ආයුර්වේදයේ සියඹලා වලට හිමිවන්නේ පුදුමාකාර තැනක්
අප පෙලෙන බොහෝ රෝගාබාදා වලට ප්‍රදාන හේතුව වන්නේ බඩ වැල්වල ඉතිරි වන ආහාර එසේ නැතහොත් ආමයට සියඹලා යුෂ මහඟු කාර්යක් ඉටු කරනවා. බඩවැල් පිරිසිදු කර මල ඉතා පහසුවෙන් පිට කරන ගුණයක් සහිත වටිනා පානයයක්. ඔබගේ හිසකෙස් යාම පාලනය වේ. දියවැඩියාව, අර්ශස්, කොලෙස්ටරෝල් වලට ඉතා වටිනා පානයකි.
සියඹලා පානය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා ටෙනිස් බෝලයක් තරම් ගුලියක්
*වතුර වීදුරු 3
*සිහින්ව කපා ගත් දෙහි පෙති 8
*සීනී තේ හැදි 3 - මින්චි කොළ මිටක්
- ලුණු තේ හැදි භාගයක්
සාදා ගන්නා ආකාරය.
*සියඹලා යුෂ ගෙන එයයට වතුර වීදුරු 3න දමා මිශ්‍ර කර පිරිසිදු රාස්පානකට දමා රත් වෙන්නට තබන්න.
*සියඹලා මිශ්‍රණය රත් වෙද්දි ලිපෙන් බා එයට සීනී සහ ලුණු එකතු කර ගන්න.
*මෙසේ සාදා ගත් සියඹලා යුෂ පානය වීදුරු හතරකට දමන්න.
*එක වීදුරුවකට මින්චි කොල කිහිපයක් හා දෙහි පෙති දෙකක් දමා පැයක් ශීතකරණයේ තබන්න.
- මෙසේ සාදා ගත් සියඹලා යුෂ පානය රාත්‍රී නින්දට පෙර සම්පූර්ණ වීදුරුවම බොන්න.