පෙරපාසල් වයසේදී ඔබේ දරුවාට ගණිතය ඉගෙනීමට සඳහා පීඩනයක් ලබා නොදිය යුතු අතර, ගණන් කිරීම හා ඉලක්කම් හදුනාගැනීම සදහා වු විනෝදාත්මක ක්‍රම ඔහුට කියාදෙන්න.ඉලක්කම් ඉගනීම ඔබේ දරුවා ගණිතය තුළ විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා ගන්නා වු පළමු විශාල පියවරයි. පෙර පාසැල් දරුවන්ට ගණිතය ඉගෙනීමට සඳහා පීඩනයක් ලබා නොදිය යුතු අතර, ගණන් කිරීම හා ඉලක්කම් හදුනාගැනීම සදහා වු විනෝදාත්මක ක්‍රම ඔහුට කියාදෙන්න .මේ දිනවල දෙමව්පියන් බොහෝ දෙනෙක් තම දරුවන්ගේ සංඛ්‍යා දැනුම ලබා දීම ආරම්භයේදීම flash cards භාවිතා කරනවා. නමුත් විශේෂඥයින් පවසන්නේ මෙම ක්‍රමය ඔබේ දරුවාට අදහසක් ලබා නොදෙන නිසා ඵලදායී නොවෙන්න පුළුවන් බවයි.“අවුරුදු 3 ක් වයසැති පිරිමි ළමයින් බොහොමයකට තුනේ ඉලක්කම හඳුනාගත හැකිය. එහෙත් ඔවුන්ට 3 යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි වටහා ගත නොහැක. සංකල්පමය ඉගෙනුම හා නිපුණතා සංවර්ධනය අතර වෙනස දෙමාපියන් විසින් වටහා ගැනීම වැදගත් වේ.

“Flash cards වෙනුවට, ඔබේ දරුවා සෙල්ලම් කරන විට හෝ ඔබට පුංචි පුංචි අත් උදව් දීම වැනි අවස්ථා වලදී හුරුපුරුදු දේවල් ගණනය කිරීමට ඉගැන්විය හැකි අවස්ථාවන් සොයා බලන්න.මේස්, සෙල්ලම් කාර් හෝ වෙනත් සෙල්ලම් බඩු ගණන් කිරීම තුලින් ඇයගේ අවධානය පවත්වා ගත හැකි අතර ඒ මගින් ඇයගේ වටහා ගැනීම ඇතිවේ.අවුරුදු තුනක් හා හතරක් වු දරුවන්ට සෙල්ලම් කිරීමත් ඉගනීමකි. ඔවුන්ගේ රුචිකත්වය අනුව ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ගවේෂනය දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කරන්න.”සෙල්ලම් කිරීම හා විනෝදය තුළින් ඉගෙනීමේ අදහසට හා ආරම්භයේ සිටම සංකල්පය නිවැරදිව අවබෝධ කර ගැනීමට දිරිමත් කිරීමට අපිත් කැමතියි. ඉතින් මව්වරුනි සහ පියවරුනි , ඔබේ පුංචි පැටියාත් එක්ක ඔබේ නිවසේදී 1-2-3 ක්‍රම පහසුවෙන්ම උත්සාහ කරන්න.පෙර පාසැල් දරුවන් ගායනා කිරීමට හා සවන් දීමට කැමතියි. ඒ නිසා සංඛ්‍යා උගන්වන්න එය භාවිතා කරන්න.පෙර පාසැල් දරුවන්ට ගණිතය
1. එක, දෙක, තුන …ඔබේ පෙර පාසැල් දරුවාට පළමු මූලික ගණිත හැකියාව මගින් ගණන් කිරීමට ඉගැන්වීම මගින් ඔබට නිවසේදීම ඔහුට මග පෙන්වන්න පුළුවන්.
ඔබට මෙය කළ හැකි ක්‍රම කිහිපයක් පහලින්:ගීත: පෙර පාසැල් දරුවන් ගායනය සහ මතකයෙන් කියවීමට කැමතියි. ඒ නිසා මෙය ඔවුන්ට සංඛ්‍යා උගන්වන්න භාවිතා කරන්න. ඒ සදහා මේ ඉලක්කම් ගැන කියවෙන ගීත , කාව්‍ය නිර්මාණ භාවිතා කරන්න පුළුවන්.පොත්: පුස්තකාලයට විනෝද චාරිකාවක් යන්න. ගණනය කරන ආකාරය ගැන පෙර පාසල් දරුවන්ට උගන්වන පොත් සොයා බලන්න. ඔබ ඔබේ ප්‍රියතම තේරීම ඉක්මණින් සොයා ගැනීමට වග බලා ගන්න.ඉලක්කම් ඉගෙනීම හා ගණනය වැනි මූලික ගණිත කුසලතා ඉගෙනීම ඔබේ දරුවාගේ කාර්යයක් වීම අවශ්‍ය නොවේ. මෙම කුසලතා සෙල්ලම් කරමින් උගන්වන්න.
2. ඒ අංකය කුමක්ද?සංඛ්‍යා හඳුනා ගැනීම යනු පෙර පාසල් දරුවන් සඳහා සුදුසු මීලඟ ගණිත කුසලතාවය වේ.
අංක දුටු විට හඳුනා ගැනීම සහ අංක නාමකරණය කිරීම එයට අයත් වේ. ඔබේ දරුවා සමඟ මෙම හැකියාවන් පුහුණු කිරීම සඳහා ක්‍රම මෙන්න,ඉලක්කම් පෙන්වමින් හා නම් කරමින් නගරයට යන්න. එළියට ගිය විට නිවාස, වීදි සංඥා සහ ගොඩනැඟිලි වල ඇති ඉලක්කම් ඔබේ පෙර පාසල් දරු දැරියන්ට පෙන්වන්න. නිවසේදී, ඔරලෝසුවේ සහ දුරකථනයේ අංක පෙන්වා දෙන්න.ලී හෝ ප්ලාස්ටික් ඉලක්කම් ඇසුරුම් දෙකක් මිලදී ගෙන ඔබේ කුඩා දරුවා සමඟ ඒවායින් සෙල්ලම් කරන්න.ඔහුට සමාන අංක එකට තෝරන්න යැයි පවසන්න . එක ඉලක්කම් ඇසුරුමක ඉලක්කම් පිළිවෙලකට තබන්න ඔහුව දිරිගන්වන්න.සංවේදීව සෙල්ලම් කරන්න දිරිගන්වන්න. වැලි කඩදාසියකින් ඉලක්කම් වල හැඩ කපා ඔබේ පුංචි පැටියාගේ ඇගිලි ඒවා මත ගෙන යමින් එම ඉලක්කම හඩනගා කියවන්න. ඔබට මෙය වැලි තලයක හෝ වෙරළ තීරයක වුවත් කරන්න පුළුවන්.නිතර “කීයද?” කියා අසන්න. “ඔබට ඇස් කීයද?”; “මෙම රථයේ රෝද කීයද ?” වැනි දේ අසන්න පුළුවන්.
3. එකට එක ගැලපීමමෙය වාචිකව හෝ ලිඛිතව රූප හා එයට අදාල අංකය ගැලපීම වේ.
මෙම කුසලතාවේ දක්ෂ වීමට පෙර පාසල් දරුවාට මාස ගණනක් ගත විය හැකි බව මතක තබාගන්න. එතෙක් ඉවසන්න.ඔබේ කුඩා දරුවා සමඟ අත්හදා බැලීමට ඔබට යම් අදහසක් මෙන්න: රබර් තාරාවෝ ගණන් කිරීමඔබට අවශ්‍ය ද්‍රව්‍ය : සෙල්ලම් රබර් තාරාවන්, දාදු කැටයක්, ජලය නොගැඹුරු බඳුනක්මෙය පෙර පාසල් දරු දැරියන්ට ඉතා විනෝදජනක ක්‍රීඩාවක් වන අතර මේ දක්වා ඔහු ඉගෙන ගෙන ඇති සියලු ගණින කුසලතා එකට එකතු කරනු ලබයි. තාරාවන් ගැන පොතක් හෝ ගීතයක් ගායනා කරමින් අරඹන්න.ඊළඟට, මේසය මත නොගැඹුරු භාජනයක් තබන්න. ඔබේ කුඩා දරුවාට දදු කැටය පෙරලා එහි ඇති තිත් ගණන් කරන ලෙස කියන්න. එවිට, ඔහු ඒ සංඛ්‍යාවකට අදාල තාරවන් සංඛ්‍යාව වතුර බදුනට දමනවා.
දවස පුරා ගණන් කරන්නඔබේ දිනපතා ක්‍රියාකාරකම් සේ මෙම අභ්‍යාසය පහසුය. ඔබගේ දරුවා සමඟ, ඔබ ඉහළට හා පහලට යන විට පියගැටපෙළෙහි පඩි ගණන් කරන්න. ඔබ පෙට්ටියකට දාන කැට ගණන් කරන්න. ඔබ පිළිතුර දීමට පෙර කොතරම් වාර ගණන දුරකථනය නාද වුනාද වැනි බොහෝ දේ භාවිතා කල හැකිය.
හිස් බිත්තර රදවන විනෝදයඔබට අවශ්‍ය ද්‍රව්‍ය: හිස් බිත්තර රදවනයක්, විශාල බොත්තම්පළමුව, එක් එක් සිදුරේ අවකාශයේ ඇති බොත්තම් පර්මනට් මාකර් එකකින් අංකනය කරන්න . මීලඟට ඔබේ දරුවාට අංකයක් ලබා දී එයට අදාල බොත්තම නිවැරදි සිදුරේ තබන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න.දෙමාපියෙනි, මතක තබා ගැනීම වැදගත්ම දෙය වන්නේ, මෙම ක්‍රියාකාරකම් හැකි තරම් විනෝදජනක කිරීමෙන් ඔබේ දරුවා වර්ධනය වන අතර ඔහුගේ ඉගෙනීමට ඇති කැමැත්ත පවත්වා ගත හැකි බවයි.පෙර පාසැල් ළමුන් සඳහා ඉගෙනීම සෙල්ලම් තුලින් කිරීම වඩාත් කාර්යක්ෂම වේ. එබැවින් එය ප්‍රීතිමත් කරන්න.ක්‍රියාවලිය තුළදී ඔබේ දරුවාට ප්‍රශංසාව හා සිනාසීම ලබා දෙන්න. ඔහු සංකීර්ණ ගණිත කුසලතා වර්ධනයට සූදානම් වන විට, ඔහු එය සතුටින් කරන බවට ඔබට නිසැක විය හැකිය.