ඉරුවාරදය, ආතතිය නිසා ඇති වන හිසරදය, සයිනස් හිසරදය හෝ පොකුරු හිසරදය වැනි නිදන්ගත හිසරදයන්ගෙන් ඔබ පීඩා විඳින්නේ නම්, එය ඔබේ ජීවිතයෙන් සුළු වෙලාවකට හෝ මඟ හරවා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවා. ඒ හිසරදයන් ඔබේ ජීවිතයේ නිත්‍ය අංගයක් වී ඇත්නම්, ඔබේ හිසරදයේ තරම සහ ඒවා වළක්වා ගත හැකි ක්‍රම ඔබ තරමක් හෝ දන්නවා. හැබැයි ඔබ නොදන්න දෙයක් තමයි අද අපි ඔබේ දැනුමට එකතු කරන්නේ. ඔබ දන්නවාද හිසරදයට හේතු මොනවාද කියා?
ඔබ හිසරදයකින් පෙළීමට හේතු 6ක් මෙන්න.
අපි මෙතනදී සාමාන්‍යයෙන් ඇති වෙන සහ නැති වෙන පොදු හිසරදයන් ගැන සහ සාමාන්‍ය හිසරදයට හේතු කතා කරන්නට යන්නේ නෑ.
මෙතනදී අපි කතා කරන්නේ භයානක ප්‍රතිපල අත් කර දිය හැකි ආකාරයේ හිසරදයන් ගැනයි. එවිට ඔබට පුලුවන් තවත් කල් ගිහින් එය වැඩි වී නරක ප්‍රතිපල අත් කර දෙන්නට කලින් ප්‍රතිකාර කරන්න. හිසරදය කියලා කියන්නේ ලෙඩක් නොවේ. රෝග ලක්ෂණයක්. අපි ඒ ගැන දැනුවත් වෙමු.
1. හිසරදයට හේතු වන අසාමාන්‍ය ලෙස අධි රුධිර පීඩනය.
අධි රුධිර පීඩනය නිහඬ ඝාතකයෙකු වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. නමුත් හදිසි දරුණු හිසරදයක් අධි රුධිර පීඩනය පෙන්නුම් කරයි, එයින් අදහස් වන්නේ ඔබ මාරාන්තික අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි. සාමාන්‍ය රුධිර පීඩන මට්ටම 140/90 ට වඩා අඩු යැයි සැලකේ. නමුත් මාරාන්තික අධි රුධිර පීඩනය ඇති අයෙකුට රුධිර පීඩන මට්ටම 180/120 ට වඩා ඉහළින් තිබේ. මේ හේතුව නිසා ඕනෑම ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රියන්ට යම් හානියක් සිදුවිය හැකිය. මෙම තත්වය වේගයෙන් වර්ධනය වන අතර තද හිසරදයක් ඇති විය හැකිය. ඔබ හදිසි ප්‍රතිකාර ගැනීමට නොයන්නේ නම් එය මාරාන්තික විය හැකිය. ඇත්ත වශයෙන්ම, අධ්‍යයන වලින් පෙනී යන්නේ ආතතිය නිසා පෙළෙන හිසරදයෙන් පෙළෙන පුද්ගලයින් හා සසඳන විට දිනපතා නිදන්ගත හිසරදයෙන් පෙළෙන පුද්ගලයින් තුළ අධි රුධිර පීඩනය බහුලව පවතින බවයි. තද බල හිසරදයට හේතු වලින් එකක් තමයි මේ.
අවධානයෙන් සිටිය යුතු මාරාන්තික අධි රුධිර පීඩනයේ වෙනත් රෝග ලක්ෂණ: පෙනීම බොඳ වීම- මනස ව්‍යාකූල වීම – මතකය නැතිවීම – ඔක්කාරය – දුර්වල ගතිය – හුස්ම හිරවීම
පපුවේ වේදනාව
2. දරුණු ආඝාතය
අධි රුධිර පීඩනය මෙන්ම ආඝාතයක් ඇති වීමද හදිසියේම සිදුවිය හැකි අතර එවිට විශාල හිසරදයක් ද ඇති විය හැකිය. මොළයට රුධිර සංසරණය බලපාන විට ආඝාතයක් සිදු වේ. එයට හේතු ගණනාවක් නිසා විය හැකිය. ජාතික ස්නායු ආබාධ හා ආඝාත ආයතනයට අනුව, ආඝාතයේ එක් ලකුණක් වන්නේ පැහැදිලි හේතුවක් නොමැතිව හදිසියේ ඇති වන දරුණු හිසරදයකි. ආඝාතයකදී ඔබට හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගැනීමට අවශ්‍ය වේ. හිසරදයට හේතු වලින් එකක් මෙය විය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
අවධානයෙන් සිටිය යුතු වෙනත් ආඝාත රෝග ලක්ෂණ: ශරීරයේ එක් පැත්තක දුර්වලතාවය හෝ හිරිවැටීම (විශේෂයෙන් මොළයේ බලපෑමට ලක් වූ කොටස මගින් පාලනය වන පැත්ත) – කථනය හා තේරුම් ගැනීමේ අපහසුව – කරකැවිල්ල – සමබරතාවය නැතිවීම – ඇවිදීමේ අපහසුතාව – ඇස් පෙනීම සම්බන්ධ හෝ ඇස් දෙකේම හෝ එක ඇසක ගැටළු.
3. අඩු ග්ලූකෝස් මට්ටම
හදිසි, දරුණු හිසරදයට හේතු වන තවත් රෝගයක් වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉතා අඩු වීමයි. එනම්, හයිපොග්ලයිසීමියාව නම් තත්වයයි. සිරුරට නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා අපගේ ශරීරයට අඛණ්ඩව ග්ලූකෝස් සැපයුමක් අවශ්‍ය වේ. සියලුම අවයව ගත්තාම අඩු ග්ලූකෝස් සැපයුම අඩු හෝ වැඩි උනාම පළමුව බලපාන්නේ මොළයටයි. එවිට තත්වය මාරාන්තික විය හැකිය. කෙසේ වෙතත්, අඩු ග්ලූකෝස් නිසා ඇතිවන හිසරදයකට ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරල හා කාබෝහයිඩ්රේට් බහුල ආහාර වලින් කුස පුරවා ගත් පසු තත්වය සමනය කල හැකිය. සීනි වැඩි ආහාර වලින් ඈත්ව සිටින්න. එය ක්ෂණිකයෙන් හා ඉතා කෙටි කාලයක් තුළ ග්ලූකෝස් මට්ටම පහත වැටීමට හේතු විය හැක. මතක තබා ගන්න, හයිපොග්ලයිසීමියාව භයානක තත්වයක් වන අතර හදිසි මරණයට ද හේතු විය හැක. ඔබ දිගු කලක් බඩගින්නේ සිට හිසරදයක් ඇති වුවහොත්, ඔබේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නැංවීමට යමක් අනුභව කරන්න මතක තබා ගන්න. අවධානයෙන් සිටිය යුතු හයිපොග්ලිසිමියා රෝගයේ වෙනත් රෝග ලක්ෂණ: – ඔක්කාරය – කරකැවිල්ල – දහඩිය දැමීම – නුරුස්නා බව – අක්‍රමවත් හෘද ස්පන්දනය – ශීතල
4. මොළයේ ආසාදනයක් හිසරදයට හේතු විය හැකිය
සමහර විට ඔබේ හිසරදය මෙනින්ජයිටිස් වැනි දරුණු ආසාදනයකට ගොදුරු වී ඇති බවට ලකුණක් විය හැකි අතර ඔබට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. මෙනින්ජයිටිස් යනු මෙනින්ජි පටල ප්‍රදාහයයි. මෙය මොළය හා කොඳු ඇට පෙළ ආවරණය කරන පටල වන මෙනින්ජි පටලයි. මෙම තත්වය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇති වන අතර එය ජීවිතයට තර්ජනයක් විය හැකිය. අවධානයෙන් සිටිය යුතු මෙනින්ජයිටිස් රෝගයේ වෙනත් රෝග ලක්ෂණ: උණ-ශරීරයේ කුෂ්ඨ-බෙල්ලේ තද ගතිය-ආලෝකයට අධික ලෙස සංවේදීතාව-මාංශ පේශි දෘඩතාව
5. අභ්‍යන්තර රුධිර වහනය හිසරදයට හේතු විය හැකිය
සමහර විට අධි රුධිර පීඩනය හෝ වෙනත් කායික ගැටළු හේතුවෙන් මොළයේ ඇති රුධිර නාල කැඩී ගොස් රුධිරය කාන්දු වීම නිසා සිහි නැති වීම වැනි තත්වයක් ඇති විය හැක. මොළයේ කැඩී ගිය රුධිර නාලයක් හිසරදය සමඟ ශරීරයේ සමහර කොටස් වලට ප්‍රබල දුර්වලතාවයක් ඇති කරයි. නිසැකවම ඔබ රෝහලට ඉක්මණින් යා යුතුයි. එබැවින් සුපරීක්ෂාකාරී වන්න. මෙවැනි තත්වයකට හේතු විය හැකි වෙනත් රෝග ලක්ෂණ ගැන සොයා බලමු. අවධානයෙන් සිටිය යුතු අභ්‍යන්තර රුධිර වහනයේ වෙනත් රෝග ලක්ෂණ:එක් ඇසක් පිටුපස හෝ ඊට ඉහළින් වේදනාව – ඇස් වල වියලි බව-නිතර ඇසිපිය හෙළීම-ආලෝකයට සංවේදීතාව-නොපැහැදිලි හෝ ද්විත්ව පෙනීම-ශරීරයේ එක් හෝ දෙපැත්තේ දුර්වලතාවය හෝ හිරිවැටීම-කතා කිරීමේ අපහසුව-ඇවිදීමේ අපහසුව-කරකැවිල්ල-ඔක්කාරය හෝ වමනය-කම්පනය-සිහිය නැතිවීම
6. හිස තුවාල වීමෙන් ඇතිවන විපාක
හිස තුවාල වීමෙන් පසු හිසරදයක් ඇති වීම සැලකිලිමත් විය යුතු කරුණකි. විශේෂයෙන් එම හිසරදය නැවත නැවත ඇති වුවහොත් සැලකිලිමත් වෙන්න ඕනි විශේෂයෙන්ම. එබැවින් හදිසි අනතුරකින් හෝ තුවාලයකින් පසු ඔබේ වේදනාව ගැන විමසිල්ලෙන් සිටින්න. එය පිළිවෙලින් හිස් කබලේ අස්ථි බිඳීමක් හෝ මොළයේ රුධිර නාල කැඩීමක් විය හැකිය.
හිස තුවාල වූ විට අවධානයෙන් සිටිය යුතු වෙනත් රෝග ලක්ෂණ: නැවත නැවත හිසරදය-ඔක්කාරය හා වමනය-අවධානය නැති වීම-මතකය නැතිවීම-ශරීරයේ සමහර කොටස්වල තද ගතිය-කරකැවිල්ල-ආහාර රුචිය නොමැතිකම.
ඉතින් බල බල ඉන්න එපා තදබල හිසරදයක් හැදුනොත්. හිසරදයට හේතු ගණනාවකින් 6ක් දැන් ඔබ මේ වන විටත් දන්නවා. ඒ නිසා හිසරදය කිසි විටෙකත් සුළුවෙන් තකන්නට එපා. ඒ නිසා මෙවැනි තත්වයක් යැයි සැක සිතුනොත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.