කුරුලෑ වලට විසදුමක්, කෝමාරිකා වලින් අයිස් කියුබ් සාදාගෙන ඔබට කුරුලෑ වලින් නිදහස් විය හැකියි.

කෝමාරිකා අයිස් කියුබ් වල ගුණ
*කුරුලෑ / බිබිලි අවම කිරිම
*Bleaching ආසාදන සුවපත්
කිරිම
*මුහුණ නැවුම්ව තැබිම
*මුහුණේ විඩාපත් බව දුරු කිරීම
කෝමාරිකා අයිස් කියුබ් සාදන ආකාරය
කෝමාරිකා කැබැල්ලක් ගෙන මදය සුරා ගන්න. සුරාගත් මදයට වතුර ස්වල්පයක් මිශ්රකර බිලෙන්ඩර් කරන්න .එය අයිස් කියුබ් tray එකකට දමා අධි ශිතකරණයේ තබා අයිස් කියුබ් සාදා ගන්න.

කොමරිකා අයිස් කියුබ් භාවිතා කරන ආකාරය
මුහුන සමාන්ය වතුරෙන් පිරිසිදු කරගන්න.පිරිසිදු කරගත් මුහුණ මත කෝමාරිකා අයිස් කියුබ් එකක් ගෙන කවාකාරව තවරන්න.
අයිස් කියුබ් ප්රතිකාරය කළ යුත්තේ උදේ සහ දවල් කාලයේ පමණි. අයිස් කියුබ් ප්රතිකාරය කළ විගස මුහුණ සේදීමෙන් වලකින්න. පැයක් විතර ඉදලා සමාන්ය වතුරෙන් මුහුණ සෝදා හරින්න. (සබන්/ෆේශ් වොශ් එදින භාවිතා කරන්න එපා)

ඉතා යහපත් ප්රතිඵල ලබා ගැනීමට බොහොම ඉවසීමෙන් මාස තුනක් පමණ කරන්න. ඔබට විශ්මයජනක ප්රතිපල ලැබෙනු ඇත.





