1.වෙනත් ගැහැණියකගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ට මැලි වෙන්න එපා.
2.සමාජයේදී, මඟ තොටේදී අසාධාරණයක් වූ විටක නිශ්ශබ්දව ඉන්න එපා.
3.එකම වරදට දෙසැරයක් සමාව ඉල්ලන්නත්/ දෙන්නත් එපා.
4.තමන්ගෙ රූපය ගැන අන් අයගෙන් අදහස් අහන්න එපා.
5.ආදරය, යාළු කම, සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.

6.අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා.
7.අනුන්ගේ පවුල් ජීවිතේකට හවුල් වෙලා අනිත් ජීවිත අවුල් කරන්න එපා.
8.විවාහයෙන් පස්සේ තමන්ව අහිමි කර ගන්න එපා.
9.දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා.
10.මිනිස්සුන්ගෙ ක්රියාව මිස වචන විශ්වාස කරන්න එපා.
11.උපයන්නෙක් මිස කාගෙන්වත් යැපෙන්නෙක් වෙන්න එපා.

12.අන් කිසිම ගැහැණියකගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා.
13.තනිවෙන්න බය වෙන්න එපා.
14.බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.
15.තමන්ට නැති දේවල් මවා පාමින් තමන්වම රවටා ගන්න එපා.
16.පෞර්ෂවත් ගැහැණියක වීමට පමා වෙන්න එපා.

(උ.ගැ)