අපි ලස්සන වෙන්න කියලා බලාපොරොත්තුවෙන් විවිධ රූපලාවණ්‍ය නිශ්පාදනයන් එදිනෙදා ජීවිතේ දී භාවිතා කරනවා. අද අප මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ අපට සුදුසුම ආලේපය තෝරා ගන්නේ කොහොමද යන්න පිළිබදවයි.
ඇයි අපි රූපලාවණ්‍ය නිශ්පාදන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ?
යම් ආලේපයක් තෝරා ගැනීමේදී තමන්ගේ සමෙහි ස්වභාවය ගැන අවබෝදයක් තිබීම අනිවාර්යයි. ඒ වගේම තමන්ට කිසියම් ආලේපයක් අවශ්‍ය වන්නේ ඇයි කියලත් ඔබ දැන ගන්න ඕනා. ඒ වගේම ඔබ භාවිතා කරන්න බලාපොරොත්තු වෙන නිශ්පාදන වල ගුණාත්මක භාවය ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනි. නැත්නම් ලැබෙන ප්‍රතිපලය නරක වන්නට පුලුවන්.

මොනාද ආලේපන වල අන්තර්ගත වෙලා තියෙන්නෙ?
ආලේපන බොහොමයක්ම කෘතිමව නිශ්පාදනය කරන නිසා රසායනික ද්‍රව්‍ය වලින් පිරිලා තියෙන්නෙ. එහෙත් බොහෝ දෙනෙක් ඒ ගැන සැලකිලිමත් නැහැ. මේ ද්‍රව්‍ය අතර ලැනොලින්, පෙට්ට්‍රෝලියම් ජෙලි, පැරෆින් ඉටි, ඛණිජ වර්ග, සල්ෆේට්, phynoxiethanol , රසදිය, විවිධ රසායනික දව්‍ය සහ විටමින් වර්ගද භාවිතා වනවා. ඒ වගේම සමහර ශාක කොටස් ද භාවිතා වෙනවා. ඇරෝමා කියන්නෙ ඒ වගේ සම්පූර්නයෙන්ම ශාක සාර වලින් නිශ්පාදනය වන ආලේපනයක්. මේ නිසා මින් තමන්ගේ සමට ඇතිවන හිතකර අහිතකර තත්වයන් ගැන ආලේපනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම අවුරුදු 18 අඩු අයට විවිධ ආලේපන අවශ්‍ය වන්නේ නැහැ. ඒ අයට හොද ෆේස් වොශ් එකක් හෝ ක්ලෙන්සර් එකක්, සමේ ස්වභාවය අනුව මොයිස්චරයිසර් එකක්, සන්ක්‍රීම් එකක් හා ලිප්බාම් එකක් පමණක් භාවිතා කැමතිනම් භාවිතා කිරීම ප්‍රමාණවත්. අනවශ්‍ය පරිදි ආලේපන භාවිතය නිසා සම එල්ලා වැටීම, අව පැහැ වීම, ආසාදන මතුවීම වැනි තත්වයන් ඇති වීමට හැකියි.
සමට අනුව ආලේපන තෝරා ගැනීමේදී
- වියලි සමට
වියලි සමක් ඇති අයෙක් නිරතුරුවම තෝරාගත යුතු වන්නේ ක්‍රීම් බේස් නිශ්පාදන වර්ගයි. ඒ වගේම මෙයාලට Normal To Dry සම සදහා නිර්දේශ කරන ලද නිශ්පාදන භාවිතා කිරීමට පුලුවන්. - සාමන්‍ය හෝ මිශ්‍ර සමට
ලික්විඩ් හෝ ක්‍රීම් බේස් ආලේපන මෙවැනි සමක් ඇති අයට වඩාත්ම සුදුසුයි. මෙයාලට Normal To Combination Skin එකට එන නිශ්පාදන භාවිතා කරන්න පුලුවන්. - තෙල් සහිත සමට
මෙවැනි සමක් අයට සුදුසු වන්නේ වෝටර් බේස් සහ ජෙල් ෆේස් ආලේපන වර්ගයි. ඒ වගේම Normal To Oily ස්කින් ලෙස ඇති නිශ්පාදන භාවිතා කිරීම වඩාත් සුදුසු වෙන්නෙ. - කුරුලෑ හෝ වෙනත් රෝග ඇති සමට
මෙවැනි ආසාදන තිබෙන අය වෛද්‍ය හෝ රූපලාවන්‍ය ශිල්පී උපදෙස් මත ආලේපන තෝරාගැනීම තමා වඩාත්ම සුදුසු වෙනවා.
උපදෙස් පිලිපදින්න.
සෑම නිශ්පාදනයක් සමගම නිශ්පාදකයා උපදෙස් මාලාවක් නිකුත් කරනවා. ඉතින් ඒත් බොහෝ දෙනෙක් එම උපදෙස් මාලාව කියවන්නේ නැහැ. ඒම නිසා මුලින්ම කලයුත්තේ ඒ උපදෙස් මාලාව කියවීමයි. නොමැතිනම් එම ආලේපනයෙන් ඔබ අපේක්ශා කරන උසස් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වේවි. ඒ වගේම ඔබ භාවිතා කරන රූපලාවණ්‍ය නිශ්පාදන නිසි පරිදි ගබඩා කර තැබීමත්, කල් ඉකුත් වෙන දිනයක් ගැන කල්පනාවෙන් සිටීමත්, කාමර උශ්ණත්වයේ තැබීමත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය නිශ්පාදන භාවිතයට කලින් ඔබගේ දෑත් පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.