අද අප ඔබ වෙත ගෙන එන්නට සිතුවා බීට් රූට් වලින් ලිප් බාම් එකක් සාදාගන්නා ආකාරය පිළිබදවයි.

ලිප් බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
1.සුද්ද කරගත් බීට්රූට් ගෙඩියක්
2.සුදු පොල්තෙල් තේ හැන්දක්
3.පෙට්‍රෝලියම් ජෙල්
4.විටමින් E කරලක්
5.කුඩා ඩප්පියක්.

එය සාදන ආකාරය
මුලින්ම සුද්ද කර ගත් බීට්රූට් අලය ග්‍රේට්ර් එකෙන් ග්‍රේට් කරගන්න. ඉන් පසුව පෙනේරයක් මගින් යුශ ටික වෙනත් බෝල් එකකට වෙන් කර ගන්න. වතුර එකතු නොකරන්න. පසුව එයට සුදු පොල්තෙල් තේ හැන්දක් එකතු කරගන්න. හොදින් කලවම් කරන්න. එයට වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් තේ හැදි බාගයකුත් එයට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. එයට විටමින් E කරලේ තෙල් එකතු කර ගන්නත් අමතක කරන්න එපා. දැන් මේ සේරම එකතු කරගෙන තියෙන නිසා හොදින් මෙය කලවම් කරගන්න. දැන් ඔබට දැකගන්න පුලුවන් වෙයි රෝස පැහැති ලිප් බාම් එකක්. මෙය පිරිසිදු වියලා ගත් කුඩා ඩප්පියකට දාගෙන භාවිතා කරන්න. අනිවාර්යයෙන්ම ෆිජ් එකේ තියන්න අමතක කරන්න එපා.
