free page hit counter
Entertainmentඅපේ ක්‍රිකට් මුළු ලෝකයටම... Our brand of cricket to...

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

-

- Advertisment -spot_img

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ හැමෝම පිළිගත්තත් මේ රටේ මිනිස්සු ජාති, ආගම්, කුල, මල, භේද පැත්තකට දාලා නිශ්චිතවම එකමුතු කළේ අපේ ක්‍රිකට්.

1. ඇත්තටම මොකක්ද මේ අපේ ක්‍රිකට් කියන්නේ… 2. ක්‍රිකට් අපිට දැනෙන්නේ කොහොමද… 3. ක්‍රිකට් අපි විදින්නේ කොහොමද…4. අපේ ක්‍රිකට් එක ලෝකේම එක වුණේ කොහොමද… 5. අලුත් කණ්ඩායමක් එක්ක යළි නැගී සිටින අපේ ක්‍රිකට්… 6. LPL තුළින් අපේ ක්‍රිකට් මුළු ලෝකයටම…

ඇත්තටම මොකක්ද මේ අපේ ක්‍රිකට් කියන්නේ…


ඉස්කෝලේ යන පොඩි ළමයා ගෙවල් ඉස්සරහා පාරේ සෙල්ලම් කරන තැන ඉදලා, වැඩිහිටි ආච්චි සියා සාලේ මැද්දේ Tv එක ඉස්සරහා අපේ කොල්ලන්ට චියර් කරන තැනට එනකම් ක්‍රිකට් එක්ක අපිට තියෙන්නේ හරිම ලෙංගතු බැඳීමක්. ඒ හැඟීම අපිට ජිවිතේ වෙන කිසිම දෙයකින් ලබන්න බැරි සතුටක්, ඒ අව්‍යාජ සතුටෙන් ලොකු පොඩි අපි කොයි කවුරුත් ලබන්නේ පුදුමාකාර තෘප්තියක්. එංගලන්තේ සුදු මහත්වරු පටන් ගත්තු මහත්වරුන්ගේ ක්‍රීඩාව අපේ විදියකට අපිට දැනෙන්න ගත්තේ 96 ලෝක කුසලානේ අපි දින්නට පස්සේ. ඇත්තටම අපේ ක්‍රිකට් එක ලෝකේම එක වුණාට පස්සේ අපේ රටම ක්‍රිකට් රටක් වුණා.

ක්‍රිකට් අපිට දැනෙන්නේ කොහොමද…


ඇත්තටම ක්‍රිකට් අපිට ජිවිතේ වගේ, ආගමක් වගේ නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා. ඇත්තටම මේ රටේ ක්‍රිකට් නැති හිතක් නැති තරම්. අපි දින්නම කරේ තියන් යන, පැරදුනාම ගෙවල් බිදින ජාතියේ මිනිස්සු ඉන්න රටක් නෙවේ. ක්‍රිකට් ඒ තරම් අපේ රටේ මිනිස්සුන්ව සංවේදී කරලා තියෙනවා. අපි 96, සීමිත පන්දු වාර ලෝක කුසලානේ දින්නා, 2014 T20 ලෝක කුසලානේ දින්නා, හැබැයි අපි 2007, 2009, 2011, 2012 කියන අවරුදු හතරෙම ලෝක කුසලාන අවසන් මහා තරඟ 4ක් පැරදුනා. ඒ විදියට ජයග්‍රහණයේ සතුට සහ පරාජයේ වේදනාව කියන මේ දෙකමත් ක්‍රිකට් අපිට කියලා දුන්නා. ඒ නිසා ක්‍රිකට් පිටිය අපිට ගෙදර වගේ, අපේ ක්‍රීඩකයෝ අපිට පවුලේ අය වගේ.

අපේ ක්‍රිකට් අපි විදින්නේ කොහොමද…


ලෝකයේ වැඩිම විනෝදකාමි ප්‍රේක්ෂකාගාර ඇත්තේ අපේ රටේ බව මුළු ක්‍රිකට් ලොවම පිළිගන්න කාරණාවක්. ඇත්තටම ඒ තරම් ජවයක් පිටියට එන්නේ පපරේ සද්දෙට රැගුම්, ගැයුම්, නැටුම් එක්ක අපේ රටේ මිනිස්සු ක්‍රිකට් තරඟ විඳින විදිය එක්කයි. හයේ පාරක්, හතරේ පාරක්, විකට් එකක් ගියාම එන ගැම්මත් එක්ක නැගෙන මේ ජයඝෝෂාව අපේ ක්‍රීඩකයන්ට ලබාදෙන්නේ පුදුමාකාර දිරියක්. මේ රිද්මය, මේ දිරිගැන්වීම ලෝකේ මොන රටක ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ කරත්, එක විදියටම ලබාදෙන්නට තරම් අපේ රටේ ක්‍රිකට් ලෝලීන් සමත් වෙලා තියෙනවා. ඒ නිසාම අපේ රටේ ප්‍රේක්ෂකයන් ක්‍රිකට් පිටියට අලුත් ජීවයක් අරන් ඇවිත් හැම තරඟයකම, හැම මොහොතක්ම කාටත් වැඩියෙන් රසවිඳිනවා.

අපේ ක්‍රිකට් එක ලෝකේම ක්‍රිකට් එක වුණේ කොහොමද…


අපේ රටට සාඩම්බර ඉතිහාසයක් වගේම ඉන් අප රැකගෙන ආ සංස්කෘතියක් තියෙනවා. ඒ නිසාම අපේ රටට වගේම එහි ජීවත්වෙන අපටත්, අපේම කියන ආවේනිකත්වයක් තියෙනවා. ක්‍රිකට් පිටියටත් අපිට එය ආදේශ කරන්න පුළුවන් වුණා. ඒ එතෙක් එක්දින පිටියේ පැවති මන්දගාමී පිතිකරණ රටාව සම්පුර්ණයෙන් වෙනස් කරලා, සනා කලූ යුගලය බෝලෙට අත දිග ඇරලා දිගට හරහට පහර දෙන්න ගත්තට පස්සෙයි. ඊට පස්සේ ක්‍රිකට් ලෝකෙට හඳුන්වලා දුන්න සුද්දොත් අපෙන් අලුතෙන් ක්‍රිකට් ඉගෙන ගත්තා. SL Cricket brand එකක් වුණා. එදා අපිට හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයන්ට ඒ brand එක මුළු ලෝකේම අංක එකේ රදවන්නට පුළුවන් වුණා.

අලුත් කණ්ඩායමක් එක්ක යළි නැගී සිටින අපේ ක්‍රිකට්…


අපි මේ ගත කරන්නේ රටක් හැටියට පැති කීපයකින් යළි ගොඩ නැගෙන කාලයක්. අපේ ක්‍රිකට් කණ්ඩායමත් දැන් අලුත් ක්‍රීඩකයන් එක්ක ලෝකයේ නම දිනූ, අපේ ක්‍රිකට් brand එක නැවත ගොඩ නගමින් ඉන්නේ. අපේ ක්‍රිකට් ඉහළම තලයට ගේන්න හිටපු ක්‍රීඩකයෝ අවුරුදු ගණනාවක් වෙහෙස මහන්සි වුණා, ඒ නිසා මේ ක්‍රීඩකයන්ටත් යම්කිසි කාලයක් අරන් ආයෙම අපේ ක්‍රිකට් එක ඉහළටම ගෙන එයි කියන දේ තමයි අපේ විශ්වාසය. මේ දුෂ්කර කාලසීමාවේදීත්, 2022 ආසියානු ශුරයන් බවට පත්වෙලා, ඔවුනට එය කළ හැකි බව මේ තරුණ කණ්ඩායම අපූරුවට ඔප්පු කරලා පෙන්නුවා. මේ නවක කණ්ඩායම ආපහු අපේ ක්‍රිකට් එක ඉහළම තලයට ගේන්න ගන්න උත්සාහයට, අපේ දායකත්වයත් ඔවුන්ව දිරිමත් කරමින් ලබාදීමත් මෙහිදී සිදුවිය යුතුයි.

LPL තුළින් අපේ ක්‍රිකට් මුළු ලෝකයටම…


මේ වනවිට මුළු ලෝකයෙම වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ ක්‍රිකට් තරඟ රටාව ලෙස හැඳින්විය හැකිවන්නේ T20 තරඟ රටාවයි. කෙටි කාලයක් තුළ ඉතාම ජවසම්පන්න හා උද්වේගකර තරඟ රටාවකින් මෙම තරඟ සංයුතිය සැකසී තිබීම එයට හේතුවයි. අන්තර්ජාතික වශයෙන්ද, දේශීය තරඟාවලි තුළින්ද අපේ තරුණ ක්‍රීඩකයෝ මෙම T20 තරඟ රාටාවෙහි දක්ෂතා අතර සිටීම, අපේ ක්‍රිකට් අනාගතයට සුභදායි කාරණයකි. නමුත් මේ දක්ෂතාවයන් සියල්ලම ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකිවන්නේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් දේශීය පිටිය තුළදීම පැවැත්වීම තුළින්ය. මෙම කරුණ සාර්ථකව සපුරාගැනීම සඳහා දේශීය පිටියට ජාත්‍යන්තර තලයේ T20 තරඟමාලාවක අවශ්‍යතාවය තදින්ම දැනුණ යුගයක, 2020 වසරේදී LPL තරඟ මාලාව ඇරඹුණේය. එවකට පවතී ගෝලීය වසංගත තත්වය අතරතුර, ලොව කිසිම රටක ක්‍රීඩා තරඟ සංවිධානය නොවන ඉතාම දුෂ්කර වාතාවරණයක් යටතේ පැවතී එම පළමු තරඟාවලිය ලොව සියලු ක්‍රිකට් ලෝලීන්ට ආශ්වාදයක් ගෙන දුන්නේය.
දැන් වසර තුනකට පසුව වඩාත් සංවිධාත්මකව මේ එළඹෙන්නේ LPL තෙවන අදියරේ තරඟ කාල සමයයි. මෙවර වඩාත් සාර්ථක තරඟාවලියක් දැකබලා ගන්නට අප ක්‍රිකට් ලෝලීන් වඩාත් උත්සුක වන්නේ දේශීය ක්‍රිකට් පිටියට අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් වසන්තය නැවත උදාවෙන නිසාවෙනුයි. මුළු රටම ආවරණය වන පරිදි ප්‍රවීණ හා නවීන දක්ෂ දේශීය ක්‍රීඩකයන් සමඟින් ලෝක මට්ටමේ සුපිරිතම විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මෙවරද LPL 2022 තරඟාවලිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන්නේ Galle Gladiators, Colombo Stars, Dambulla Giants, Jaffna Kings, Kandy Warriors යන කණ්ඩායම් පහක සහභාගිත්වයෙන්. උද්යෝගකර තරඟ 27ක්, හම්බන්තොට මහින්ද රාජපක්ෂ, පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන්, කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රීඩාපිටි තුනකදී “එක්ව නැගිටිමු” යන තේමාවෙන් පැවැත්වෙන්නේ, දෙසැම්බර් 06 වැනිදා සිට 23 වැනිදා දක්වායි. දේශීය නවක ක්‍රීඩකයන් හට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම තම මව්බිමේදීම ලබාගත හැකි සුවිශේෂී අවස්ථාවක් ලෙසද LPL තරඟාවලිය අපට මෙහිදී හඳුන්වාදිය හැකිය. අපට අනන්‍යය වූ අපේ ක්‍රිකට් මුළු ලොව ඉදිරියේ නැවත බබළවන්නට, අපේ ක්‍රීඩකයන් හට හැකි උපරිමයෙන් ක්‍රීඩාංගණ වෙත ගොස් දිරිය ලබාදෙමු.

Latest news

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...
- Advertisement -spot_imgspot_img

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

සම්පූර්ණයෙන්ම නව තලයකට ගෙන ගිය නිර්මාණාත්මක දේවල් 8ක් මෙන්න.

නිර්මාණකරුවෙකුගේ කාර්යය පහසු නැත. සාමාන්‍ය යැයි පෙනෙන වස්තූන් තුළට නව ජීවයක් ලබා දී “මට මෙය ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍යයි!”...

Must read

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත්...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you