
කහ කියන්නේ බොහොම වටිනා ඖෂධයක්. සොයා ගන්න ටිකක් අපහසු වුනත් මේ තුළින් ලබා ගන්න පුළුවන් වාසී බෝමයි. සාමාන්‍යයෙන් සමේ ලප කැළැල් මකා දමා නැවත යථා තත්වයට පත්කර ගැනීමටත් කහ භාවිතා කරන්න කියලා තමා ආයුර්වේදයේ කියන්නේ. ඒ නිසා කහ යෙදු මාස්ක් එකක් මගින් සමෙහි කුණු දුවිලි ඉවත් කර, මැරුණු සම ඉවත් කර, සමෙහි ph අගය සමබර කර ගනිමින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් අප සමට යොදනු ලබන ඕනෑම පැක් එකක් මගින් විනාඩි 20ක් වගේ කාලයකදී එහි අඩංගු වන සියලූම පෝෂක කොටස් සමට උරා ගන්නවා. ඒ තුළින් සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. සම එකිනෙකාට වෙනස් නිසා තමන්ට ගැළපෙන විදියේ මාස්ක් එකක් හදාගන්න ඹ්න. ඉතින් අපි බලමු රූප රැජිනියන් පවා ආලේප කරපු මේ පැක් එක හදාගන්නේ කෝමද කියලා.

කහ මේස හැන්ඳක් කඩල පිටි මේස හැන්ඳක් එකට ගෙන වතුර ස්වල්පයක්ද දමා හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු එය බෙල්ලේ සහ මුහුණේ හොඳින් තවරා සම්බාහනය කර ගන්න ඹ්න. ඉන්පසු විනාඩි 2ක් පමණ තබා හොඳින් පිරිසිදු වතුරෙන් සෝදා හරින්න ඹ්න. තමන්ට තියෙන්නේ තෙල් සහිත සමක් නම් කොත්තමල්ලි කුඩු ස්වල්පයක් හෝ දෙහි බින්දු කීපයක්

එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය සමක් නම් රෝස කුඩු ටිකක් එකතු කර ගන්න. එයින් වඩා හොඳ බැබලිමක් ලබා ගන්න පුළුවන්. සාමන්‍යයෙන් කහ යෙදීමෙන් පසුව සමේ ඉතිරි වන කහ පැහැය ඉවත් කර ගන්න ඕනි නිසා නෑමට කලින් මේ සත්කාරය කර ගන්නවා නම් වඩාත් හොඳයි.






