කවුරුත් දන්න Pigmentation ලප ඔබේ සම අවලස්සන කරන්න බෙහෙවින්දායක වෙනවා. මේ ලප ඇති වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර පාරජම්බුල කිරණ, අධික අව් රශ්මියට නිරාවරණය වීම, නිදන්ගත වකුගඩු හා අක්මා රෝග, කුරුලෑ වලින් පසු බලපෑම්, ගැබ් ගැනීම, සමේ රෝග විටමින් අසමතුලිතතාවය සහ ආමාශගත රෝග ආදීය ප්‍රධාන තැනක් ගන්නවා. මේ නිසා Pigmentation ඇතිවීම වළක්වා ගන්න ටිකක් අපහසුයි. හැබැයි Pigmentation නිසා ඇතිවන මේ ලප කැලැල් ඉවත් කර ගන්න එක නම් ඔබට නිවසේදී වුනත් මේ ස්වාභාවික ක්‍රම මඟින් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද ඒ ක්‍රම ටික කියලා.
01. කෝමාරිකා
කෝමාරිකා කියන්නේ විශිෂ්ට මොයිස්චරයිසරයක් විතරක් නෙවේ පිළිස්සුම් සහ Pigmentation ලප සුව කරන ස්වාභාවික බෙහෙතක්. මේ කෝමාරිකා පත්‍රයේ යුෂ මිරිකා Pigmentation ලප ඇති ස්ථානයයේ ආලේප කර මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
02. ලෙමන්
Pigmentation ලප ඉවත් කරමින් ඔබේ සම පැහැපත් කර පිරිසිදු කර සහ විෂබීජහරණය කිරීමට ලෙමන් වලට පුළුවන්. මේ ලෙමන් යුෂ මුහුණේ ආලේප කිරීමට පෙර ඔබේ සම පැඟිරි වලට ආසාත්මිකතාවයක් හෝ සංවේදීතාවයක් නොමැති බවට ඔබ තහවුරු කර ගත යුතුයි. මේ ලෙමන් යුෂ මීපැණි සමඟ මිශ්‍ර කර මුහුණෙහි ගල්වා මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
03. සුදුළූණු
සුදුළූණු වල සමට අත්‍යවශ්‍ය සම පෝෂණය කරන තෙල් විශාල ප්‍රමාණයක් අඩංගු වන නිසා ඔබේ සමේ ලප කැලැල් ඉවත් කර පැහැපත් කිරීම සිදු කරයි. ඉතින් සුදුළූණු ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර තලා ඔබේ මුහුණේ අතුල්ලන්න. ඉන්පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
04. රතු ලූණු
අප ආහාරයට ගන්නා රතු ලූණු වල වල සල්ෆර් සහ විටමින් C අඩංගු වන නිසා ඒ තුළින් Pigmentation ලප ඉවත් කිරීමටත් සමේ රැළි ඉවත් කිරීමටත් කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමටත් පුළුවන්. ඉතින් රතු ළූණු ගෙඩියක් ගෙන එහි යුෂ මුහුණේ Pigmentation ලප ඇති තැන්වල ආලේප කර මිනිත්තු 10 කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
05. ඇපල් සයිඩර් විනාකිරි
Pigmentation ලප ඉවත් කර සම පැහැපත් හා සිනිඳු කිරීමට ඇපල් සයිඩර් විනාකිරි වලට පුළුවන්. ඇපල් සයිඩර් විනාකිරි Pigmentation ලප ඇති තැන් වල ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
06. කහ
කහ ස්වල්පයක් සමඟ ස්වාභාවික තැඹිලි යුෂ මිශ්‍ර කර මද රස්සේ දැනෙන තරමට රත් කර Pigmentation ලප ඇති තැන් වල ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
07. යෝගට්
ලැක්ටික් අම්ලය යෝගට් වල අඩංගුව පවතින නිසා ඒ තුළින් සම අලුත් කිරීම, විෂබීජහරණය කිරීම සහ Pigmentation ලප ඉවත් කිරීම සිදු කරයි. යෝගට් Pigmentation ලප මත ගල්වා විනාඩි 20 ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.