ප්‍රමාද වෙන්න පුළුවන්.
මෙම තත්වය හදුන්වනේ polycystic ovarian syndrome යනුවෙනි.

මෙම තත්වය හදුනාගන්න පුළුවන් මූලික ලක්ෂණ

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.

ඩිම්බකෝෂවල පොලිසිස්ටික් හෙවත් ඉදිමීම .

හෝමෝන සමබරතාව බිදීයාම නිසා සිරුරේ පුරුෂ හෝමෝන අධික වීම.

මේ නිසා මුහුණේ කුරුලෑ අධික වීම, ශරීරයේ අධික ලෙස රෝම වැඩිවීම, සම අවපැහැ වීම, හා හිසකෙස් ගැලවීයාම සිදුවෙනවා.

ඩිම්බකෝෂවල පොලිසිස්ටික් තත්ත්වය හදුනාගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.
ඔබේ වෛද්‍යවරයා රෝග ඉතිහාසය විමසා ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් හෝ රුධිර පරීක්ෂණයක් මගින් මේ තත්වය හදුනාගන්න පුළුවන්.
පොලිසිස්ටික් තත්වය සදහා ප්‍රතිකාර

ඔබ අවිවාහක නම් හෝ දැනට දරුවන් බලාපොරොත්තු නොවන කාන්තාවක්නම් කල යුතු ප්‍රතිකාර ඉතා සරලයි.

මම තත්වයෙන් මිදෙන්න පුළුවන් සරලම ස්වාභාවික ක්‍රමයනම් සිරුරේ බර අඩු කර ගැනීමයි.
ඒ සදහා කලයුතු හොදම හා ප්‍රායෝගික දේ හා කලයුතු ආකාරය වෛද්‍යවරයකු සම්බන්ධ කරගැනීමෙන් ඔබට දැනගන්නට පුළුවන්.
ඒ පිලිබඳව විවිධ හේතූන් නිසාවෙන් ලිපියෙන් සදහන් නොකිරීමට සිදුවේ.
ඊට අමතරව තෙල් හා සීනි අධික ආහාර අවම කිරීම, හා නිවැරැදි ව්‍යායාම වල නිරතවීම මගින් හෝමෝන සමබරතාව පවත්වාගෙන ඔබට මෙම තත්වයෙන් මිදෙන්නට පුළුවන්.
එතෙක් ඔබේ ඔසප් චක්‍රය නිවැරැදිව පවත්වාගෙන යාමට හා ශරීරයේ පුරුෂ හෝමෝන අධිකවීම පාලනය කර මෙයින් ඇතිවන අපහසුතාවයන් මගහරවා ගන්න ඔබට අවශ්‍ය ඖෂධ වෛද්‍යවරයකු මගින් ඔබව පරීක්ෂා කර ලබාගැනීමට පුළුවන්.

නමුත් ඔබ දරුවකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවක්නම් ප්‍රතිකාර කරන පිලිවෙල වෙනස්.
ආහාර නිසියාකාරව පාලනය කිරීම හා නිවැරැදි ව්‍යායාම වල නිරතව සිරුරේ බර අඩුකරගැනීම ඉතා වැදගත්.
මෙය පහසු කරගැනීමට මෙට්ෆෝමින් metformin වැනි ඖෂධ ඔබට අප විසින් ඔබව පරීක්ෂා කර ලබාදෙනවා.
නමුත් ඔසප් චක්‍රය ක්‍රමවත් වීම සදහා හෝමෝන වෙනුවට අප ඔබට ලබාදෙනේ ඩිම්බ මෝරන ඖෂධයි.
ඩිම්බ මේරීම මෙයින් සිදුනොවේනම් ලැපරොස්කොපි ප්‍රතිකාරය මගින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට සිදුවෙනවා.
මෙම විද්‍යාත්මක ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙකුට දරුවකුගේ සිහිනය සැබෑකරගන්න පුළුවන්.
මේ අනුව පොලිසිස්ටික් pcos යනු සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් තත්වයක් බව ඔබට වැටහෙනවා ඇති.
දීර්ඝ කාලීනව පොලිසිස්ටික් තත්වය පැවතීම නිසා දියවැඩියාව , අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග වලට ගොදුරුවීමට පුළුවන්.
මේ සදහා ඔබ නිවැරදි ක්‍රම මගින් සිරුරේ බර පාලනය කරගෙන පොලිසිස්ටික් අවධානමෙන් මිදෙන්න ඔබට හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you