free page hit counter
කෑම ජාතිවෙනස්ම ආකාරයකට රසවත්ව මාළු හදාගන්න රෙසිපි 5ක් මෙන්න.

වෙනස්ම ආකාරයකට රසවත්ව මාළු හදාගන්න රෙසිපි 5ක් මෙන්න.

-

- Advertisment -spot_img

  1. බේක්ඩ් ෆිශ් (Baked Fish)

ඩිනර් එකට නැත්නම් බයිට් එකට ගැලපෙන විදියට මාළුවෙක් ලේසියෙන්ම රසට බේක් කරගන්න විදියකුයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

මලට්/තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් වඩා සුදුසුයි, දියකරගත් බටර් මේස හැඳි 4, දෙහි යුශ මේස හැඳි 2, හොඳින් තලාගත් සුදුළූණු බික් දෙක තුනක්, සීනි තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි 1/2ක් හෝ රස අනුව, චොප් කරගත් පාස්ලි මේස හැන්දක්, ලුණු රස අනුව, පාන් කුඩු කප් 1/3

පොඩි බෝල් එකකට බටර්, දෙහි, සීනි, සුදුළූණු, ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කරගන්න. එයටම පාස්ලි ටිකත් එක් කර කලවම් කරගන්න.
මාළුවා හොඳින් සෝදා පිරිසිදු කර, තැනින් තැන දෙපැත්තේම පිහියෙන් වෙන් නොවන සේ ඉරි කපාගන්න. සාදාගත් සීසනින් එක මාළුවාගේ හොඳින් තවරා විනාඩි 30ක් පසෙකින් තබාගන්න.
විනාඩි 30කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා, තෙල් ඉසගත් බේකින් ට්‍රේ එකක තබා, සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරගන්න.

  1. තායි ෆිශ් ඇන්ඩ් ශ්‍රිම්ප් කරි (Thai Fish And Shrimp Curry)

තායි රසයට පොල්කිරි එහෙම දාල හදාගන්න මාළු සහ ඉස්සො කරියක්. බත් වලට වගේම අපේ පාන් ඉඳිආප්ප වලටත් හොඳින්ම ගැලපෙනව. වෙන වෙනම ඉව්වට කෑවට මේ දෙක එකට උයල නෑනෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමති මාළු වර්ගයකින් 450g, ඉස්සො 250g, මිටිකිරි 400ml, කොත්තමල්ලි කොළ අහුරක්, පොඩිකරගත් ළූණු ගෙඩියක්, තලාගත් ඉඟුරු තේ හැන්දක්, තලාගත් සුදුළූණු බික් 3, කපාගත් වියලි මිරිස් කරලක් හෝ දෙකක්, තෙලෙන් බැද අඹරාගත් කූණිස්සො තේ හැන්දක්, සේර අඟල් දෙකක විතර කෑල්ලක් තලාගෙන, අමුපහේ පුරවල තේ හැන්දක්, සීනි තේ හැන්දක්, දෙහි බෑයක ඇඹුල්

ඉඩකඩ ඇති භාජනයකට තෙල් මේස හැන්දක් දෙකක් එකතු කරල රත් වෙන්න තියන්න. ඒකට ළූණු එකතු කරල තෙම්පරාදු වෙන්න අරින්න. ළූණු මැලවෙනකොට ඒකට සේර, ඉඟුරු සුදුළූණු, කූණිස්සො පේස්ට් එක සහ වියලි මිරිස් එක් කරගන්න.
විනාඩි දෙකක් පමණ පිසගෙන පහේ සහ සීනි එකතු කරගන්න. සීනි ටික දියවීගෙන එනකොට පොල්කිරි එකතු කරන් මදගින්නෙ උතුරවාගන්න.
හොද්ද උතුරනකොට මාලු සහ ඉස්සො එකතු කරල අවශ්‍ය පමණට ලුණු එකතු කරන්, දෙහි ඉස්ම ටිකත් මිශ්‍ර කරගෙන අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න. මාළු හොඳින් තැම්බුනාම ලිප නිවල කොත්තමල්ලි කොළ ටික එකතු කරන් පිළිගන්වන්න.

  1. ඇඹුල් තියල් වෙනස් විදියකට

ඇඹුල් තියල් කිව්ව ගමන් මතක් වෙන්නෙ දකුණු පළාත. මේ ටිකක් වෙනස් විදියකට හදාගන්න පුළුවන් ඇඹුල් තියල් එකක්. වැඩිය පහේ වර්ග පාවිච්චි නොකරයි හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලන් හෝ බල මාළු 250g, තම්බා පොඩිකරගත් ගොරක පේස්ට් මේස හැඳි 1 1/2, ගම්මිරිස් කුඩු මේස හැඳි 2, කුරුඳු අඟලක්, කරදමුංගු 2ක්, කරාබු නැටි 3ක්, තෙල් මේස හැන්දක්, ලුණු අවශ්‍ය පමණ, කරපිංචා ඉති දෙකක්, රම්පෙ

ගොරකා, කරදමුංගු, කරාබු නැටි, කරපිංචා, තෙල්, ගම්මිරිස්, ලුණු සහ කුරුඳු පොතු සියල්ල එකට බ්ලෙන්ඩ් කරගන්න හෝ ගලේ අඹරාගන්න.
මාළු වලට දෙහි ඇඹුල් ටිකක්, ලුණු ටිකක් අතගා ගැඹුරු තෙලේ බැදගන්න. සාදාගත් මිශ්‍රණය මාළු වල දවටා විනාඩි 30ක් පමණ පැත්තකින් තියාගන්න. මැටි හට්ටියක අඩියේ රම්පේ කොළ අතුරාගන්න. මාළු මිශ්‍රණය ඒ මත අතුරාගෙන පියනකින් වසා ඉස්ම හිඳෙන තුරු අඩුම ගින්දරේ පිසගන්න.

  1. ෆිශ් කේක්

බැදල කන මාළුවට වෙනසක් එකතු කරන්න කැමති නම් මේ ෆිශ් කේක් එක හදල බලන්න. මේක බත් එක්ක විතරක් නෙවෙයි හවසකට ස්නැක් එහෙකටත්, සෙට් වෙන්න බයිට් එකටත් දෙක තුනටම නියමෙට ගැළපෙනව. ලොකු මාළු වගේම කටු ඉවත් කරල ගන්න පුළුවන් ඕනෙම මාළු වර්ගෙකින් මේක හදන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

තලපත් හෝ තෝර මාළු 500g, ලොකු අල ගෙඩි 2, පොඩිකරගත් පාස්ලි මේස හැඳි 2, බටර් මේස හැන්දක්, දෙහි යුශ මේස හැඳි 2, හොඳින් තලාගත් සුදුළූණු බික් දෙක තුනක්, සීන තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි 1/2ක් හෝ රස අනුව, පොඩිකරගත් පාස්ලි මේස හැන්දක්, ලුණු රස අනුව, පාන් කුඩු කප් 1/3

පොඩි බෝල් එකකට බටර්, දෙහි, සීනි, සුදුළූණු, ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කරගන්න. එයටම පාස්ලි ටිකත් එක් කර කලවම් කරගන්න.
මාළුවා හොඳින් සෝදා පිරිසිදු කර, තැනින් තැන දෙපැත්තේම පිහියෙන් වෙන් නොවන සේ ඉරි කපාගන්න. සාදාගත් සීසනින් එක මාළුවාගේ හොඳින් තවරා විනාඩි 30ක් පසෙකින් තබාගන්න.
විනාඩි 30කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා, තෙල් ඉසගත් බේකින් ට්‍රේ එකක තබා, සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරගන්න.

  1. කේරළ මීන් කරි

ටිකක් සැරට හදාගන්න මාළු කරියක්. මේක හදපු දාට වඩා පහුවදාට තමයි රසම.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමති මාළු වර්ගෙකින් 500g, මිරිස් කුඩු මේස හැඳි 1, කහ තේ හැඳි 1/2, කොත්තමල්ලි කුඩු මේස හැඳි 1/2, උළුහාල් කුඩු පින්ච් එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4, අබ ඇට තේ හැඳි 1/2, ළූණු ගෙඩි බාගයක්, තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැන්දක්, කරපිංචා ඉති 2, සියඹලා ඇට තුනක විතර ඉස්ම,ලුණු

මිරිස්, කහ, කොත්තමල්ලි, උළුහාල් සහ ගම්මිරිස් කුඩු එකට එක් කොට වතුර ස්වල්පයක් දමා ගුලියක් සාදාගෙන පැත්තකින් තියාගන්න.
මැටි හට්ටියක තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ඇට ටික දාල, අබ පුපුරන කොට ළූණු, ඉඟුරු, සුදුළූණු සහ කරපිංචා එකතු කරන් ළූණු ටික රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
දැන් කලින් හදාගත්තු පහේ ගුලිය එකතු කරන් අඩුම ගින්දරේ විනාඩි දෙක තුනක් හොඳින් මිශ්‍ර කරගන්න. වතුර කප් 1ක් එකහමාරක් පමණ එකතු කරගෙන එයටම සියඹලා සහ රස අනුව ලුණු එකතු කරගන්න.
ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වැඩි කරන් මේ හොද්ද උතුරවාගන්න. උතුරනකොට මාළු කෑලි ටික එකතු කරගන්න. මිශ්‍ර කරගෙන පියනකින් වසා පිසගන්න. මාළු තැම්බුනාට පස්සෙ පියන ඇරල හොද්ද උකු ගතියට එනකම් හින්දගන්න.

(උ. ගැ.)

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you