ලස්සන සමකට ඕනෑම කෙනෙක් කැමතියි. සම සුදු පැහැයට තියෙන්න ඕන කියලා මෙහිදී අදහස් කරන්නේ නැහැ. එහෙත් ලස්සන සමක් කිව්වම ලප කැළැල් නැති පැහැපත් සමක් අදහස් කරනවා. ඉතින් ඒ සමේ ලබාගන්න පුළුවන් ආකාරයේ ක්‍රම කිහිපයක් ගැන අද අප වෙත ගෙන එන්නට සිතුවා.
1.දිය නෑම
ස්නානයේදී ඔබේ ශරීරය හොඳින් අතුල්ලන්න. සමහරු නම් කියන්නේ හැමදාම නානවා කියලා. ඒ වුණාට නිකම්ම ගිහින් නාගෙන එනවා මිසක් හොඳට අතුල්ලගෙන නාන්නේ නැහැ. රළු නොවන දෙයකින් ස්නානයේදී ඔබේ සම හොඳින් අතුල්ලන්න. මෙසේ ඇතිල්ලීමේදී ඔබේ සම මතුපිට ඇති මැරුණු සම ඉවත් වන අතරම දිනය පුරාම ඔබේ සම මත රැඳුණු කුණු දූවිලිද ඉවත් වෙනවා.
2.සමේ තෙතමනය
සමේ තෙතමනය රඳා පවත්වා ගන්න ඕන. මේ සඳහා ඔබට පුළුවන් සමේ තෙතමනය රඳා පවත්වා ගන්නා ක්‍රීම් එකක් භාවිත කරන්න. මෙමගින් ඔබේ සම වියළීම අවම කරන නිසා සමේ ඇතිවන ඉරි තැළීම්වලින් ඔබට බේරෙන්න පුළුවන්.
3.බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම
ඔබේ මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගන්න. සෑම දින 15කට වතාවක් ජෙලටින් ෆේස් මාස්ක් එකක් ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම පිණිස යොදන්න. ජෙලටින් මේස හැන්දකට නැවුම් කිරි මේස හැඳි දෙකක් දමා විනාඩියක් පමණ රත්කර ගන්න. එය නිවෙන්නට හැර ඔබ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති ස්ථානවල ආලේප කොට පැයකින් පමණ ගලවා ඉවත් කරන්න.
4.ක්ලෙන්සර් කිරීම
ඔබේ මුහුණ ක්ලෙන්සර් එකකින් හෝ මඳ උණුසුම් ජලයෙන් දිනපතා සෝදා හරින්න. මෙමගින් ලැබෙන වාසිය නම් ඔබේ මුහුණේ ඇති කුණු දූවිලි ඉවත් වීම නිසා ඔබේ මුහුණ පැහැපත් වීමයි. මෙය ඔබට රාත්‍රියේ නින්දට යාමට පෙර සිදුකළ හැකිය.
5.සන් ක්‍රීම්
සන් ක්‍රීම් එකක් භාවිත කරන්න. අහිතකර හිරු කිරණ මගින් ඔබේ සම පිලිස්සීමට ලක් කරනවා. එවිට ඔබේ සම අවපැහැ වෙනවා. මේ නිසා ඔබ බැහැරට යන සෑම අවස්ථාවකම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඒ සන් ක්‍රීම් එක SF අගය 30ට වැඩි එකක් වීමටද වගබලා ගන්න.
6.ජලය පානය
ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. ඔබ දැනටමත් දන්නවා අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු වන්නට නම් ප්‍රමාණවත් තරම් ජලය අවශ්‍යබව. එහෙම නැති වුණොත් ඔබව විජලනයට පවා පත්වෙන්නට පුළුවන්. ඒ නිසා හොඳින් වතුර බොන්න.
7.කෝමාරිකා ප්‍රතිකාරය
ඔබේ මුහුණ රැලි වැටීම්වලින් වළක්වා ගන්න. සතියට දෙතුන් වතාවක් පමණ රාත්‍රියේ නින්දට යාමට ප්‍රථම ඔබේ ඇස යට සහ මුඛය වටා කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කරන්න. මෙම ස්වභාවික ප්‍රතිකාර ඔබව රැලි වැටීම්වලින් ආරක්ෂා කරනවා.
8.මේකප් කිරීමේදී.
මේකප් හොඳින් ඉවත් කරන්න. ඔබ ආලේප කරන මේකප් ඔබේ මුහුණේ ඉතිරි වී තිබුණහොත් ඒවා ඔබේ සම සමග ප්‍රතික්‍රියා කොට සමේ විවිධ ආසාදන ඇති කරන්න පුළුවන්. එමගින් ඔබේ සම දුර්වර්ණ වී රෝගී වෙන්න පුළුවන්. එම නිසා රාත්‍රියේ නින්දට පෙර ඔබේ මේකප් හොඳින් ඉවත් කරන්න.
9.ගුණදායක පාන
අඩුම ගණනේ මාසයකට සැරයක්වත් ගුණදායක බිමක් ගන්න. බිට් අලයක්, කැරට් අලයක්, දොඩම් ගෙඩියක්, ඇපල් ගෙඩියක් සහ පිපිඤ්ඤා භාගයක් ඒකට බ්ලෙන්ඩ් කර පානයට ගන්න. මෙමගින් ඔබේ සමේ තෙතමනය රැකගන්න උදව් කරනවා.
10.ව්‍යායාම
ව්‍යායාම, හොඳට කාලා බිලා හිටියට විතරක්ම මදි. ව්‍යායාම කරන්නත් ඕනේ. ව්‍යායාම මගින් ඔබව ශක්තිමත් කරන අතරම ඔබේ ශරීරයේ අහිතකර මේද දහනය කරමින් ඔබට නිරෝගිමත් හැඩ ඇති සිරුරක් ලබාදෙනවා.
11.ක්ලීනප්
මාසයකට දෙවතාවක්වත් ක්ලීනප් එකක් කරන්න. මෙය ඔබට ඔබේ රූපලාවණ්‍යාගාරයෙන් හෝ නිවසේදීම කරගන්න පුළුවන්. මෙමගින් ඔබේ මුහුණේ ඇති කුණු දූවිලි අපද්‍රව්‍ය ඉවත් වෙන නිසා මුහුණ හොඳින් පිරිසිදු වෙනවා.
12.ප්‍රමාණවත් නින්ද
ප්‍රමාණවත් නින්ද, ඔබ දන්නවාද නින්දේදී ඔබේ ෙසෙල ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා. එවිට සමේ නම්‍යශීලී බව වැඩිදියුණු වෙනවා. නින්ද ඔබේ ශරීරයට අත්‍යවශ්‍යයි. දිනය පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට නිදහසක් ලැබෙන්නේ නින්දේදීය. නිසි නින්දක් නැතිවුණු විට ඇස යට අවපැහැ වීම, කුරුලෑ දැමීම, තෙහෙට්ටු බව ඇතිවෙනවා. මෙමගින් ඔබේ සමද රෝගී වෙනවා.