free page hit counter
ලස්සන වෙන්න රහස්ඔබ සුදු වෙන්න ආසාවෙන්ද ඉන්නේ? එහෙනම් මේ රහස් ටික...

ඔබ සුදු වෙන්න ආසාවෙන්ද ඉන්නේ? එහෙනම් මේ රහස් ටික ඔබ වෙනුවෙන්මයි

-

- Advertisment -spot_img

සුදු වීමේ රහස් ගැන දැනගන්න කලින් අපි සම පිළිබද චුට්ටක් කතා කරමු. සම කියන්නේ අපේ සිරුරේ විශාලතම අවයවය කියලා ඔබ දන්නවාද? අපේ සිරුරේ අවලස්සන ඉන්ද්‍රියයන් වසා දමමින් සිරුරට සුන්දරත්වයක් එක්කරන්නේ සමයි. අතීතයේ සිටම රූපලාවන්‍යයේදී සමට ලැබුනේ සුවිශේෂී ස්ථානයක්, ඒ නිසා සම පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සැලකුම් ලබනවා.

මිනිසුන්ගේ සම විවිධ වර්ණයෙන් යුක්ත වෙනවා. ඔවුන්ට උරුම වු සමේ වර්ණය තුල ඔවුන්ටම අනන්‍ය වු ලස්සනක් ඇති බව අමතක නොකරන්න. සම පැහැපත් කර ගැනීම අප කාගේත් හීනය වුවත් ලප කැළැල් වලින් තොර නීරෝගී සමක් මුහුණට එක්කරන්නේ ප්‍රියමනාප බවකි.සම සුදු කරගන්න, පැහැපත් කර ගන්න, වෙන්න අතීතයේ ඉදලාම කාන්තාවන් බොහොම උනන්දුයි.සමෙහි වර්ණය ලබා දෙන්නේ මෙලනින් නම් වර්ණකයයි. මෙලනීන් සමෙහි අපිචර්මයේ නිපදවෙන අතර එය වැඩි නම් සම අදුරු පැහෑයක්ද එය අඩු නම් සම පැහැපත් බවක්ද ගන්නවා.

මේ රූපලාවන්‍ය රහස් ටික ඔබට කියන්න අප හා අද සම්බන්ධ වුනේ ආයූර්වේදිය සත්කාර සදහා සුවිශේෂී වු තලවතුගොඩ ලුනර් ලේඩි හෙයාර් බියුටි බ්‍රරයිඩල් සැලුන්හි අධිපතිනිය, රූපලාවන්‍ය ශිල්පිනි ශෂි සියඹලාපිටිය මහත්මියයි.

සුදු වීමේ රහස්: සමේ විවිධ ස්වරූපඅපි හැමෝගෙම සම එක වගේ නැහැ . ඒ වගේම සමේ ස්වරූප කිහිපයක් තියෙනවා.

සුදු වීමේ රහස්: සමේ ප්‍රධාන වර්ග 04 කි.සාමාන්‍ය සමඅධික තෙල් ගතියක් නොමැති , වියළි ගතියක්ද නොමැති, සුසිනිදු, ලප කැළල් වලින් තොර පැහැපත් සම සාමාන්‍ය සමයි.තෙල් සහිත සමමුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) අධික තෙල් සහිත නම්, සමහර විට සමේ කුරුළෑ තිබේනම් ඒ තෙල් සහිත සමයි.වියළි සමසම අභ්‍යන්තරයේ තෙල් නිෂ්පාදනය අඩුනම්, තෙතමනයෙන් තොර, කසන සුළු හා ඉරිතැලුන සම වියළි සමයි.මිශ්‍ර සමමුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය) තෙල් සහිත නම්, මුහුණේ අනෙකුත් ස්ථාන වියලි නම් එය මිශ්‍ර සමයි.මීට අමතරව සම අනු කොටස් කිහිපයකට බෙදෙනවා.

වියපත් සමසංවේදී සම

අදුරු / අවපැහැ සම

සුදු වීමේ රහස්: සම හදුනාගැනීමසාමාන්‍ය සමක්ව හදුනාගන්න ගැටළුවක් නැහැනේ. ඒත් ඔබේ සම සාමාන්‍ය ‌‌නොවේ නම් ඔබේ සම ‌මොන වගේද? මේක සරල පරීක්ෂණයක්, ඔබට අවශ්‍ය වෙන්නේ ටිෂු එකක් විතරයි. උදේ නැගිට්ට ගමන් සම හොඳින් පිරිසිදු කරන්න. පැයකට පසු ටිෂු එකක් මුහුණ මත සම්පුර්ණය‌ෙන්ම විනාඩි 2 ක් අතුරා තබා ඉවත් කරන්න.තෙල් සහිත සම – ටිෂු පේපර් එකේ තෙල් දකින්න පුළුවන්.වියළි සම – ටිෂු පේපර් එක වියලියි.

මිශ්‍ර සම-  මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ මුඛය වටා ප්‍රදේශය)  තෙල් සහිතයි.සෑම විටම සමේ PH අගය සමානුපාතික වෙන ලෙස නිරෝගිව පවත්වා ගෙන යෑමට අප වග බලාගත යුතුයි.දින 7 න් සුදුවෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය වලින් තොර නිරෝගිමත්, ආකර්ෂණීය සමක් ඔබටත් අවැසියි නේද?  ඔන්න එහෙනම් සමේ PH අගය නිසි අගයක පවත්වාගනිමින් ඔබේ සමේ වර්ණය පැහැපත් කර ගත හැකි පහසු සත්කාර  කිහිපයක්.

සුදු වීමේ රහස්: සාමාන්‍යයෙන් අපි සමට කරන ප්‍රධාන සත්කාර  කිහිපයක් තියෙනවා.

1.සම පිරිසිදු කිරීම.

ඔබේ සමේ රැදෙන දුහුවිලි, අපද්‍රව්‍ය සම අවර්ණ කරන අතර සමේ විවිධ තත්වයන් ඇති කරනවා. ඒ නිසා මුලින්ම සම පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා.  සම පිරිසිදු කිරිමේදී සබන් භාවිතා කරන්න එපා.ඒ සදහා වු ස්වභාවික සත්කාර කිහිපයක්  බලමු.සාමාන්‍ය සමටනැවුම් කිරි පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.තෙල් සහිත සමටකඩල පිටි, කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.වියළි සමබිත්තර කහමද, මී පැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.මිශ්‍ර සමපිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

2.ස්ක්‍රබ් කිරීම

ඔබේ සමේ සෛල මිය යන බව ඔබ දැන සිටියාද? එසේ මිය යන සෛල සමේ එකතු වෙමින් තට්ටු ලෙස තැම්පත් වෙනවා. ඒ නිසා ඒ මඟින් සමග අව පැහැයක් මෙන්ම අවලස්සනක් එකතු වෙනවා. ඒවා ඉවත් කිරීම ස්ක්‍රබ් කිරීමයි.මිශ්‍ර සමට හා තෙල් සහිත සමටහාල්පිටි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි එකක් දෙහි  බිංදු කිහිපයක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.වියළි සමටකෙසෙල් ගෙඩි 1/2 ක්, ඕට්ස් තේ හැදි 2 ක් මී පැණි තේ හැදි 1ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.සාමාන්‍ය සමටසුදු හදුන් තේ හැදි 1 ක්, වෙනිවැල් ගැට තේ හැදි 1 ක්, මී පැණි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි 2 ක් මිශ්‍ර කර ආලේප කරන්න. ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

3.ටෝනර් කිරීම

ටෝනර් මඟින් මුහුණේ රෝම කූප වැසීමක් සිදු වන්නේ නැහැ. මෙය විෂබීජ නාශකයක්ද වෙනවා.පිපිඤ්ඤා යුෂ හා මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න.පිපිඤ්ඤා යුෂ, කැරට් යුෂ, මින්චි යුෂ, ලෙමන් යුෂ එකට යොදා ආලේප කරන්න. මීපැණි, ලෙමන් යුෂ හා රෝස වතුර මිශ්‍ර කර ආලේප කරන්න. කෝමාරිකා, පිපිඤ්ඤා, කොමඩු හෝ කැරට් යුෂ වලට ලෙමන් බිංදු 08 ක් එක්කර ටෝනර් එකක්  සකස් කර ගන්න පුළුවන්.

4. සම සුදු කිරීමට ෆේස් පැක් එකක්අල් ආලේප කිරීම

පළමු පැක් එකතම්බාගත් අර්තාපල් ගෙඩි 01දෙහි ඉෂ්මමී කිරි හෝ යෝගට්මීපැණිඑකට මිශ්‍ර කර ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. මෙම සත්කාරය සතියකට දින තුනක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉන්පසු සෝදා ඉවත් කරන්න.ද‌ෙවන පැක් එකඅල ගෙඩියකින් භාගයක් තම්බා ගන්න. අනෙක් භාගේ බෙලෙන්ඩ් කර ඊට රෝසවතුර එක් කර ගන්න.කස්තුරි කහ මේස හැදි 01සුදු හදුන් මේස හැදි 01සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.තුන් වන පැක් එකලප කැලල් මකා දමා කුරුළෑ පාලනය කර සම සුදු කිරීමට:කෝමාරිකා ජෙල් (මද) තේ හැදි 02සුදු හදුන් තේ හැදි 01දෙහි යුෂ තේ හැදි 01සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.හතර වන පැක් එකඩබල් බොයිල් කර ගත් වැස්ලීන් මේස හැදි 01ශීත ජලය මේස හැදි 02කිරි මේස හැදි  01දෙහි යුෂ මේස හැදි 01සියල්ල මිශ්‍ර කර සමට  ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න. ඉන්පසු සෝදා ඉවත්කරන්න.අමතර සත්කාරසුදු හඳුන් ඇල් දියෙන් ගලගා සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .කොකුම් පොතු, වැල්මී, වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම සුදු  වෙනවා .අමුකහ , කොහොඹ කොල අඹරා මිශ්‍රණය සමේ ආලේප කර මිනිත්තු තිහක්  පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න .තවද සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීම තුලින් PH අගය සමතුලිත වී සම වඩාත් පැහැපත් කිරීමට සමට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් පෝෂණය ලබා දිය යුතු වෙනවා.

සුදු වීමේ රහස්:

ඔබේ සමට දිය හැකි පෝෂණය හා අමතර  සත්කාරදිනකට පිරිසිදු ජලය වීදුරු 08 ක් පානය කරන්න.කෘතිම සහ ක්ෂණික ආහාර පාන, පැණි රස දෑ, තෙල් සහිත දේවල් අඩු කරන්න.කොමඩු, දොඩම්, දෙහි,තක්කාලි යුෂ, මිදි වැනි ජලය අඩංගු ආහාර නිතර ආහාරයට ගන්න.රතු, කහ පැහැ එළවළු, පළතුරු නිතර ආහාරයට එක් කර ගන්න. එහි විටමින් ඒ බහුලයි.බිත්තර, මුහුදු මාළු, ඇට වර්ග වැනි විටමින් B 2 අඩංගු ආහාර ලබාගන්න. මේ ආහාර ඔබේ සමේ කොලජන් ප්‍රතිශතය වැඩි කරන අතර සම වඩාත් පැහැපත් වෙනවා.නිසි මානසික සුවය පවත්වා ගෙන සතුටින් ඉන්න.ව්‍යායාම කරන්න.දිනකට පැය හයකවත් සුව නින්දක් ලබාගන්න.නිතර නාන්න. පිරිසිදුව ඉන්න.හිරු එලියට යන විට සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.ඔබේ සම නිසි ලෙස ආරක්ෂා කරමින් , පෝෂණය කරමින් රැක බලා ගන්නේ නම් සුදු වීමට වෙනත් රහස් අවශ්‍ය වන්නේ නැහැ . කෘතිම ප්‍රතිකාර ,ආලේපන, එන්නත්, පෙති වලින් අතුරු ආබාධ ලඟා කර ගන්නවාට වඩා ස්වභාව දහමට ලං වී එහි විශ්මිත රූ රහස් අත් විදින්න.

රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ වසර 11ක අත් දැකීම් ඇති ශෂි සියඹලාපිටිය මහත්මිය දෙස් විදෙස් පුහුණුව ලබා ඇත. විශේෂයෙන් ආයූරුවේදිය සත්කාර සදහා ඇය සුවිශේෂීයි. සියලුම රූපලාවන්‍ය කටයුතු ලබා දෙන ඇයගේ තලවතුගොඩ පිහිටා ඇති රූපලාවන්‍යාගාරය ” YOU ARE SAFE IN MY SALON ” සහතිකය සහිතයි.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you