free page hit counter
ජීවිතයට වැදගත්ඔබ ඕනම දෙයක් පිළිබදව ඕනවට වඩා හිතනව ද? එහෙනම්...

ඔබ ඕනම දෙයක් පිළිබදව ඕනවට වඩා හිතනව ද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න

-

- Advertisment -spot_img

ඔබේ සිතට එකඟව යහපත් කියා සිතෙන කිසිවක් පිළිබඳව අනිත් අය මොනවා හිතයිද, මේ දෙයින් චරිතයට ඉන් කැළලක් වෙයිද, වගේ ඔබ නිරන්තරව සිතමින් කල් ගත කරනවා නම් පමණට වඩා කල්පනා කිරීම නවතා එය ක්‍රියාවට නැගීම වැදගත් වෙනවා.

උදාහරණයක් විධියට, ඔබ පදිංචිය මාරු කිරීමට අදහස් කරනවා කියලා හිතමු. එය ඔබට එක් වරම කරන්නට බැහැ, ඉතින් ඔබ ටිකක් නිදහසේ වාඩි වෙලා කල්පනා කරන්නට පටන් ගන්නවා. අන්තිමට දවස් දෙක තුනකින් බලද්දීත් ඔබේ නිවෙස් ලිපිනය වන්නේ ඔබ හිඳගත් අසුන තිබෙන පැරණි නිවසේමයි. ඒ නිසා මෙහෙම සිතමින් ඉන්නවා වෙනුවට, ඔබට කරන්නට ඇති දේවල් ලයිස්තුගත කරන්න. එම ප්‍රදේශයේ ඇති නිවාසවල මිල ගණන්, ඒ නව පරිසරයේදී ඔබට රැකියාව මාරු කරන්නට වෙනවා නම් ඒ බව, දරුවන්ගේ පාසල් මාරු කරන්නට ගතයුතු පියවර වැනි දේවල් ඒ අතර තිබෙන්නට පුළුවන්.
දැන් ඒ කළ යුතු දේවල් වලට ආර්ථිකමය සැලසුමක් එක්ක කාලරාමුවක් යොදන්න. එමඟින් ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව හොඳ සැලසුමක් ඉබේ ම ලැබේවි.

පමණට වඩා කල්පනා කිරීම සඳහා අවධානය වෙනස් කරගන්න
දැන් මේ වගේ ඔබට කරන්නට දෙයක් නැති අවස්ථාවක් ගැන හිතමු. ඒ කියන්නෙ, ඔබ අතීතයේදී කරපු දෙයක් නිසා දැන් ඊට කරන්නට පිළියමක් නැහැ කියලා ඔබට තේරෙනවා. සිරිත් මල්දමේ කවියකත් තියෙනවානෙ “වැඩක නොයෙදූ සිත – නරක අතටම පෙරළෙත” කියලා. ඒ හින්දා පරණ දේවල් ගැන හිත හිත ඉන්නවාට වඩා කිසියම් වැඩක යෙදීම අඩුගානේ භෞතික වශයෙන් හෝ ඔබව ඉදිරියට ගෙනයනවා, එහෙම නේද?
මේ වෙනුවෙන් ඔබ කරන්නට කැමති කුමක් හෝ විනෝදාංශයක, කාර්යාලීය කටයුත්තක, නිර්මාණකරණයක වැනි හාත්පසින් වෙනස් දෙයක යෙදෙන්න. නැත්නම්, අළුතෙන් දෙයක් ඉගෙන ගන්න. ශරීරයට ව්‍යායාම් ලැබෙන කටයුත්තක් නම් වඩාත් හොඳයි. ඉන් ගත වෙහෙසෙන නිසා ඔබ වැඩි වැඩියෙන් හුස්ම ගන්නා අතරේ ම රුධිර සංසරණයත් හොඳින් සිදුවෙනවා. මෙමඟින් දුක, පසුතැවීම ඇතිකිරීමට බලපාන හෝමෝන නිපදවීම අවමව ගොසින් ඔබට නව ජවයක් ලැබුණු හැඟීමක් ඇතිවේවි. එහෙම දේ කරන්න අපහසු අවස්ථාවක නම් හාස්‍යජනක ටීවී සීරීස් එකක් හෝ චිත්‍රපටයක් බලන්න. මේවා නිසා සිනහ ඇතිවීමෙන් මුහුණේ පේශි සිනහව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එයත් දුක්ඛදායී හෝමෝන වියැකී යාමට හේතුවක් වෙනවා. කල්පනාකාරී විය යුත්තේ, ඔබ කරන්නට තෝරා ගන්නා කටයුත්ත නිසා තව තවත් ඔබේ ගැටළුව සිහි වන ආකාරයේ දෙයක් නොකිරීමට වග බලා ගැනීමටයි. මොකද නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ.

මේ ගැන කථා කරන එක නවත්වන්න

“ප්‍රශ්ණයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න” කිව්වාම ඒ ගැන කථා කරලා හිත නිදහස් කරගන්න එක හොඳ පුරුද්දක්. හැබැයි ඔහොම අවස්ථාව දෙන හැමෝටම තියෙන ප්‍රශ්ණ කියන්න ගියොත් වෙන්නේ ගෙයි ගිනි පිටට දීලා තව ප්‍රශ්ණ වැඩි කරගන්න වෙන එක විතරයි. ඊටත් වඩා, හැමෝගෙන්ම උපදෙස් ගන්න ගියාම වෙන්නේ අර “බූරුවා, පුතා සහ පියා” කථාවෙ වගේ ඒ හැම එකක් ගැන ම හිතන්න ගිහින් ඔබ තවත් වැටෙනවා.

ඒ කියන්නෙ ඔබට අත්හදා බලන්නට ලැබෙන විකල්ප සංඛ්‍යාව වැඩි වුණා ම ඒක කරනවා ද මේක කරනවා ද එහෙම කළොත් මොනවගේ දෙයක් වෙයි ද වගේ හිතන්නට සිද්ධ වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. සමහරවිට එක් කෙනෙක් ලබා දීපු විකල්පයකට තවත් කෙනෙක් දීපු විකල්පයක් හාත්පසින් පරස්පර වෙන්නට පුළුවන්. එතකොට ඔබ තවත් අවුලකට පත්වෙනවා.
ඒ නිසා ඔබේ ප්‍රශ්ණයක් කිව හැකි එක් විශ්වාසවන්ත සහ දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයෙක් තෝරාගන්න. ඒ ඔබේ දෙමාපියන්, ළඟ හිතවතෙක්, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ වෙන්නට පුළුවන්. හොද මානසික වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. එය අවස්ථානුකූලව, බුද්ධිමත්ව තෝරා ගත යුතුයි. නිතර සාර්ථක චරිත කථා ආදිය කියවනවා නම් ඔබට ඒ අයගේ ජීවිත වලින් බොහෝ දේවල් ඉගෙනගන්නට පුළුවන් වේවි. එයින් ප්‍රශ්ණවලට මුහුණ දෙන හැටි ගැන අත්දැකීම් සමුදායක් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවා වගේම ඕනෑම දෙයකට සවිමත්ව මුහුණ දීමේ ශක්තියක් ලැබෙනවා.
අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඉතින් මේ දැන් උදාවෙලා තිබෙන මොහොත අපි නිවැරදිව ලිව්වොත් ඒක අතීතයට රන් අකුරෙන් එක්වේවි. ඉන් අනාගතයත් බැබලේවි. එතකොට නම් ශීත සෘතුව මධ්‍යයේ වුණත් වසන්තය ගෙන්වාගන්න පුළුවන් අනිවාර්යයි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you