free page hit counter
කෑම ජාතිවම්බටු අලුත් විදිහට හදන්න රෙසිපි 7ක් මෙන්න.

වම්බටු අලුත් විදිහට හදන්න රෙසිපි 7ක් මෙන්න.

-

- Advertisment -spot_img
  1. චයිනීස් වම්බටු බාබකියු.

අවශ්‍ය ද්‍රව්‍ය – පණුවන් විද නැති අලුත් වම්බටු ගෙඩි 4 – ඔලිව්තෙල් ස්වල්පයක් / සෝස් එකට – චොප්කරගත් සුදුළූණු බික් 5 – සෝයාසෝස් මේස හැඳි 2 – ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක් – මිරිස්කුඩු තේ හැඳි 1/2 – ඔලිව්තෙල් ස්වල්පයක් – සෝස් එකට ඕන ඔක්කොම කළවම් කරලා සෝස් එක හදාගන්න. වම්බටු වල ඔලිව්තෙල් ටිකක් ගාලා දුඹුරු පාට වෙනකල් ග්‍රිල් හෝ පෑන් ෆ්‍රයි කරගන්න. දැන් වම්බටු ගෙඩිය දෙකට පලාගන්න. පලාගත් වම්බටු ගෙඩි මදයේ පිහියෙන් ඉරි කිහිපයක් අදින්න. ඊළඟට හදාගත්තු සෝස් එක මේකට වක්කරන්න. ආපහු ටිකක් ග්‍රිල් කරලා කෑමට ගන්න.

  1. වම්බටු පැහි.

අවශ්‍ය ද්‍රව්‍ය – වම්බටු ග්‍රෑම් 500 – කපාගත් ළූණු ගෙඩි 1 – කුරුඳු පොතු කෑල්ලක් – සුදුළූණු බික් 4 – අමුමිරිස් කරල් කිහිපයක් – ඉඟුරු කෑල්ලක් – පොල්කිරි කෝප්ප 1/4- කෑලිමිරිස් තේ හැඳි 1 – මිරිස්කුඩු තේ හැඳි 2 – කහකුඩු තේ හැඳි 1/2 – දෙහි යුෂ ස්වල්පයක් – රම්පේ හා කරපිංචා – සේර කෑල්ලක් / වම්බටු දික් අතට කපාගන්න. කහ හා ලුණු අතගාලා ටිකක් තියල ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්න තියන්න. අමුමිරිස් චොප්කරගන්න. සුදුළූණු හා ඉඟුරු ටික තලාගන්න. මැටි හට්ටියකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු, ඉඟුරු, ළූණු, රම්පෙ, කරපිංචා, සේර දාලා තෙම්පරාදු කරගන්න. මේකට මිරිස්කුඩු, කෑලිමිරිස්, තුනපහකුඩු එකතු කරන්න. ටිකකින් බැදපු වම්බටු ටික දාගන්න. පොල්කිරි දාලා වහලා පිසගන්න. ලුණු රස අනුව දාගන්න. කිරි ටික හි​​​ඳෙනකල් ලිපේ තියාගන්න.

  1. පොල් මිශ්‍ර වම්බටු බැදුම.

අවශ්‍ය ද්‍රව්‍ය – වම්බටු කරල් 4 – පොල් කෝප්ප 1/2 – සුදුළූණු බික් 4 – කඩාගත් වියළි මිරිස් කරල් 4 – ලුණු – කහකුඩු ස්වල්පයක් – අබ ස්වල්පයක්
සූදුරු තේ හැඳි 1 – කඩල පරිප්පු මේස හැඳි 1 – කරපිංචා ස්වල්පයක්

මුලින්ම පොල් හා මිරිස් කරල් කබලෙ බැදගන්න. සුදුළූණු චොප් කරලා ඒකටම දාලා බැදගන්න. වම්බටු දික් අතට කපලා කහ කුඩු හා ලුණුකුඩු අතගාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
තාච්චියකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරවගන්න. මේකට සූදුරු හා කඩල පරිප්පු ටික දාගන්න. හොඳට තෙම්පරාදු කරන ගමන් කරපිංචා, කහකුඩු ටිකක් දාගන්න. බැදගත් වම්බටු ටික දාලා රස අනුව ලුණු එකතු කරගන්න. විනාඩි 5ක් වගේ පිසගෙන පොල් මිශ්‍රණය එකතු කරලා තව විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.

  1. වම්බටු මෝජුව.

අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් වම්බටු ග්‍රැම් 500
රතුළූණු ගෙඩි කෝප්ප 1
අමුමිරිස් කරල් 15
හාල්මැස්සන් ග්‍රෑම් 200
සුදුළූණු බික් 5-6
රම්පෙ හා කරපිංචා
විනාකිරි මේස හැඳි 3
සියඹලා යුෂ තේ හැඳි 3
අබ ස්වල්පයක්
කහකුඩු තේ හැඳි 3/4
කුරුඳු පොතු කෑල්ලක්
කරාබුනැටි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
එනසාල් ඇට 3
සීනි ග්‍රෑම් 100
මිරිස්කුඩු තේ හැඳි 1

මුලින්ම බටු හා හාල්මැස්සන් වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්න තියන්න.
වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අමුමිරිස් හා ළූණු දාලා යන්තම් බැදගන්න.
ඉඟුරු, සුදුළූණු, රම්පේ, කරපිංචා, එනසාල්, අබ, කරාබුනැටි අඹරගන්න. මේකට ගම්මිරිස්කුඩු එකතු කරන්න. වතුර ටිකක් දාලා උකු මිශ්‍රණයක් හදලා
මැටි හට්ටියකට දාගන්න.
මේකට සියඹලා යුෂ, විනාකිරි හා සීනි දාලා මදගින්නෙ පිසගන්න. ටිකකින් ලිප නිවලා වම්බටු හා හාල්මැස්සන් බැදගත් දේවල් ටික දාලා කළවම් කරගන්න.

  1. වම්බටු සම්බෝල.

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු කරල් 3
ලියාගත් ළූණු ගෙඩි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
දෙහි යුෂ ස්වල්පයක්
ලියාගත් තක්කාලි ගෙඩි 2
කපාගත් අමුමිරිස් කරල් 2

වම්බටු හීනියට කපලා ලුණු හා කහකුඩු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. දැන් තෙල් බේරෙන්න තියන්න.
ලියාගත් ළූණු, මිරිස් සහ තක්කාලි වලට ලුණු, ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ දාලා අනාගන්න. දැන් මේකට බැදගත් වම්බටු ටිකත් දාලා කළවම් කරගන්න.

  1. අළුකෙසෙල් හා වම්බටු කරි.

අවශ්‍ය ද්‍රව්‍ය

පෙති කපාගත් වම්බටු ග්‍රෑම් 500
පෙති කපාගත් අළුකෙසෙල් ග්‍රෑම් 200
මිටිකිරි කෝප්ප 1
දියකිරි කෝප්ප 1/2
තම්බාගත් අලගෙඩි 1
අමුමිරිස් කරල් 2
වියළි මිරිස් කරල් 2
රතුළූණු ගෙඩි 5
ලුණු හා ගම්මිරිස්කුඩු
දෙහි යුෂ ස්වල්පයක්
මිරිස්කුඩු තේ හැඳි 2
කපාගත් තක්කාලි ගෙඩි 2

මුලින්ම බටු හා අළුකෙසෙල් වලට කහකුඩු හා ලුණු තවරගෙන ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගන්න.
භාජනයකට දියකිරි දාලා කපාගත් රතුළූණු, අමුමිරිස්, වියළි මිරිස් හා තක්කාලි දාලා ලිපේ තියන්න. කිරි ටික උතුරනකොට බැදගත් වම්බටු හා අළුකෙසෙල් එක්ක කපාගත් අලගෙඩිය එකතු කරන්න.
ටිකකින් රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. මිටිකිරි ටික දාලා උතුරවලා හිඳෙන්න තියන්න. ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් එකතු කරන්න.

  1. බේක්ඩ් එග්ප්ලාන්ට්.

අවශ්‍ය ද්‍රව්‍ය

බටු කරල් 4
ලුණු
බිස්කට් කුඩු කෝප්ප 1
පාන්පිටි කෝප්ප 1/2
මිරිස්කුඩු ස්වල්පයක්
කහකුඩු ස්වල්පයක්
ගාලික් පව්ඩර් ස්වල්පයක්
බිත්තර 2
දිය කරගත් බටර් මේස හැඳි 3

බටු ටික පෙති කපාගන්න. දැන් මේ පෙති වලට හොඳට ලුණු තවරගන්න.
විනාඩි 30ක් තියලා මේ පෙති ටික සෝදලා මිරිකල තෙත හිඳගන්න.
බිස්කට් කුඩු, පාන්පිටි වලට ගාලික් පව්ඩර්, මිරිස්කුඩු, කහකුඩු හා ලුණු දාලා කළවම් කරගන්න. බිත්තර 2ක් කඩලා ගසාගන්න.
බේකින් ට්‍රේ එකකට තෙල් තවරගන්න. දැන් බිත්තර සාරු වල දවටපු වම්බටු පෙති බිස්කට් කුඩු වල දවටලා බේකින් ට්‍රේ එකේ තියලා, උඩින් මෙල්ට් කරගත් බටර් ටිකක් ගාලා, 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.

උපුටා ගැනීමකි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you