- අලිගැට පේර පුඩින්
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර ගෙඩි 1
මිල්ක්මේඩ් කෝප්ප 3/4
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
ජෙලටින් මේස හැඳි 2
වැනිලා තේ හැඳි 2
සීනි කෝප්ප 1/2
භාජනයක් ලිපේ තියලා කිරි ටික එකතු කරන්න. කිරි උණු වෙනකොට සීනි එකතු කරන්න. ටිකකින් මිල්ක්මේඩ් ටික දාලා හැඳිගාන්න. සීනි දිය උනාම මේක ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
ජෙලටින් වලට උණුවතුර කෝප්ප 1/4ක් දාලා පෙඟෙන්න තියන්න. අලිගැටපේර ගෙඩිය කපලා බ්ලෙන්ඩර් එකට දාලා කිරි මිශ්‍රණය දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

මේකට ජෙලටින් ටිකත් එකතු කරලා කලවම් කරගන්න. බටර් ග්ලේස් කරපු මෝල්ඩ් එකකට දාලා පැය 4ක් ෆ්‍රිජ් එකේ සෙට්වෙන්න තියලා කෑමට ගන්න.
- අලිගැට පේර මිල්ක්ශේක්
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර ගෙඩි 1
කෙසෙල් ගෙඩි 1
වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 1
කිරිපිටි මේස හැඳි 2
සීනි මේස හැඳි 2
ලුණු
මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා වතුර චුට්ටක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- අලිගැටපේර අයිස්ක්‍රීම්.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 1
මිල්ක්මේඩ් ටින් 1
ලෙමන් ජූස් මේස හැඳි 2
ලුණු ටිකක්
හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2
අලිගැටපේර ගෙඩිය බ්ලෙන්ඩර් එකට දාලා ඒකට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ දාලා ගත්තු බෝල් එකක් හා විස්ක් දෙක අරගෙන විප් ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න.
ඝනකම් වෙනකල් බීට් උනාම ඒකට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර ටික එකතු කරගන්න. දැන් තවත් හොඳට බීට් කරගන්න. ෆ්‍රීසර් එකේ පැය 12ක් වගේ තියලා. කෑමට ගන්න.
- අලිගැට පේර කරි
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
බාගෙට ඉදුණු අලිගැටපේර ගෙඩි 2
කපාගත් අල ගෙඩි1
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
කරපිංචා හා රම්පේ
කහකුඩු තේ හැඳි 1/2
අමු තුනපහකුඩු තේ හැඳි 1
මිරිස්කුඩු තේ හැඳි 1
චොප්කරගත් තක්කාලි ගෙඩි 1
අබ ස්වල්පයක්
සූදුරු ස්වල්පයක්
උළුහාල් ස්වල්පයක්
අමුමිරිස් කරල් 2
තෙල් ස්වල්පයක්
අලිගැටපේර ටික පොතු අයින් කරලා කොටුවට කපාගන්න. අල ගෙඩියත් කපාගන්න. මේ දෙක කලවම් කරල මිරිස්කුඩු, තුනපහකුඩු, ඉඟුරු සුදුළූණු පේස්ට් එක, කහකුඩු දාලා අනලා පැත්තකින් තියන්න.
භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ, සූදුරු හා උළුහාල් ටික දාගන්න. ටිකකින් චොප්කරගත් ළූණු ටික, රම්පේ, කරපිංචා හා අමුමිරිස් ටික දාගන්න. කපාගත් තක්කාලි ගෙඩිය එකතු කරන්න. ඊළඟට අලිගැටපේර සහ අල ටික දාගන්න. විනාඩි 5ක් වගේ වහලා පිසගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- අලිගැට පේර පිකල්
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
කපාගත් බාගෙට ඉදුණ අලිගැටපේර ගෙඩි 1
විනාකිරි කෝප්ප 2
වතුර කෝප්ප 1/2
ලුණු මේස හැඳි 1
සීනි මේස හැඳි 2
අබ මේස හැඳි 2
ගම්මිරිස් ඇට මේස හැඳි 2
වියළි මිරිස් කරල් 3
භාජනයකට විනාකිරි හා වතුර දාලා ලිපේ තියන්න. මේකට ලුණු, සීනි, අබ ඇට ගම්මිරිස් ඇට, කඩාගත් වියළි මිරිස් දාලා හැඳිගාන්න. විනාඩි 10ක් වගේ ලිපේ තියලා නටනකොට බාගන්න.
මේක නිවෙන්න තියන්න. අලිගැටපේර ගෙඩිය පොඩි කෑලිවලට කපාගෙන ජීවාණුහරණය කළ බෝතලේකට දාගන්න. නිවෙන්න තිබ්බ විනාකිරි මිශ්‍රණයත් මේකට වක්කරලා කට හොඳට වහලා දවසකින් පස්සේ ආහාරයට ගන්න.





