අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය.
කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ?

1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි.
2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි.
3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි.
4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි.
5.සමට හොඳ පැහැයක් ලබා දෙයි.

6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි.
7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි.
8.ශරීර විෂ නසයි.
9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි.
10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි.
11.මුඛ රෝග වලට කදිමයි.
12.අස්ථි ශක්තිමත් කරයි.
13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි.
14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි.
15.ස්නායු ශක්තිමත් කරයි.
16.මතක ශක්තිය වැඩි කරයි.
17.පිළිකා රෝග මර්ධනය කරයි
මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න.
රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්.

පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය.