අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට ලබා දෙන සත්කාර අඩු හෙයින් නිරන්තරයෙන් තරුණියන්ගේ අත් යට කළු වීම දකින්නට ලැබෙනවා. සුන්දර පෙනුමක් සතු වුව අත්යට අඳුරු පෙනුමක් ගෙන ඇත්තේ නම් හැඩකාර, ලස්සන ඇඳුමක් අඳින්න බැරි වෙනවා. ඔබ රැකියාවක නිරත වන තරුණියක් නම් අලංකාර වූ ඇඳුම් අඳින්න සිද්ද වෙනවා.
හැබැයි ඔබේ අත් යට අඳුරු නම් නිරාවරණය වූ ඇඳුමක් අඳින්න බැරි වෙනවා. උත්සව අවස්ථාවක ලස්සනට යෑමේ අවස්ථාවක් ඔබට මෙමඟින් මඟ හැරී යන්න පුළුවන්. මුහුණ පමණක් නොවේ සුන්දර පැහැපත් ශරීරයක් පවත්වාගෙන යාමත් පංචකල්යානීයක් සතුයි. ඒ නිසා අපි අද කතා කරන්නේ සියලු තරුණියන් හට කල හැකි සරල පහසු ක්රම කීපයක්.
1.කෝමාරිකා සත්කාරය
රාත්රී නින්දට පෙර පිරිසිදු කර ගත් අත් යට කෝමාරිකා ජෙල් ආලේප කරන්න. ඉන්පසු උදෑසන හොඳින් සෝදා හරින්න.

2.යෝගට් සහ කහ සත්කාර

පිරිසිදු කප් එකක් අරගෙන එයට යෝගට් තේ හැඳි 02 ක් සහ කහ තේ හැන්ඳක් එකතු කරලා හොඳින් මිශ්ර කරගන්න. ඊට පස්සේ අත්යට ආලේප කරලා විනාඩි 20 කින් පමණ හොඳින් සෝදා හරින්න. අත්යට අඳුරු පැහැය නැති කීරීමට මෙන්ම ඳුඟද නැති කරන්නත් මෙය කදිම සත්කාරයක්.
3.අර්තාපල් සත්කාරය

පිරිසිදු කර ගත් අර්තාපල් ගෙඩියක් ගෙන එය පෙති කපා ගන්න. ඊට පස්සේ ඒ පෙති අත් යට විනාඩි 15ක් 20ක් පමණ වේලාවක් තබා සෝදා හරින්න. දිනපතා මෙම සත්කාරය කිරීමට හැකි නම් පැහැදිලි වෙනසක් දැක බලා ගන්න පුළුවන්.
4.බේකින් සෝඩා සත්කාරය

ජලය තිබෙන කප් එකක් ගෙන එයට බේකින් සෝඩා දාලා මිශ්ර කරගන්න. එම මිශ්රණය අත්යට ආලේප කර විනාඩි 10-15 ක් තබා මඳ උණුසුම් ජලයෙන් හොඳින් සෝදා හරින්න. මෙම සත්කාරයෙන් ඔබට ඉතා හොඳ ප්රතිඵල දැකගත හැක.





