1.බඩ ඉගුරු ඇට (popcron) – 100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න.

2.සෝයා ඇට – 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා එවිට ලිපෙන් අයින් කරගන්න.
3.මුංඇට – 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් කරගන්න.
4.සුදු හාල් – 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා
සදා ගන්නා ආකාරය.

මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරගන්න අන්තිමට ඒ ටික හලා ගන්න.
ඔබේ අවශ්‍යතාවය පරිදි කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරගන්න.
සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා රසයි හදලා බලන්න.

කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එකඑක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක ඇත්තෙන්ම තෙරුමක් නෑ.